“අත්හදා බැලීම්වලට ගියොත් රට ම කඩා වැටේවි” – මහ බැංකු අධිපති

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本


    ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මේ වන තෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග එලෙස ම ක්‍රියාත්මක නොකර වෙනත් අලුත් අත්හදා බැලීම්වලට යොමු වීමෙන් විශාල කඩා වැටීමකට ලක් විය හැකි බව ත් ජනතාවගේ විශ්වාසය තිබෙන ස්ථාවර දේශපාලන ක්‍රමවේදයක් රට තුළ පැවතීම අවශ්‍ය බව ත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

    පසුගිය ආණ්ඩු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ප්‍රතිසංස්කරණ කර ඇති බව ත් එසේ ම, මේ වන තෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග එලෙස ම ක්‍රියාත්මක කිරීම නව අණ්ඩුවේ වගකීම බව ත් වීරසීංහ මහතා පැවසීය.
    නව ආණ්ඩුවක් පත්වූ සැණින් පවතින අර්බුදවලට විසඳුමක් නොලැබෙන අතර ජනතාවට මේ පිළිබඳව පැහැදිලි කර ඔවුන් සමග ඉදිරියට යාමට නව රජය කටයුතු කළ යුතුව ඇතැයි පසුගිය දා රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ ය.
    මේ වන විට අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය නොමැති නිසා තෙල්, බෙහෙත් රටට ගෙන් වීමට නොහැකි බව ත් විදෙස් විනිමය ආදායම සහ වියදම කළමනාකරණය කර ගෙන යාමෙන් යම් මට්ටමක සිටිය හැකි නමුත් එය දිර්ඝකාලීන විසඳුමක් නොවන බව ත් ඔහු පැවසුවේ ය.

    රට මේ වන විටත් ප්‍රබල ආර්ථික අර්බුදයක පවතින අතර මෙවැනි අවස්ථාවක ඉතා ඉක්මනින් ආර්ථික ප්‍රතිපත්ති හා තීන්දු තීරණ ගත යුතු බව ත් එහි ප්‍රධාන ම පාර්ශ්වය වන්නේ රජය හා පාර්ලිමේන්තුව වන නිසා මේ ආර්ථික අර්බුදයෙන් එළියට පැමිණිමට නම් දේශපාලනයේ ස්ථාවරයක් රටට අත්‍යවශ බව ත් හෙතෙම කීය.
    ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සර්ව ආර්ථික ස්ථායිකරණයට වැඩපිළිවෙළක් කරගෙන යන බැවින් පවතින තත්ත්වය අනුව මෙය එකම මාර්ගය බව ඔහු පැවසීය.
    රටේ ණය බර වැඩිවීම නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන අතර මේ ක්‍රියාමාර්ග ඉදිරියට කරගෙන යාමට ආණ්ඩුවක් පැවැතිය යුතු බව ත් එසේ නොමැතිව ප්‍රමාදවීමෙන් ආර්ථිකය යථා තත්ත්වට පත් කිරීමට හා ජනතාවට විඳීමට සිදු වන දුක්ගැහැට දිගු වන බව ත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    ලංකාව කොහොම උණත් ඉවසීමෙන් IMF එකෙන් Loan එක ගන්න ඕනේ නැත්නම් ගොඩ ඒමක් පෙන තෙක් මානයක නැහැ
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලංකාව කොහොම උණත් ඉවසීමෙන් IMF එකෙන් Loan එක ගන්න ඕනේ නැත්නම් ගොඩ ඒමක් පෙන තෙක් මානයක නැහැ

    පකිස්ථානය ගොඩ.උන්ට IMF දෙනව අගෝස්තු වල.ඵහෙ ජෙප්පො,පෙරැට්ටො නැත්තේ හොඳ වෙලාවට..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    පකිස්ථානය ගොඩ.උන්ට IMF දෙනව අගෝස්තු වල.ඵහෙ ජෙප්පො,පෙරැට්ටො නැත්තේ හොඳ වෙලාවට..
    උන් ට Loan එක OK වෙලා ඩොලර් බිලියන 15 ක් දෙනවා ලු IMF එකෙන්.