‘ පී. කේ. ‘පෙන්වන්නට ගොස් නා ගත් ‘ චිකේ ‘ සිරස !

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    ‘ පී. කේ. ‘පෙන්වන්නට ගොස් නා ගත් ‘ චිකේ ‘ සිරස !

    මේක ඇත්තද මචං ලා මට නම් බලන්න බැරි උන ,මොන උනත් ජරා වැඩ නොවැ .

    pk_motion_amir_khan_poster-1024x632.jpg



    sri-lanka-portal.blogspot-SirasaTV.jpg


    tumblr_nygsaeXM371sfoav0o1_500.gif


    පී. කේ හින්දි චිත්‍රපටිය සිරස රූපවාහිනිය ඔස්සේ විකාශණය කෙරෙන බවට දින ගණනාවක් තිස්සේ එම රූපවාහිනී නාලිකාව විසින් ගෙන ගිය ප්‍රචාරයන් හේතුවෙන් ඊයේ පස්වරුව වන විට දිනයේ සියලු වැඩ කටයුතු කල් ඇතිවම නිමකර පස්වරු 3 පමණ වන විට රූපවාහිනිය ඉදිරිපිට හිදගතිමි.

    පී. කේ. හින්දි චිත්‍රපටිය මීට පෙර කිහිප වතාවක් නරඹා ඇතත් එම චිත්‍රපටයේ ඇති නිර්මානාත්මක බවමෙන්ම, ආගම් පිළිබද මිත්‍යා මත වපුරවන්නන්ට එල්ල කරන දැඩි ප්‍රහාරය හේතුවෙන් එය තවත් වරක් නැරඹීමේ ඉමහත් ආශාවෙන් සහ කුතුහලයෙන් යුතුව සිරස නාලිකාවට චැනලය මාරු කළ අතර පස්වරු තුනට පමණ පී. කේ. චිත්‍රපටිය ආරම්භ කෙරිණි.

    අමීර් ඛාන්ගේ විශිෂ්ට රංගනය සමග මහත් ආශාවෙන් යුතුව පී. කේ.චිත්‍රපටය රස විදිමින් සිටි මා හට ටික වේලාවක් යද්දී වැටහී ගියේ සිරස රූපවාහිනිය විසින් පී. කේ චිත්‍රපටියෙහි කොටස් අඩු කරමින් චිත්‍රපටය පෙන්වන බවකි. විත්‍රපටය තවදුරටත් ඇදී යද්දී සිරස රූපවාහිනියේ සංස්කරණ ශිල්පීන් විසින් චිත්‍රපටය එක්තරා වේලාවකට සීමාකරවීමේ දැඩි උත්සාහයක යෙදී සිටි බවක් පැහැදිලිවම පෙනී ගියේය. ප්‍රදර්ශණය වෙමින් පැවති චිත්‍රපටයේ කොටස් කෙතරම් දුරට අමු අමුවේ කපා දැමීමට සිරසේ සංස්කරණ ශිල්පීන් ක්‍රියා කළේ දැයි කිවහොත් වෙළද දැන්වීම් විරාමයට නවතා දැමූ චිත්‍රපටය යළි විකාශණය ආරම්භ කළ විට එහි තිබූණේ විරාමයට පෙර පැවැති දර්ශණය නොව තවත් දර්ශණ කිහිපයක් ඉදිරියට ගිය වෙනත් දර්ශණයකි. පස්වරු පහ පමණ වන විට පී. කේ. කැපිල්ල ෂිකේ කැපිල්ලක් දක්වා වර්ධනය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපටයේ ප්‍රධානම දර්ශණයක් වන ජග්ගු සහ ඇගේ පෙම්වතාගේ (සෆ්රාස් ) විදෙස් රටකදී මුණගැසෙන අතීත කතාව ඇතුළත් කොටස බෙල්ල මුලින් කැපී ගොස් තිබිණි.

    ජනතාවගේ නාලිකාව යැයි කියාගන්නා නමුත් ජනතාවගේ රසවින්දනය පිළිබද අල්පමාත්‍ර තැකීමක් නොකරමින් අමන කැපිල්ලක නිරත වූ සිරස සංස්කාරකවරුන් පස්වරු 5.30 පමණ වන විට පී. කේ චිත්‍රපටිය සම්පූර්ණයෙන් පෙන්වා අවසන් කිරීමට සමත් වූහ. එවිට සිරස විසින් පී. කේ චිත්‍රපටිය වෙනුවෙන් වෙන්කරනු ලැබ ඇත්තේ පැය දෙක හමාරක කාලයත් පමණක් බව පැහැදිලිය.

    මා දන්නා පරිදි පී. කේ හින්දි චිත්‍රපටියෙහි සම්පූර්ණ පිටපත පැය තුනකට අධික කාලයක් පුරා දිවයයි. සිරසේ ‘වැඩකාරයින්‘විසින් කපා, කොටා අති දක්ෂ ලෙස පැය දෙක හමාරකින් පෙන්වා නිම කළේ පැය තුනකටත් මදක් වැඩි කාලයක් දිවෙන පී. කේ චිත්‍රපටියයි. එමෙන්ම ඒ පැය දෙක හමාර තුළටද ඇතුළත් වී තිබූ වෙළද දැන්වීම් කන්දරාව පෙන්වීම සදහාත් දළ වශයෙන් විනාඩි හතළිස් පහකට අධික කාලයක් ගතවෙන්නට ඇති අතර ඒ අනුව සිරස මුදලාලිලා විසින් මෙරට ප්‍රේක්ෂකයින්ට පී. කේ චිත්‍රපටිය පෙන්වා ඇත්තේ පැය එකහමාරකට ටිකක් වැඩි කාලයක් බව සක්සුදක් සේ පැහැදිලිය. ඒ අනුව ජනතාවගේ නාලිකාව යැයි කියමින් රටට අඩ බෙර ගසමින් සිටින සිරස විසින් ඊයේ දිනයේදී පී. කේ හින්දි චිත්‍රපටියෙන් පෙන්නනවා කියමින් මෙරට ජනතාවට පෙන්වා ඇත්තේ ඉන් අඩක් හවත් ‘පී. කේ. කොටයක්‘බවත් පැහැදිලිය.

    ‘චිත්‍රපට කොට‘පෙන්වීමෙන් එය නරඹන තම ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනයට මෙන්ම අදාළ සිනමා කෘතියෙහි විශිෂ්ටත්වය වන හානිය පිළිබද අල්පමාත්‍ර හෝ තැකීමක් නොකළ සිරස මුදලාලිලා ප්‍රේක්ෂක රස වින්දනය තුට්ටු දෙකට දැමූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට වසර කිහිපයකට පෙරදී එම නාලිකාවෙන් පෙන්වමින් සිටි 24 ඉංග්‍රිසි කතාමාලාවක් අතර මග නවතා දැමුවේ කිසිදු වග විභාගයක් නැතිවය. පසුව ඔවුන් විසින් 24 වෙනත් කතාමාලාවක් ආරම්භ කළ නමුත් පෙර කී කතා මාලවේ අවසන් කොටස් කිහිපයකට වුණේ කුමක්දැයි එයත් නැරඹු ජනතාව අදට ප්‍රශ්න කරති.

    සිරස පාලකයින් විසින් කරන කියන දේ වලින් ප්‍රේක්ෂකයින් ලෙස අපට නම් හැගී යන්නේ ලංකාවේ ජනතාවට පෙනෙන්නේ ඔවුන්ගේ නාලිකාව පමණකැයි කියා ඔවුන් හිතාගෙන සිටින බවකි. එමෙන්ම සිරස කියන දේ ජනතාව ඇසිය යුතු බවක් මෙන්ම ඔවුන්ට ජනතාව හැසිරවිය හැකියැයිද පසුගිය කාලයේ සිරස කළ කී දෑ වලින්ම පෙනෙන්නට තිබිණි. නමුත් සිරස ගහන පද වලට නටන්නට මෙරට ජනතාව සූදානම් නැති බව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් ඔප්පු කර පෙන් වූ අතර අනිත් අතට කාලයක් ජනතාවගේ පාර කියන්නා වූ සිරස අද ඉන්නේ කොතැනදැයි රූපවාහිනී සමීක්ෂන වාර්තාවක් අගට ගෙන බැලූ විට පහසුවෙන් දැක ගත හැකි වනු ඇත.

    ඊයේ පී. කේ. පෙන්වන්නට ගොස් මුලු රටේම ජනතාවගෙන් කුණු හරුප අස්සවාගත් සිරසට රූපවාහිනී ප්‍රේක්ෂකයින් ලෙස අපට කියන්නට ඇත්තේ මෙපමණය.

    ‘චිකේ සිරස !!! ‘

    http://www.wayambatoday.com/?p=3221
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන්ද දන්නෙ සිරස ෆිල්ම් වල කෑලි කපනව කියල :dull: :dull:
    ඕකුන් දැන් ඕක අවුරුදු කීයක ඉඳන්ද කරන්නෙ :dull: :dull:
    කාටුන් පෙන්නුවත් වෙලාවට ඉවර කරගන්න තඩි කෑලි අයිං කරනව :no: :no:
    නිවාඩු කාලෙ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් හඬකවල පෙන්නුව ඒවගෙත් කෑලි හෙනට අඩුයි :no: :no:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕකුන් මහා කාලකන්ණි බන්. උන් තව වැඩක් කරනව ෆිල්ම් වල වැල් කෑලි (පොඩි කිසින්ග් සීන් වගේ තමා ඉතිං) පෙන්නන එක තහනං නේ ලංකාවේ. අනික් චැනල් වල කරන්නෙ ඒ කෑල්ල කපල නොතේරෙන විදිහට පෙන්නන එක. නොදන්න එකෙකට එහෙම එකක් තිබ්බද හොයන්නවත් බෑ. සිරසේ එවුන් කරන්නේ එක කපන්නේ නැතුව තනිකර රතු පාට කොටු දාන එක :dull: රූප නැතිඋනාට සද්දේ ඇහෙනව. සමහර ඒවා තප්පර තිහ හතලිහ යනව. උන් නිකන් අරක කපන්න වුනාට තරහට වගේ උවමනාවෙන්ම කරන්නේ :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන්ද දන්නෙ සිරස ෆිල්ම් වල කෑලි කපනව කියල :dull: :dull:
    ඕකුන් දැන් ඕක අවුරුදු කීයක ඉඳන්ද කරන්නෙ :dull: :dull:
    කාටුන් පෙන්නුවත් වෙලාවට ඉවර කරගන්න තඩි කෑලි අයිං කරනව :no: :no:
    නිවාඩු කාලෙ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් හඬකවල පෙන්නුව ඒවගෙත් කෑලි හෙනට අඩුයි :no: :no:

    :rofl: lol lord of the rings eke bagayayi ne ban pennuwae:rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :rofl: lol lord of the rings eke bagayayi ne ban pennuwae:rofl:

    දන්නෑ බං මං එන්ට්ස් ල ඉන්න හරිය නෑ කියල මීටර් වුන ගමංම බලන එක නැවැත්තුව :no: :no:
    කව්ද බෝයි ගාෆීල්ඩ් වගේ නම් ඉඳල හිටල බැලෙනව එතකොට හෙනට කෑලි අඩුයි බං :sorry: :sorry:
    ගිරිපුර ඇත්තො එකෙත් මුලයි අගයි විතරයි මැද නෑ :sorry: :sorry:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    Ai ban thama oya gobba channels balanne.
    anith eka Swarnawahiniya
    Screen eken bagayakma ads yanne.
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ලංකාවේ TV චැනල් බලන්න එපා......
    ළමයින්ට එහෙම කිට්ටු වෙන්නවත් දෙන්න එපා.....
    පොඩි උන්ට cartoon network, BBC, Discovery වගේ ඒවා පෙන්නපල්ලා..
    ඉංග්‍රීසි වචනයක් හරි ඉගෙන ගනීවි.
    ලංකාවේ මල ජරාවනම් පෙන්නන්න එපා.....


    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    සහොදරයා සිරස විතරක් නොවෙයි අනිත් චැනලුත් එහෙමයි.... මට හොදටම මිටර් වෙලා තියෙනවා ඔක අනිත් චැනල් වලත්...
    ඔයා කියන ඔය පී.කේ කාතාව ඇත්ත මමත් එක බැලුව එකේ කැලී කපලා....
    ලංකාවේ චැනල් ඔක්කොම එකයි.... අර උඩ දාගෙන අඵත් චිත්‍රපට පෙන්වන හිරු ත් එකයි...
    ඹය චැනල් ඉතින් හොද චිත්‍රපට නොබලන චැනල් ඔලුවෙ තියගෙන කාතා කරන අයට....