‘‘ජෙරම් ආගම්වලට අපහාස කරලා‘‘

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ වන විට අධිකරණය මග හැර සිටීන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ආගමික මතවාදයන් ප්‍රවර්ධනය කිරීම සඳහා බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසයක් සිදු කර ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

    රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කොට ඇති රිට් පෙත්සම අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදීය.

    මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා,පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

    නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා කියා සිටියේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැති තැන බරපතළ වරදක් සිදුකර ඇති බවත් මීට පෙර දේවගැතිවරයා විසින් මෙවැනිම ආකාරයේ පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර යලිත් ඉල්ලා අස්කරගෙන මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය.එමඟින් පෙනී යන්නේ දේවගැතිවරයා නීතිය අවභාවිතා කරමින් සිටින බවත්ය
     
    • Like
    Reactions: Cypress

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඔච්චර ලොකු වැඩ කාරයෙක් හැංගිල ඉන්නෙ මොකද? :baffled:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,109
    1
    15,917
    113
    අර කෙල්ල හිරෙ දැම්මට, ජෙරම් සර්ට අත තියන්නත් බැ මිට්ටො....