Refinery project is an investment.I think rate will revise rate same as I ndia buying rate. They will do, because this time they can save the commission money, like refinery project less 800 million.

අදානි සමග ඇති ගිවිසුම් අවලංගු නොකරන බව රජය කියයි
January 25, 2025 04:36 pmඅදානි සමූහ ව්‍යාපාරය සමග සුළං බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
එහෙත් අදාළ ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.
අමාත්‍යවරයා පැවසුවේ එහෙත් එය ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවන බවය.
අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මීට අමතරව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩු ගණනාවක් පවතින බවත් එම නඩුවල තීන්දු සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
"අදානි සමූහය සමග මේ වෙද්දි පුනරීන් සහ මන්නාරම සුළං බලාගාර පිළිබඳව ගිවිසුමක් තිබෙනවා මේ වෙද්දි අධිකරණය හමුවේ නඩු පහක් තියෙනවා. ඒ නඩුවලින් එක් නඩුවක් මැයි මාසයේදී විභාගයට ගන්නත් නියමිතයි. අපි කිසිම තීරණයක් අරන් නැහැ මේ ගිවිසුම් අහෝසි කරන්න. ඒත් ආණ්ඩුවක් විදිහට තීන්දුවක් ගත්තා ඒ ගිවිසුම් සමාලෝචනය කරන්න. ඒකට මේ වෙද්දි කමිටුවක් පත් කරලා තියෙනවා. බලශක්ති ක්ෂේත්‍රයටත්, රටේ ජනතාවටත් වඩා උචිත වන ආකාරයෙන් මේ ගිවිසුම් ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තුව. නැතිව ඒවා අහෝසි කරන්න නෙමෙයි.
යළිත් වරක් රටේ ජනතාවට අපි පවසන්න ඕනේ ගිවිසුම් අහෝසි කරන්න තීරණයක් නැහැ. සමාලෝචනය කරන්න විතරයි ආණ්ඩුවක් හැටියට අපි තීරණය කරලා තියෙන්නේ. කොහෙම වුණත් නඩු කටයුතු කිහිපයක් තියෙන නිසා ඒ නඩු අවසානයේදී තමයි රජයට තීරණයක් ගන්න වෙන්නේ."
- https://sinhala.adaderana.lk/news/205827
Last edited: