‘‘චීනයට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරනවා‘‘ මහ බැංකු අධිපති නන්දලාල් ❤️❤️❤️👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    image_ce1f705ecd.jpg


    (විමුක්ති එස් රුද්‍රිගු)

    ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස 2 ක කාලය තුළ සියයට 70 සීමාවට ළඟා වනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන්.බී.සී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

    එසේ ඉහළ යන උද්ධමනය සැප්තැම්බර් මාසය වන විට මධ්‍යස්ථ මට්ටමකට එනු ඇතැයි වීරසිංහ මහතා පැවසුවේය.
    චීනය ශ්‍රී ලංකාව ණය උගුලකට හසු කර ඇතැයි පළවන වාර්තා වීරසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය
    බලශක්ති නිෂ්පාදනවල මිල ගණන් වෙනස්වීම මත පදනම්ව ඉදිරි මාස දෙක සඳහා උද්ධමනය ගණනය කළ බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක් ලබා ගැනීම සඳහා සුදුසුකම් තිබෙන බවත් එය මාස 3 ක කාලයකදී කොටස් වශයෙන් ලැබෙනු ඇති බවත් සී.එන්.බී.සී නාලිකාවේ ස්ට්‍රීට් සයින්ස් වැඩසටහනට සහභාගී වෙමින් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
    විස්තීරණ අරමුදල් පහසුකම යනු ගෙවුම් ශේෂ හිඟය ඇති රටවලට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්මාණය කර ඇති පහසුකමකි.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් ලබා දීම ආරම්භ කළ පසු ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන මුදලට අමතරව තවත් ඩොලර් බිලියන 4 මුදලක් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇතැයි වීරසිංහ මහතා පැවසුවේය.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් ඔබ්බට යාමට බලධාරීන් මෙය අවස්ථාවක් කරගත යුතු බව වීරසිංහ මහතා පැවසුවේය. වත්මන් ආර්ථික අර්බුදයේ මූලික හේතුව දශක ගනනාවක මූල්‍ය අවභාවිතය බව ඔහු පැවසීය.
    නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට හැකි වෙතැයි වීරසිංහ මහතා සුභවාදීව සිතන බව සී.එන්.බී.සී නාලිකාව සඳහන් කළේය.



    ලංකාදීප
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    😂😂😂 නන්දලාල් කපටියා චීනගේ ඔලුව අතගානවා ණය ප්‍රතිව්‍යුහගත කරගන්න. ගොඩක් දේශපාලුවොන්ට වඩා මූට හොද මොලයක් තියෙනවා ඔලුව අතගාල වැඩේ කරගන්න. 👍👍👍👍
     
    • Haha
    Reactions: gayan.w

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    😂😂😂 නන්දලාල් කපටියා චීනගේ ඔලුව අතගානවා ණය ප්‍රතිව්‍යුහගත කරගන්න. ගොඩක් දේශපාලුවොන්ට වඩා මූට හොද මොලයක් තියෙනවා ඔලුව අතගාල වැඩේ කරගන්න. 👍👍👍👍

    සුද්දගෙ CNBC ඵකට කියල තියෙන්නේ.පර සුද්දට පොලව පලං යන්න හිතෙන්න අැති..අාව මෙතන චීනයයි ලංකාවයි තරහකරවන්න
     
    • Haha
    Reactions: pathaleiretta

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සුද්දගෙ CNBC ඵකට කියල තියෙන්නේ.පර සුද්දට පොලව පලං යන්න හිතෙන්න අැති..අාව මෙතන චීනයයි ලංකාවයි තරහකරවන්න
    චීනය kohomath lanka ekka tharahai thamai ponnayo. hodin hitiyanam ai rata me tharan neththatama nethi kare?