‘‘හානා හීය පානා අඩහැරෙන් දැනේ...’’

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    ‘‘හානා හීය පානා අඩහැරෙන් දැනේ...’’

    2010 ජනවාරි 19 වෙනි අඟහරුවාදා, 11:28 lanka C news .


    ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා ජයග‍්‍රහණය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී අනුර දිසානායක මහතාගේ හෘද සාක්ෂිය දන්නා නිසා 26 වන දාට රාජපක්ෂ මහතාගේ ජය නියත බව ඔහු රැස්වීම් වල ප‍්‍රකාශ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. පසුගිය දා ගම්පොළ පැවති රැස්වීමක දී අනුර දිසානායක මහතා ප‍්‍රකාශ කළේ 26 වන දාට මහින්ද මහත්තයාගේ ජයනියත බවත් ඒ ගැන කිසිවෙකුත් දෙගිඩියාවක් තබා ගත යුතු නැති බවත්ය.

    ඊයේ (18) දඹුල්ලේ පැවති සන්ධාන ජන රැළියේ දී වීරවංශ මහතා පෙන්වා දුන්නේ අනුර දිසානායක මහතාගේ ප‍්‍රකාශයෙන් ‘කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ’ සහ ‘හානා හීය පානා අඩහැරෙන් දැනේ’ යන පිරුළු සනාථ වන බවයි. ජන රැළියේ දී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා

    ‘‘26 වනදාට මහින්ද රාජපක්‍ෂගේ ජය නියතයි ජය නියතයි ජය නියතයි කියල අනුර දිසානායක උන්නැහේ කියන්නේ. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑනෙ. හානා හීය පානා අඩහැරෙන් දැනේ. බොරුවට ෆොන්සේකෙක් කරේ තියන් ගියාට ඒගොල්ලො දන්නවා දිනන්නෙ කවුද කියල. අන්න ෆොන්සේකගේ බඩු ටික මුසම්මිල්ට අල්ලස් දීල අතේ මාට්ටු උණා. සියලූ හඩ පට අපේ ගාව තියෙනවා. ඔක්කොම බඩු ටික අපි අල්ලස් හෝ දුෂණ කොමිසමට භාර දුන්නා. සීඅයිඞී එකට භාර දුන්නා. ඡන්දයක් තියෙන වෙලාවේ අල්ලස් දීම ඡන්ද පෙත්සමකට හේතුවක්. ආයි නං එන්නෑ අපේ කාටවත් එන්න මචෝ පනින්න කියල කතා කරන්න. මෙහෙං කවුරුහරි එන්නද කියල ඇහුවොත් කියයි වඳින්නං එන්න එපා කියල. ඒ ගානට වැඬේ දුන්නා. මන්ත‍්‍රීවරු සල්ලි වලට ගන්න කැත නින්දිත ක‍්‍රමය අපි ඉවර කරල දැම්මා. ඒ සූදුවටත් නැවතීමේ තිත තියල දුන්නා. මුසම්මිල් මන්ත‍්‍රීතුමාට ජාතියේ ප‍්‍රණාමය පුද කරන්න ඕන ඒ වීර ක‍්‍රියාව කළාට.’’