‘‘ජීවිතය අවදානම්. ඒත් සතුටුයි‘‘(සර්ප විෂ එකතු&

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,363
    573
    113
    උබල එන්නද ?
    ‘‘ජීවිතය අවදානම්. ඒත් සතුටුයි‘‘(සර්ප විෂ එකතු&

    උග්‍ර විෂ සහිත සර්පයන් 600ත් 1000ත් අතර ප්‍රමාණයකගේ විෂ සතියක දී ඉවත්කරන බව ඇමෙරිකාවේ කන්ටුකි උරග උද්‍යානයේ භාරකරු ජිම් හැරිනසන් පවසයි.
    මේ උරග උද්‍යානයේ නාගයන් ඇතුළු විෂ සහිත සර්පයන් 2000ක් පමණ සිටිති. ඇතැම් විට මෙය ලෝකයේ විශාලත ම සර්ප එකතුව විය හැකියැයි විදෙස් මාධ්‍ය පවසයි. 55 වැනි වියේ පසුවන ජිම් ඔහුගේ ආවරණයක් නැති අත්වලින් දිනපතා සර්පයන් කිහිප දෙනකුගේ හිස ඉහළට අල්ලා වීදුරු බඳුනක් හපන්න සළස්වා විෂ එතුළට විද්දවයි.
    ඔහුගේ බිරිය 37 වියැති ක්‍රිස්ටින් ද මෙයට සහය වෙයි.
    ජිම් පවසන්නේ තමන් භාරයේ සිටින සර්පයන් අට වතාවක් තම අත් දෂ්ඨ කැර ඇති බවයි. වරක් උග්‍ර විෂ සහිත පොළඟකු දෂ්ට කිරීමෙන් සති හතරක් රෝහල්ගත වී සිටි බව ද ඔහු කියයි. ජිම්ගේ ඇතැම් ඇඟිලි තුඩු හා නියපොතු අහිමි වී ඇත. අත් දෙක පුරාම තුවාල හා කැළැල් දක්නට ලැබේ. එහෙත් ඔහු පවසන්නේ ඒ ගැන කණගාටුවක් නොමැති බවයි.
    ‘‘ මා මේ එකතුකරන විෂ තවත් ජීවිත ගණනාවක් බේරාගැනීමට උදව්වන නිසා මට විටින් විට විඳින්නට සිදුවන වේදනාව මා අමතක කර දමනවා. ඇල්ෂමයර් රෝගයටත්, ආඝාතයටත් ඇතැම් වෛරස් රෝගවලටත් ප්‍රතිකාර වශයෙන් මේ විෂ යොදා ගන්නවා. ‘‘
    ඇතැම් සමේ රෝග හා පියයුරු පිළිකා සුව කිරීම සඳහා සුදුසු ඖෂධ ගැන පර්යේෂණ සඳහා ද මේ විෂ යොදා ගන්නා බව සෞඛ්‍ය අංශ පවසයි.
    ජිම් එකතුකරන විෂ වෛද්‍ය විද්‍යාල, ඖෂධ සමාගම් හා ජෛව වෛද්‍ය පර්යේෂණ ආයතනවලින් මිලදී ගනී


    Reptile-1.jpg



    Reptile-2.jpg


    Reptile-3.jpg


    Reptile-5.jpg
     
    • Like
    Reactions: stv

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ සර්පයින්ට විස නසන බෙහෙත් අඩුයි ‍ලංකාවේ බේත් තියෙන්නේ ඉන්දියාවේ සර්පයින්ට.
     

    Similar threads