’’මට මතක නෑ’’ නම් ඔබත් කියවන්න
අමතක වීම යනු ඇතැම් විට රෝගී ලක්ෂණයකි. කෙනෙක් තමන් කරන කියන දෑ මනා සිහි කල්පනාවෙන් සිදු නොකළ විට සිදුවන්නේ අමතක වීම් ය. අමතක වීම් සිදු විට බොහෝ පාඩු මෙන්ම ජීවිතයේ යම් යම් වැදගත් අවස්ථා, ආදරණීයයන් ආදිය තමන්ගේ ජීවිතයෙන් ඈත් වීමට බොහෝ ඉඩකඩ ඇත. කෙනෙක්ට මතක හිටින්නේ මනසට තදින් කා වැදුණු දේවල් ය. එසේ වූ විට බොහෝ කාලයක් එය මතකයේ රැඳී තිබේ. එවැනි දේවල් අමතක කිරීමට කෙතරම් උත්සාහ කල ද අමතක කිරීමට බැරිය.
තවත් බොහෝ අය අමතක කිරීම කරන්නේ තමන්ගේ පුද්ගල වාසියටය. තමක් කළ කී දෙයක් හෝ පැවසූ දෙයක් අමතක යැයි පැවසීම ඇඟ බේරා ගැනීමට කදිම උපායක් ය. එක් පුද්ගලයෙක් එසේ ලේසියෙන් අමතක කරන දෑ තවත් පුද්ලයෙකුට හෝ පුද්ගලයින් බෝහෝ පිරිසකට ජීවිත කාලය පුරා විඳවන්නට වන මතකයන් ය. ආදරවන්තයින්ගේ මතකයන් ද එසේමය. කෙනෙක් අමතක කරන දෑ තව කෙනෙක්ට අමිහිරි මතකයන් ය.
පුද්ගලයෙක් බොරුවක් කීවිට එය විශේෂයෙන් මතකයේ තබා ගත යුතු දෙයකි. එසේ නොමැති වූ විට එකම කරුණ සම්බන්ධයෙන් දෙපාරකදී කියවෙනුයේ කරුණු දෙකක් ය. එවන් වූ අවස්ථාවකදී වුවද තමන්ගේ ඇඟ බේරා ගැනීමට හොඳම විදිය අමතක යැයි කීම පමණකි. සෑම විටම සත්‍ය පැවසූ කෙනෙක්ට අමුතුවෙන් මතක තබා ගත යුතු බොරුවක් නැත.
විශාල වගකීම් කොටසක් ඇති පුද්ගලයෙකුගේ අමතක වීම් යනු පාලන තන්ත්රය තුල මහත් පෙරළියක් ඇති කිරීමට පවා මුල් වන දෙයක් ය. එක් අමතක වීමක් තුළ බොහොමයක් මිනිසුන්ගේ ජීවිත විනාශ වීමක් රඳා පවතින්නට පුළුවන. අමතක වීමක් නිසා වන හානි වළක්වා ගැනීමට නම් තමන් කරන දෙය මනා සිහියෙන් කළ යුතුමය. එයට සෑම විටම මනස නිරවුල්ව තිබිය යුතුය. ගැටළු පැන නැඟුණු අවස්ථාවලදී ඒවාට නිසි විසඳුම් ඉක්මනින් සොයා ගත යුතුය. නො එසේනම් වන්නේ අමතක වීම් තුළින් තමන්ගේ පෞර්ෂය මෙන්ම ගුණාත්මකබව ද සමාජය තුළ හෑල්ලුවකට ලක්වීමය.