“අප සහ අපේ බස”

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    1601091812730.png
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    භාෂාවක පැවැත්ම රඳා පවතින්නේ පහසුවෙන් උච්ඡාරණය කිරීමේ, එහෙම නැතිනම් සුඛෝච්ඡාරණය මතයි. සිංහලෙන් උච්ඡාරණයට අපහසු වදනක් ඉංගිරිසියෙන් පහසුවෙන්ම කියන්න පුළුවන් නම් අපි ඒකට ඉංග්‍රීසි වචනය භාවිතා කිරීම වරදක් නොවෙයි. අවාසනාවට සිංහල භාෂාවට අළුතින් වචන නිපදවන හෝ හඳුන්වා දෙන සිංහල වියතුන්, ඉතා පහසුවෙන් උච්ඡාරණය කළහැකි ග්‍රාමීය වචන ඉවත ලා, ඔවුන්ගේ දැනුම ප්‍රදර්ශනය කෙරෙන ආකාරයේ හක්ක පනින වචන හඳුන්වා දෙනවා. වචනය උච්චාරණය කිරීම අමාරු වන තරමට ඔවුන්ගේ දැනුම/උගත්කම ප්‍රදර්ශනය වන බව තමයි ඔවුන් හිතන්නේ. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ 60/70 දශක වල අපිට "සිංහල පාරිභාෂික ශබ්ද මාලාව" නමින් හැඳින්වුන, ඒ කාලයේ හැටියට නවීන තාක්ෂණයට අදාළ වචන සිංහලෙන් ඉගැන්නුවා. (විදුලි)මීටරය මනුව ලෙසත් තවත් යම් දෙයක් තාරාපැවිය ලෙසත් (Fuse එක වෙන්න පුළුවන්) ඉගැන්නුවා. බොහොම සරලව "පොල් තැරිය" ලෙස හඳුන්වන පොල් ගෙඩියේ නැට්ට සවි වන මලක් වැනි කොටස පාරිභාෂික වචන මාලාවේ තිබුනේ "නාරි කේළ බද්ධ මණි පත්‍රය" (මේක වැරදි වෙන්න පුළුවන්, අවරුදු පණහක් විතර පැරණි දේවල් නේ ) වැනි ග්‍රීක් වලටත් වඩා අමාරු වචන සෙට් එකක්. ඒ වචන සෙට් එකේම තිබුන සර්ව ලෝක පූට්ටුව ලෙස කියවුන (Universal joint ) වචනය කිසිම යාන්ත්‍රික "මැවිසුරුවෙකු" අතින් වැරදිලාවත් කියවෙනවාද?
    ඊළඟට ඇති උන බොහොම අවාසනාවන්ත දෙය නම් ළමයින්ට විහිළු සහගත නම් ලබා දීමයි. අනුන් කරන ඕනෑම දෙයක් අනුකරණය කිරීමට සැදී පැහැදී ඉන්නා සිංහලයන් අල්ලපු ගෙදර ළමයාගේ නම, හක්ක උළුක් වෙන ආකාරයේ එකක් නම් තමන්ගේ ළමයාට ඊටත් වඩා දරුණු, හක්ක පනින ආකාරයේ නමක් දානවා. ඒ නමට කිසිසේත්ම අදාළ නොවන තේරුමක් එහි ඇති බවත්, එය තේරෙන්නේ උගතුන්ට පමණක් බවත් කියූ මේ නම් විකිණූ පුද්ගලයා සිහි වූ විට මට මතක් වෙන්නේ සීතාම්බර පට සළුව ඇඳගෙන ගිය රජතුමාවයි.
    කොහොම උනත් විදේශගතව ජීවත් වන අපි, හුදු හෙළුවෙන්, ඒ කියන්නේ කිසිම ඉංගිරිසි වචනයක් භාවිතා නොකර පිරිසිදු සිංහල කථා කරන අවස්තාවන් තියනවා. ඒ කියන්නේ වෙනත් කෙනෙකුට නොතේරෙන්න අදහස් හුවමාරු කර ගන්න (ගෙදර උන්දෑ සමග) සිද්ද උනොත් 100% සිංහලෙන් කතා කලාම හරි.
     
    • Love
    Reactions: niyomax