“ආවා” ගෘප් “පෝඩා”

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    “ආවා” ගෘප් “පෝඩා” කර දමන්න හමුදාව රජයෙන් අවසර පතයි

    %E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92-2-600x375.jpg

    උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෲප් කල්ලිය නිසා ඇති වී ඇති අනාරක්‍ෂිත තත්ත්වය මැඬලීම සඳහා තමන්ට මැදිහත්වීමට ඉඩ ලබාදෙන ලෙස යුද හමුදාව රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත. නිල නොවන ලෙස හමුදා අංශ මගින් මෙම ඉල්ලීම රජය වෙත ඉදිරිපත් කර තිබේ. හදිසි නීතිය ක්‍රියාත්මක නොවීම නිසා සිවිල් පාලනයට මැදිහත්වීමට බාධාවක්‌ වී ඇත.
    උතුරේ අනාරක්‍ෂිත තත්ත්වය වර්ධනය වීම අනතුරුදායක බව හමුදා බුද්ධි අංශ රජයට අනතුරු ඇඟවීමක්‌ද කර තිබේ.
    මේ අතර උතුරේ ක්‍රියාත්මක වන “ආවා ගෲප්” නමැති මැර කල්ලියට ආවරණය දීම සඳහා ද්‍රවිඩ දේශපාලකයන් දෙදෙනකු ක්‍රියා කරන බව අනාවරණය වී ඇත.
    මේ මැර කල්ලිය බේරා ගැනීමේ අරමුණින් එම කල්ලිය හමුදාවේ නිර්මාණයක්‌ බවට සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කර තිබේ. ඊ. පී. ආර්. එල්. එµa. මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ද ආවා කල්ලිය හමුදාවට සම්බන්ධ බවට චෝදනා නඟා ඇත.
    කුලසේකරම් විනෝදන්ගේ නායකත්වය යටතේ ආරම්භ වූ ආවා කල්ලියේ ක්‍රියාකාරීන් 13 ක්‌ පසුගිය ජනවාරි 6 දා අත්අඩංගුවට ගැනීමෙන් පසු පාතාල නායකයකු වූ සෙන්දුරන් එහි නායකත්වයට පත්වී තිබේ.
    මෙම ආවා ගෲප් කණ්‌ඩායමට එරෙහිව ජනතාවගෙන් පැමිණිලි 11 කට අධික සංඛ්‍යාවක්‌ ලැබී තිබුණි. උතුරේ ද්‍රවිඩ ආරංචි මාර්ග දැක්‌වූයේ ස්‌විට්‌සර්ලන්තයේ සිටින කොටි ක්‍රියාකාරිකයකු වූ සන්තෝෂම් මාස්‌ටර් ආවා ගෲප් සමග සබඳකම් පවත්වා තිබේ.
    මෙම ආවා ගෲප් කල්ලිය උතුරේ ද්‍රවිඩ පොලිස්‌ පරීක්‍ෂකවරයකු වූ ශ්‍රී ගජන් ඇතුළු ද්‍රවිඩ පොලිස්‌ නිලධාරීන්ට ද අනතුරු අඟවා ඇත.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඕවා ආයෙ ප්‍රසිද්ධියේ අහන්න දේවල්ද බන්
    ඔන්න ඔහෙ කාටත් හොරා බාවලා දැම්මා නම් හරි නෙ :P
    රජයේ උන්ට මොළේ කලඳක් හරි තියෙනවා නම් ප්‍රසිද්ධියේ ඕකුන් මරන්න එපා කියලා
    හොරෙන් මරන්න කියයි :)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා ආයෙ ප්‍රසිද්ධියේ අහන්න දේවල්ද බන්
    ඔන්න ඔහෙ කාටත් හොරා බාවලා දැම්මා නම් හරි නෙ :P
    රජයේ උන්ට මොළේ කලඳක් හරි තියෙනවා නම් ප්‍රසිද්ධියේ ඕකුන් මරන්න එපා කියලා
    හොරෙන් මරන්න කියයි :)

    යහපාලනයට හානියක් වෙයි කියලා බයේ නේ :P:P:P
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ප්‍රභාකරන් පටන් ගත්තෙත් ඔහොම.එදා නියපොත්තෙන් කඩන්න තිබුන එක අද චන්සො එකෙන් බොහොම අමාරුවෙන් කපන්න උනා.ආවා කියෙන්නේ නිකංම නිකං නිකමො ටිකක් කියලා හිතන් ඉන්න මිනිස්සු වගේ එදා හිටපු උන් ltte එක ගැන හිතුව නිසා අපි රයක් විදියට කොච්චර විදෙව්වද
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    යහපාලනයට හානියක් වෙයි කියලා බයේ නේ :P:P:P
    යහපාලනය ලබ්බක් නෙමෙයි මචන්
    ලංකාවෙ මානව හිමිකම් නැහැ කියනවා පස්සෙ ඕවා ජාත්‍යන්තරයට ගියාම
    ඒක නිසා ප්‍රසිද්ධියේ උන් පව් කියලා
    හොරෙන් තමා මරන්න කියන්න ඕන :D;)
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    සහජිවනේට භාදා කරන්න එපා..
    උබ ජාතිවාදියෙක්නේ
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඕක රාජ්‍ය ත්‍රස්තවාදයේම තවත් පැත්තක් , නිලධාරීන් බේරන්න කරන වැඩක්
     

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    LTTE එක වගේ වෙයි මුනුත් නිකන් බලන් හිටියොත්. දැන්ම ඉවරයක් කරල දැම්ම නම් අනාගත ජීවිත ලක්ෂ ගානක් බේර ගන්න පුළුවන්
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    LTTE එකත් ඔහොම තමයි පටන්ගත්තේ. දැම්මම ඉවරයක් කරලා දැම්මේ නැත්තන් පස්සේ කෙලවෙයි. මහින්දගේ වැඩක්ද දන්නෙත් නැහැ. LTTE එකට සල්ලි දුන්න එකාට ඕක මහා ලොකු වැඩක්ද.ආරංචියේ හැටියට 2012-2014 කාලේ පුනුරුත්තාපනය නොකර නිදහස් කරපු LTTE කාරයෝ එකතුවෙලා කරන එකක්ලු.
     
    Last edited:

    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    "The world is not dangerous because of those who do harm but because of those who look at it without doing anything." - Albert Einstein