’’පාස්කු බෝම්බකරුවන් මා දන්නවා’’

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවසීය.

    එම හෙළිකිරීමේ රහස්‍යභාවය රැකීම එම විනිශ්චකාරතුමන්ලාගේ වගකීමක් බව ද හිටපු මෛත්‍රීපාල සිරිසේන කීය.

    මහනුවරදී පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය.

    ‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව දැන් නඩුවට ඉදිරිපත් කරන්නේ ද සිය පාලන කාලයේ අල්ලපු ත්‍රස්තවාදීන් බවත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සැබෑ ලෙස කළේ කවුද යන්න කිසිවකු මේ දක්වා ප්‍රකාශ කර නොමැති බවත් ඒ මහතා කීය.

    2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරයා බවට පත්ව හොඳ තැනකට රට ගෙනියන්න සූදානම්ව සිටිය ද ආණ්ඩු පක්‍ෂයේ සහ වික්‍ෂයේ සහයෝගය නොලැබීම නිසා සිදුවූ දේවල් පිළිබඳව දැඩි කළකිරීමකට පත්ව සිටින බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කැමැත්තෙන්ම බලය අඩුකරගෙන වසර පහකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බව ද සඳහන් කළේය.

    ආණ්ඩුව, දේශපාලන පක්‍ෂ සහ සමාජය ඇතුළු රටම අර්බුදයක තිබීම නිසා අර්බුදයෙන් මිදීමට නම් නියමිත කාලයේදී මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ප්‍රශ්නවලට මූලිකත්ව දී කටයුතු කිරීමේ වගකීම එම මැතිවරණයෙන් පත්වන අලුත් ආණ්ඩුවට පැවරෙන බවත්ය.

    වර්තමාන පාර්ලිමේන්තුව ජනතාවගේ බලය නොමැති දැඩිව පිරිහීමට පත්වූ තැනක් බවට පත්ව ඇති බවත් හොරු, දූෂිතයෝ සහ වංචාකාරයො පාර්ලිමේන්තුවට නොඑවීමට ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවගේ වගකීමක් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
     
    • Haha
    Reactions: weer 11 and Mr.dark

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මොන මල් පොන්නයෙක්ද බන්
    ඌ තමයි ජනපති බෝම්බ ගහනකොට, මිනිස්සු ආරල්ක්ශ කරන එක උගෙ පලවෙනි යුතුකම

    ලබ්බ්බක් ඉල්ලනව දැන්, ඒක කියන්නත් අදිකරන නියොග ඕනලු
    ලැබ් එකෙ මීයොන්ටත් අන්තයි හිගන රටෙ ගෙරි සින්හලු
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    නාකි මුන්ගෙ තන්හාවෙ කෙලවරක් නැති හැටි අම්මප
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    me pakayata wenama naduwak danna ona, janadipathikama thiyagenath bomba gahapu ewun denagena daduwan dunne nethi ekata
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හොරු, දූෂිතයෝ සහ වංචාකාරයො පාර්ලිමේන්තුවට නොඑවීමට ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවගේ වගකීමක් ඇති බවත්

    Funny Face Lol GIF
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතු බවය.

    "මේක රහසිගතව තියා ගත යුතු කාරණයක් නෙමෙයි. මේක අනිවාර්යයෙන් රටේ ජනතාව දැනගත යුතුයි. මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වෙලා තියෙන්නේ."
     
    • Wow
    Reactions: Honda.putha

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අපි දෙන්නත් දන්නවා හැබැයි චොක්ලට් බිස්කට් හැට නමයක් දුන්නත් කියන්නේ නම් නෑ🫦👄💋🫶

    1697425283725.jpg

    Mahinda-Gota-Chair-BG.png


    saGhTyw.jpg
     

    Similar threads