“ප්රභාකරන් සාධකය” සහමුලින්ම පරාජය කිරීම
ප්රභාකරන්ගේ තිස් වසරක යුදමය ක්‍රියාදාමය පරාජය කිරීම ශ්‍රී ලංකාව ලත් සුවිසේෂි ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණය ලබා ගත්තේ දහස් ගණනක ජිවිත පරිත්‍යාගයෙනි. මෙම යුද්දය නිසා කායික සහ මානසික වශයෙන් ආබාධිත වූ සංඛ්‍යාව සටනින් මියගිය ප්‍රමාණයටත් වඩා අධික ය. එසේම එල්.ටී.ටී.ය විසින් ආර්ථික මර්මස්ථාන වලට කරන ලද පහර දීම් සහ සිදුකල විනාශයන්, යුද්දය සඳහා සිදු කල වියදම් මෙන්ම යුද්දය විසින් ඇති කළ ආර්ථික අවපාතය නිසා ගතවූ කාලය තුල ලංකාවට අහිමි වූ මුදල අතිශයින්ම විශාල ය. එම නිසා යුද්ධය ශ්‍රී ලංකාවට කළ විනාශය අති දැවැන්ත බව පැහැදිලි කරුණකි. මේ හේතුවෙන් තිස් වසරක යුද්දයක ශාපයෙන් ශ්‍රී ලංකාව මිදීම යනු, මේ රටේ සිංහල දෙමල, මුස්ලිම් ජනතාව ලත් ජයග්‍රහණයකි.
ශ්‍රී ලංකාව තුල ඇතිවූ යුද ගැටුම සමහරු අර්ථකථනය කරන්නේ ජනවාර්ගික ගැටලුවක් ලෙසට ය. සමහරු එය ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ලෙස දකිති. ඇතැමෙකු එය ඉන්දියානු ව්‍යාප්තවාදයේ අතුරු එලයක් ලෙස පෙන්වා දෙති. කුමන අර්ථකථන තිබුන ද යුද්දය සෑම ජන වර්ගයකටම විනාශයක් වූ බව ඇස් පනාපිට ඔප්පුවූ කරුණකි. දෙවන ලෝක මහා යුද්දයෙන් පසු ආසියානු කලාපයේ රටක දැවැන්ත ගරිල්ලා යුද්දයක් ඇති වුයේ කෙසේද යන්න අධ්‍යනයට, විමර්ශනයට සහ විශ්ලේෂණයට බඳුන් කළ කරුණක් වුවද ඊලාම් යුද්දය වාර්තාකරණය මිස හැදෑරීම පසුගිය දශක තුන පුරා ලක් කොට නොමැත. එය හැකි ඉක්මනිම සිදු කළ යුතු කර්තව්‍යකි.
සමාජ විද්‍යාත්මක කෝණයෙන් බලන විට අවිහිංසාව ගරු කළ උතුරේ දෙමල සමාජය තුල හිංසනය සහ ත්‍රස්තවාදය පැන නැගුනේ කෙසේ ද යන පැනයකි. පෘතුගීසි යුගය දක්වා ඉතිහාසය බලන විට දමිල ප්‍රජාව අතර රණකාමීන්ට සිටියේ සන්කිලියන් පමණි. සියවස් ගණනාවක් පුරා උතුරේ ද්‍රවිඩ සමාජය තුල ප්රචණ්ඩත්වය සඳහා හිතකර උපස්තරයන් නොවිය. නමුත් 1976 පමණ කාලය වන විට මෙම තත්වය උඩු යටිකුරු වන්නේය. මහාචාර්ය රාජන් හූල් පෙන්වා දෙන අන්දමට 1970 දශකයත් සමග ද්‍රවිඩ ප්‍රජාව තුලින් ප්රජාතන්ත්රවාදී පරමාර්ථ ක්‍රමක් ක්‍රමයෙන් ගිලිහි යාමට පටන් ගනියි. මේ සඳහා දකුණේ දේශපාලන ක්‍රියාකාරකම් ද ඉවහල් වූ බව නොරහසකි.
ප්රභාකරන් සාධකය:
ප්රභාකරන් සාධකය යනු නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම අර්බුදය විය. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සහ සමාජ ගමන් මග වෙනස් කිරීමට ප්රභාකරන්ට හැකි විය. ඔහුගේ මරණින් පසුවද ප්රභාකරන් සාධකයේ තර්ජන අවසන් වී නැත. ප්රභාකරන් යනු ශ්‍රී ලංකික මිලිටරිවාදය විසින් ඇති කරන ලද්දක් බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ඔහුගේ Sacred Minds කෘතියෙන් පවසයි. නමුත් මෙය මුළුමනින්ම නිවැරදි ප්‍රකාශයක් නොවන බව මගේ වැටහීමයි. 2006 වසරේ මම ඇමරිකාවේ කැන්සාස් හි වොෂ්බර්න් සරසවියේ යුද ආතතිය පිලිබඳ ආරාධිත දේශනයකට ගියෙමි. එම දේශනයේදී එක් මහාචාර්යවරයෙකු මගෙන් මෙම ප්රශ්නය ඇසීය. මගේ අදහස අනුව ප්රභාකරන් යනු සාධක රැසකින් ජනනය වූ විනාශකාරී බලවේගයකි. සිංහල සහ ද්‍රවිඩ ජාතිවාද විසින් ප්රභාකරන් නමැති ප්රපංචය නිර්මාණය කරන ලදී. ඔහු තමන්ගේ ජනතාව පවා අනතුරේ හෙළුවේය. ඔහු ද්‍රවිඩ සමාජයේ අධ්‍යාත්මය විනාශ කළේය. ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් උපයන මිලියන ගණනක මුදල් සහ එකී මුල්‍යමය වාසි නිසා ඇතැමෙකු ප්රභාකරන් සාධකයේ පැවති විනාශකාරී පාර්ශවය ගැන කතා නොකල ද යම් දිනක ද්‍රවිඩ ජනතාව විසින් ම ඔහු පිළිබඳව විනිශ්චයක් දෙනු ඇත.
ප්රභාකරන් තුල ව්‍යාථවේදී පෞරුෂ සාධක දක්නට ලැබුණි. නමුත් මේ ගැන කතිකාවට බඳුන් වී ඇත්තේ ඉතාම අඩුවෙනි. 2004 වසරේ ප්රභාකරන් දේශපාලනමය සහ යුදමය වශයෙන් ඉතා බලවත්ව සිටි අවදියේ දී ඔහුගේ පෞරුෂ සාධක හෙළි කරමින් කරමින් ප්රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් යන කෘතිය මම එළි දැක්වුයෙමි. එම ගවේෂණාත්මක කෘතිය මගින් ළමා ප්රභාකරන් චර්යාත්මක අක්‍රමතාවයකින් (Conduct Disorder) පෙළුණු බවත් පසුකාලීනව වැඩිහිටි දිවියේදී ඔහු තුල සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ (Antisocial Personality Disorder) තිබෙන බවද ඔහුගේ ජිවිත කතාව සහ චර්යාව මගින් පෙන්වා දුනිමි. මේ මතය ඇතැම් වියතුන්ගේ විවේචනයට ද ලක් විය. නමුත් 2011 වසරේ මම යාපනය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් මහතා අමතමින් 2004 වසරේ ප්රභාකරන් පිළිබඳව මගේ අධ්‍යනයන් ගැන තතු පැවසුවෙමි. වේලුපිල්ලේ ප්රභාකරන් සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ වලින් යුතු පුද්ගලයෙකු බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ද පිලිගත්තේ ය.
ප්රභාකරන් තුල දැඩි ආත්ම කේන්ද්‍රියතාවක් (self centered) තිබුණි. ඔහු සංවෘත (introverted) පෞරුෂ ලක්ෂණ දැරිය. එසේම ධ්රැවගත සහ ඒකාකෘති චින්තනයකින් යුක්ත විය. හීන වූ සහකම්පනිය අවබෝධයක් සහිත නාසිස්ටික නිව්රෝසියතාවයේ (Narcissistic Neurosis) ලක්ෂණ ඔහු කෙරෙන් දැක ගත හැකි විය. (හීන වූ සහකම්පනිය අවබෝධය නට්සීන් තුලද තිබු බව හර්මන් ගෝරිඞ් ඇතුළු නට්සි නායකයන් මනෝවිද්‍යාත්මකව විශ්ලේෂණය කළ ගුස්ටාව් ගිල්බර්ට් පෙන්වා දෙයි) ඔහු මරණයට බිය විය. (මේ පිළබඳව ද්‍රවිඩ කවියෙකු වූ කාසි ආනන්දන් පවා කියා තිබේ) එම නිසා මරණය කල්ට් වන්දනාවක් ලෙස කරමින් මරණය උත්කර්ෂයට පත් කරමින් මරණය වන්දනා කරන කළු කොටි සංකල්පය ඔහු බිහි කළේය.
හිංසනය ප්‍රතික්ෂේප කල සම්ප්‍රදායික දමිල සමාජය උඩු යටිකුරු කරමින් සයනයිඩ් සංස්කෘතියක් ඇති කළේය. ළමා සොල්දාදුවන් ඇති කිරීම මගින් ද්‍රවිඩ සමාජයේ අනාගතය ද විනාශ කළේය. මේ සියලු විනාශකාරී ක්‍රියා සිදු කළමුත් නාභිගතවූ චින්තනයක් සහිත වූ ප්රභාකරන් දැඩි ආත්ම ශක්තියකින් යුක්ත විය. පුරා වසර 30 ඔහු ලංකාණ්ඩුවට එරෙහි ව්‍යාල යුද්දයක නිරත විය.
copyright DR Ruwan M Jayathunga
http://jangun.wordpress.com/2013/08/12/

Last edited: