“රා-බුද්ධා” නම් බුදු වරයෙකු දැක ගත හැක.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    “රා-බුද්ධා” නම් බුදු වරයෙකු දැක ගත හැක.

    සඳ දෙස පුර පසළොස්වක දිනක බලා සිටීමෙන් සඳට වැඩ සිටින “රා-බුද්ධා” නම් බුදු වරයෙකු දැක ගත හැකි බවත්, එසේ බුදුන් දැක ගෙන ඒ බුදුන්ට තම ලෞකික අවශ්‍යතා බැගෑපත්ව කියා සිටින්නේ නම් සිතූ පැතූ දේ ලැබෙන බවත් කියන පාකිස්ථාන කල්ලියක් ලක්දිව සිය දර්ශණය ප්‍රචාරය කරමින් සිටියි…සඳේ ඇති යම් කිසිවක් ගැන යමෙකු ආගමික නැයියක් ඔස්සේ ඔබට කියන්නේ නම් ඒ ඉස්ලාමික මුහුණුවරක් බව තරයේ මතක තබා ගන්න…





    ඉස්ලාමයට අල්ලාහ් ලැබෙන්නට පෙර අල්ලාහ් සිටියේ කොහේදැයි ඔබ දන්නවාද? කුරාණය ලියැවෙන්නට වසර 3000 කට පමණ පෙර සිට මිසරයේත්, බැබිලෝනියාවේත් ( වත්මන් ඉරාකය ), පර්සියාවේත් ( වත්මන් ඉරානය ), ගලියාවේත් ( වත්මන් සවුදි, ඕමාන්, යේමන ආදී ප්‍රදේශය ) බැබිලන් වරු, ආකේදියන් වරු, බෙදෝයියන් වරු, වහාබි වරු, නසාරීන් වරු, ඇසිරියන් වරු ආදී සියළු ජාතීන් පොදුවේ චන්ද්‍ර වන්දනාව කළ අතර එවකට විශ්වාස කළ දෙවිවරුන් අතුරින් වඩාත්ම බල සම්පන්නයා ලෙස චන්ද්‍ර දේවතාවා හෙවත් “රා සුහාන්වත්” හෙවත් “චන්ද්‍ර නම් වූ සැප සම්පත් දෙන්නා” අදහා ගන්නා ලදී..



    ඉන් බොහෝ කළකට පසුව උපන් මුහම්මද් නබිවරයා ඉතා චණ්ඩවූ, බෙදී විසිරී ගිය,උනුන් ඇණ කොටා ගන්නා ගෝත්‍ර වලින් පිරුණු මෙම කලාපයේ තමාගේම දර්ශණයක් ප්‍රචාරය කරන්නට උත්සාහ දරද්දී,මුලින් ජනතාව එය තරයේ ප්‍රතික්ෂේප කිරීම නිසා අසරණ විය..වඩාත් හොඳින් කල්පනා …කළ හෙතෙම මෙකී ජන ගෝත්‍ර සියල්ල අදහන ” රා සුහාන්වාත්” එකී ජන කොටස් එක් කළ හැකි මහා පොදු සාධකය බව අවබෝධ කරගෙන මේ රා සුහාන්වත්ටම සර්ව බලධාරීත්වයක් එක් කළේය..”අල්ලාහ්” යනු “සර්වාධිපති” යන්නයි..අනතුරුව ” රා සුහාන්වත්” ගේ රා කොටස හැලී “සුහාන්වතල්ලාහ්” හෙවත් “සුහානල්ලාහ්” බිහිවිය..



    ඉස්ලාමය මැද පෙරදිග සියළු පෞරාණික දර්ශණයන් වසාගෙන එසේ පැතිරුණත්, එකී ඉස්ලාමයේම මූල කුහරය පුරවා සිටින දෙවියා කාන්දු වූයේ ඉන් පෙර පැවති “පේගන්” ( Paganism – the Uncivilised range of beliefs) ශිෂ්ටාචාරයෙන් වීම නිසා, ඒ දෙවියාත් සමඟ ඔහුට අනන්‍ය සෙසු ලබ්ධික විශ්වාසයන්ද ඉස්ලාමය තුළටත් කාන්දු විය..ඒ අනුව මුස්ලිම් වරුන්ට සඳ යනු අල්ලාහ්ගේ නවාතැනක් විය..පූජනීය සළකුණක් විය..අදටත් එය එසේමය..රාමසාන් නව උදාව ඇරඹෙන්නේද සඳ දැකීමෙනි..නීල් ආම්ස්ට්‍රෝං ප්‍රමුඛ ගගණ ගාමීන් සඳට ගොඩ බසිනවාට ලොව පුරා මුස්ලිම්වරුන්ගෙන් විරෝධයක් පැන නැඟුණේත්, අදටත් ඉන්දියාව විසින් දියත් කර ඇති 2020 දී ඉන්දියානුවෙකු සඳට යවන “චන්ද්‍ර යාන්” ව්‍යාපෘතියට එරටම සිටින “ඉමාම් වරුන්ගේ” මණ්ඩල විරුද්ධ වන්නේත් එනිසාය..අල්ලාහ් සඳේ සිට ලොව දෙස බලා සිටින බවට ඔය කියන කණ්ඩායමම පැමිණි පාකිස්ථානයේ දකුණු දිග “සින්ධ්” හි සිටින ජනතාව විශ්වාස කරති..



    මේ වූ කලී මුතුහරිණි සමරවීර නැඟණිය විසින් මෙකී ව්‍යසනය ලක්දිව තුළ සිදුවීම අලලා සකස් කරන ලද වීඩියෝ පටයකි.. හොඳින් මෙය නරඹන ඔබට මෙහි “රා-බුද්ධා” නම් මිසදිටුව දේශනා කරන්නා විසින් සහ ඔහුගේ සිංහල පරිවර්තකයා විසින් කියන දෑ අතර “ඒ රූපය සමඟ ඔබ කථා කරන්න පටන් ගන්නවා” යන්න අසන්නට ලැබෙනු ඇත. මතක තබා ගන්න. පාකිස්ථානයේ “පශ්තුන්” ගෝත්‍රික මුසල්මානුවන් අතර මෙවැනි ඇදහිල්ලක් ඇත..”ඔබ සඳ දෙස බලාගෙන යාඥා කරන විට ඔබත් අල්ලාහ්ත් අතර ඇති තිරය ඉවත් වී අල්ලාහ් ඔබ දෙස බලනු ඇත..ඔබ වහා බිම බලා ගන්න..අල්ලාහ් ඉක්බිතිව ඔබට කථා කිරීම අරඹනු ඇත..”






    පැරණි සෝවියට් සමූහාණ්ඩුවෙන් කැඩී විසිරී ගිය “සෝවියට්” ඒකක අතර වර්තමාන රුසියානු ෆෙඩරේෂනය මඟින් පාලනය වන “කැල්මිකියා” නම් බෞද්ධ රාජ්‍යයක් ඇත..මෙය යුරෝපයේ දැනට ඇති එකම බෞද්ධ රාජ්‍යයයි..මේ රාජ්‍යයේ සමස්ථ ජන ගහණයම ලක්ෂ 5ක් පමණ සුළු ප්‍රමාණයකි..න…මුත් මේ අවට ඇති කසකස්ථාන් බඳු ඉස්ලාමික රාජ්‍යයන් වෙතින් මෙකී බොදු රාජ්‍යයේ මේ ” රා-බුද්ධා” මිසදිටුව තුළ සඟවා ඉස්ලාමය පතුරුවන්නට යැවූ ඉස්ලාමික මිෂනාරීන්ට මේ සුළු ජන ගහණය එක්ව පන්නා දැමූහ..ගණනින් ලක්ෂ පහක් තරම් වූ පිරිසකගේ නොසැලෙන ශ්‍රද්ධාව එසේය..ගණනින් එක් කෝටි හැට හය ලක්ෂය වූ බෞද්ධ ප්‍රජාවක් මේ එන,එන හැම එකටම අහු වන්නේ ඇයි?
    :rolleyes::rolleyes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,350
    113
    Ohio, USA
    කොහෙන්ද මේක හොයා ගත්තේ? මචන් ලස්සනට රසකරල ලියල තිබුනට කිසිම පෲෆ් එකක්වත් නැහැනේ?

    ඉස්ලාම් ආගම ගැන පොඩ්ඩක්වත් දැණුමක් නැතිබව මේක කියවන ඉස්ලාම් ගැන දන්න මුස්ලිම් නොවන කෙනෙකුටත් ඉක්මනට තේරුම් ගන්න පුලුවන්.

    ඉස්ලාම් ආගමටයි හඳටයි ස්පිරිචුවලි කිසිම සම්බන්දයක් නැහැ.
    මාසෙ කැලැන්ඩර් එක පාවිච්චි කරන්න හැම මාසෙම ලූනාර් කැළන්ඩර් සිස්ටම් එක පාවිච්ච්චි කරේ ඒකාලේ ප්‍රින්ටඩ් කැළන්ඩර් තිබුනෙ නැති නිසා.

    ඒ විතරක් නෙවෙයි.. ෆුල්මූන් එකත් එක්ක අපිට(මුස්ලිම්ලාට )කිසිම විදියකින්වත් සම්බන්දයක් නහැ.

    ඔයා හඩීස් ගැන දන්නවද? පොඩ්ඩක් හොයල බලන්න මුහම්ම්ද් නබි තුමා හඳ දෙකට කැඩිල දෙපැත්තට විසිවෙලා වැටෙන්න දුන්නා කියන එක ගැන.
    එතකොට ඔයාගේ ඔක්කොම චෝදනාවලට උත්තර ලැබෙයි.

    රා බුද්ධා කියාගෙන මුස්ලිම්ලා ගියොත් ඉස්ලාම් ආගමට අනුව එයාට මරන දඬුවම තමයි ලැබෙන්නේ (දැන් කෑගහන්න එපා ඉස්ලාම් ආගම අහිංසකයන්ට මරනදඬුවම දෙනවෝ කියලා)

    කෙනෙක් එහෙම රා බුද්ධා කියාගෙන එනවනම් ගහල පන්නන එකයි තියෙන්නේ.