“කොන්ඩම්“ ගැන ඔබ නොදත් දේ

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    “කොන්ඩම්“ ගැන ඔබ නොදත් දේ

    කොන්ඩම් (Condom) එහෙමත් නැත්නම් උපත් පාලන කොපු අද වනවිට ලෝකයේ නැති රටක් නැති තරම්. උපත් පාලන ක්‍රමයක් සහ ලිංගාශ්‍රිත රෝග වැලැක්වීම සඳහා භාවිතා කරන කොන්ඩම් ලෝකයේ විවාහක මෙන්ම අවිවාහක යුවල අතරත් ප්‍රසිද්ධ නිෂ්පාදනයක්.

    ඉතිහාසය

    15 වැනි සියවසට පෙර පවා ලෝකයේ විවිධ රටවල කොන්ඩම් වැනි උපත් පාලන ක්‍රමයක් පැවති බවට සාධක සොයාගෙන ඇත. විශේෂයෙන්ම ලිඛිත සාක්ෂිවලට අනුව ග්‍රීසිය, පෘතුගාලය වැනි රටවල උපත් පාලනය කාන්තාවන් සතු වගකීමක් ලෙස සැලකූ බවත්. ඒ නිසාවෙන් එකල පැවති කොන්ඩම් කාන්තාවන්ට පලඳින ආකාරයෙන් සකස් කර තිබී ඇත.

    එසේම 16 වැනි සියවසේදී ඉතාලි ජාතික ගාබ්‍රියෙල් පැලපෝමියා විසින් නිර්මාණය කරන ලද පිරිමින් සඳහා වන කොන්ඩමය පුරුෂයාගේ ලිංගේන්ද්‍රයේ හිස කොටස පමණක් වැසෙන ලෙස නිර්මාණය කර තිබුණි. එහෙත් 18 වැනි සියවස වනවිට අද පවතින මාදිලියේ කොන්ඩම් බිහිවූ අතර ඒවා රළු රබර් නිෂ්පාදන විය.

    වර්ග සහ ස්වභාවය

    කොන්ඩම් නිෂ්පාදන පිරිමි කොන්ඩම් සහ කාන්තා කොන්ඩම් ලෙස වෙන් කල හැකිය. නමුත් ලොව පුරා වැඩි ඉල්ලුමක් සහිතවන්නේ පිරිමින් සඳහා වන කොන්ඩම් නිෂ්පාදනය. කාන්තා කොන්ඩමය ප්‍රමාණයෙන් විශාලය. පිරිමින් සඳහා වන කොන්ඩම් අද වන විට ඉතා තුනී රබර් සහ වෙනත් අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරමින් ඇත.

    පිරිමින් සඳහා වන කොන්ඩම් වලට අද නව විශේෂතා එක්කර ඇත. සිහින් තුනී කොන්ඩම්, විවිධ සුවඳ සහ ලිහිසිකාරක ජෙල් එක්කල කොන්ඩම්, පරිසර ස්වභාවයට ගැලපෙන පරිදි සිහිල් සහ උණුසුම් කොන්ඩම්, ගැටිති සහිත කොන්ඩම්, රැලි සහිත කොන්ඩම් ආදී ලෙස නවීනතා එක්කර ඇත. ඒ නිසාවෙන් අද ලෝකයේ කොන්ඩම් වෙළඳපොල පුළුල් මෙන්ම තරඟකාරී වෙළඳ පොලක් බවට පත්ව ඇත.

    නිවැරදිව කොන්ඩමයක් පළඳින ආකාරය

    මේ කතාකරන්නේ පිරිමි කොන්ඩම් සම්බන්ධයෙන්ය. බොහෝ දෙනෙක් කොන්ඩම් පලදින ආකාරය හරියාකාරව නොදන්නා නිසා එයට හානි සිදුවී ලිංගාශ්‍රිත රෝග හෝ අනපේක්ෂිත ගැබ්ගැනීමක් ඇතිවිය හැකිය. පහත පියවර අනුගමනය කිරීමෙන් නිවැරදි ආකාරයෙන් කොන්ඩමයක් පැලඳිය හැකිය.

    1. අදාල කොන්ඩම් පැකට්ටුව කොතැනින් හෝ ඉරී, පලුදුවී ඇතිද යන්න පරික්ෂා කර බලන්න. 2.එසේම එහි කල් ඉකුත්වන දිනයද පරික්ෂා කරන්න. පලුදුවී හෝ කල් ඉකුත් වී ඇත්නම් භාවිතා නොකරන්න.
    3.කොන්ඩම් පැකට්ටුවේ විවෘත කලයුතු ස්ථානය සටහන් කර ඇත. ඒ නිසා එතැනින් නියපොතු හෝ ඇඟිලි ආධාරයෙන් ඉරාගන්න. කටින් කැඩීම හෝ කතුරෙන් කැපීමෙන් ඇතුලේ ඇති කොන්ඩමයට හානි සිදුවිය හැකිය.
    4.කොන්ඩමය පැලඳිය යුතු පැත්ත සොයාගන්න. ලිංගේන්ද්‍රය පහලට රෝල් කිරීමට ඇති නිසා කොන්ඩමයේ නොබ් එක ඉහලට පිහිටිය යුතුය.
    5.කොන්ඩමයේ නොබ් (කොන්ඩමයේ හිස කොටස) එක ඇගිලි තුඩුවලින් අල්ලා ගන්න, එවිට නොබ් එක තුලට වාතය නොයනු ඇත.
    6.හොඳින් ප්‍රාණවත් වූ ලිංගේන්ද්‍රයට සම්පූර්ණයෙන් කොන්ඩමය පළඳින්න. අවසානයේ නොබ් එක අතහරින්න.
    7.ලිංගික කටයුතු අවසන් වූ පසු කොන්ඩමය පරිස්සමින් ඉවත් කරන්න.කොන්ඩමය තුල ඇති ශුකාණු පිටතට නොයන ලෙස ගැටයක් ගසා විධිමත් ලෙස බැහැර කරන්න. වැසිකිලි හෝ කොමඩ් තුලට නොදමන්න.
    8.පිරිසිදුකාරක දියරයක් හෝ සබන් භාවිතා කර දෑත් හොඳින් සෝදාගන්න.

    මිත්‍යා

    ඇතැම් අය තුල කොන්ඩම් සම්බන්ධයෙන් විවිධ මිත්‍යා ඇත. කොන්ඩම් වල විවිධ අසාස්මිකතා ඇති බවත් ඒවායෙන් ලිංගේන්ද්‍රයට හානි සිදුවන බව. මෙය ඉතාම සුළුතරයකට ඇතිවිය හැකි තත්ත්වයකි. කොන්ඩම් තුල ඇති ලිහිසිකාරක ද්‍රව්‍ය හෝ රබර් ඇතැම් අයට අසාස්මිකතා ඇතිවිය හැක. නමුත් බහුතරයකට එය එසේ නොවේ. කොන්ඩමයට හානියක් සිදුවුවහොත් ඇරෙන්නට එය භාවිතා කර ලිංගික සංසර්ගයෙහි යෙදුනහොත් කිසිවිටක ගැබ්ගැනීමක් හෝ ලිංගාශ්‍රිත රෝගයක් ඇතිවීමට ඉඩක් නොමැත.

    උපුටා ගැනීම -www.her.lk