“සාහිත්‍යය කන්ඩද?”
“සාහිත්‍යය කන්ඩද?”
“එසේය. සාහිත්‍යය යනු
ආනන්දයේ සහ ප්‍රඥාවේ ආහාරයයි”
සාහිත්‍යය කන්ඩදැයි ඇසුවේ ජේ.ආර්.ය. ජනතාවගෙන් එසේ ඇසුවාට ජේ.ආර්. හොඳට පොතපත කියවා පදම් වූ පුද්ගලයෙකි. සාහිත්‍යයෙන් ප්‍රඥාවන්තයන් බිහිවන බව ජේ.ආර්. දැන සිටියේය. එහෙත් ජේ.ආර්.ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව ප්‍රඥාවන්තයින්ගේ දේශයක් කිරිමට නොව බොල් මිනිසුන්ගේ දේශයක් කිරීමටය. ජේ.ආර්. මොඩලයේ පරිපාලනයක් සදාකාලික කළ හැකිවන්නේ එවිටය.
එබැවින් ඔහු දැන දැන සාහිත්‍යය, ඉතිහාසය වැනි ඥාන ප්රවාහයන් වසා දමන්නට උත්සාහ ගත්තේය. හිස් මිනිසුන් නිර්මාණය වන සියලු බලවේගවලට දොර හැරියේය. බඩජාරි සමාජ ක්‍රමයක් හෙවත් බත් ගොට්ටන්ගේ සමාජයක් නිර්මාණය කිරීම සඳහා ඉතා සූක්ෂ්ම නූල් සූත්තර ඇටෙව්වේ ඒ නිසාය.
පොතක් වෙනුවට බත් ගොට්ටක් දීම ජේ.ආර්. මොඩලයේ පාලනයක සුවිශේෂී ලක්ෂණය විය. අදටත් එ.ජා.ප.යට ඒ බඩජාරිකමින් මිදීමට හැකිවී නැත.
සාහිත්‍යය, ඉතිහාසය වැනි විෂයයන් “පියුං රස්සාවක්වත්” සොයා ගත නොහැකි දේවල් ලෙසින් හංවඩු ගසන්නට උත්සාහ ගත්තේ ඒ නිසාය.
ඊට පසු සිටි තවත් ඇමැතිවරයකු ප්රවිණ ගායකයකු අමතා “සිංදුම කියලා හරියන්නෙ නෑනෙ.. මොකක් හරි රස්සාවක් කළා නම් නේද හොඳ” යනුවෙන් ඇසූ බව කියැවෙන කතාවක් සමාජයේ ඇත.
එය සත්‍ය කතාවක් ද යාං හෑල්ලක්ද කියා නොදනිමු. එහෙත් එහි අර්ථය නම් ශ්‍රී ලංකාවේ සිටි බොහෝ පාලකයන් සාහිත්‍යය කෙරෙහි අවම අවධානයක් වත් නොකළ බවය.
එහෙත් ජේ.ආර්.ගේ ප්රශ්නය, නොදන්නා කමට ඇසූ මෝඩ ප්‍රශ්නයක් නොවේ. බොල් මිනිසුන් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාත්මක කළ දැනුවත් ව්‍යාපාරයක එක් අංශුවක් ලෙසින් සැලකුව මනාය.
එහෙත් “සාහිත්‍යය” කිසිදිනක ශ්‍රී ලාංකේය ජන සමාජයෙන් උදුරා ගොළු මුහුදට වීසිකළ නොහැකිය. මන්ද යත් සාහිත්‍යය, රසය, වින්දනය වැනි සමාජ උපාංග සහ ආකල්ප ශ්‍රී ලංකේය ජන සමාජයේ සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු දක්වා කිඳා බැස ඇති බැවිනි.
අපේ ඇතැම් නරපතීහු විදග්ධ කවියෝ වූහ. සාහිත්‍ය රසාස්වාදනය ඔවුන්ට ජීවිතයේ උපරිම තෘප්තිය ගෙනදුන් බව ඉතිහාස පුරාවෘත්ත සාක්ෂි දරයි.
”සාහිත්‍යය කන්ඩදැයි” ඇසූ යුගයේ සිට සාහිත්‍යකරුවන් “රජ ගෙදරට” කැඳවා ගරු සම්මාන ප්රදානය කිරීමේ යුගය දක්වා අපි පැමිණ ඇත්තෙමු. සැහැල්ලු සුසුමක් පිට කළ හැකි පසුබිමක් නිර්මාණය වී ඇත්තේය.
එබැවින් සංස්කෘතික අමාත්‍යාංශයට කළ හැකි වැඩ කොටස බොහෝය. මහාමාර්ග අධිකාරියට සුවිසල් මහාමාර්ග ඉදිකළ හැකිය. මහාමාර්ග ඉදිකිරීම, මහාමාර්ග අධිකාරියට හෝ එවැනි සංවර්ධන ව්‍යාපෘතියකට අයත් කාර්යභාරයකි. වගකීමකි.
එහෙත් මේ මාර්ගවල ගමන් ගන්නා මිනිසුන්ගේ චර්යාව සහ පෞරුෂය වර්ධනය කිරීමට සංවර්ධන ව්‍යාපෘති වලට නොහැකිය. කොළඹ නගරය අලංකාර කළ හැකිය. එහෙත් කොළඹ නගරයට එන මිනිසුන්ගේ අධ්‍යාත්මය අලංකාර කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ එවැනි වගකිව යුත්තෙකුට නොහැකිය.
එය කළ හැක්කේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවටය. යටිතල පහසුකම් සම්පාදනය කිරීම සඳහා බොහෝ දෙපාර්තමේන්තු සංස්ථා ඇත.
එහෙත් මිනිසුන්ගේ මනස සහ ආකල්ප, සිරිත් විරිත් සහ රස වින්දනය වර්ධනය කිරීමට.. කොටින්ම මිනිසුන් ආනන්දයේ සිට ප්‍රඥාව දක්වා ගෙනයාම සඳහා ඇත්තේ දෙපාර්තමේන්තු කිහිපයක් පමණි. අධ්‍යාපන සංස්කෘතික අමාත්‍යාංශවලට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ද විශාල වගකීමක් පැවැරී ඇත.
එහෙත් ඒ වගකීම් ඒ පරිද්දෙන් ඉටුවෙනවාද යන්න සොයා බැලිය යුත්තකි.
යටිතල පහසුකම් සංවර්ධන ඇස් පනාපිට පෙනෙන්නට තිබේ. එහෙත් ඒ හා සමානව ආනන්දනීය ප්‍රඥාවන්තයන් බිහිකිරිම සිදුවෙන බවක් පෙනෙන්නට නැත.
සංස්කෘතික දෙපාර්තමේන්තුව යනු අඩු ලංසුවෙන් සැලකුම් ලැබිය යුත්තක් නොවේ. එහෙත් සියලු සැලකුම් ලැබෙන්නේ ”හරිහමන්” වැඩක් සිදුවෙනවා නම් පමණි.
සාහිත්‍ය මාසය උදාවී ඇත. එනම් පොත් වසන්තය උදාවී ඇත. අලුත් පොත් වැසි වසින්නේ මේ වකවානුවේය. පොත් වැස්සෙන් රසික අතපය නොව මනස තෙමෙන්නට පටන්ගෙන තිබේ.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයට පැමිණෙන තරුණ පරපුර කියාපාන්නේ කවුරුන් මොනවා කිව්වත් “හෙට එච්චර කළුවර නැති” බවයි.
එහෙත් සියලු ලේඛකයන් සහ සාහිත්‍ය රසකාමීන් වෙනුවෙන් වෙසෙසින් සංස්කෘතික අමාත්‍යාංශයෙන් ද පොදුවේ රජයෙන් ද එක් ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු.
එනම් මීට වඩා අඩු මුදලකට පොතක් පතක් ගත හැකි පසුබිමක් නිර්මාණය කරන ලෙසය.
එය සැබෑ ආයෝජනයක් වනු නිසැකය. මහාමාර්ග සංවර්ධනය කරන්නාක් මෙන් එම මාර්ගවල ගමන් ගන්නා පුරවැසියන්ගේ මනස සංවර්ධනය කිරීම ද නිසැක ආයෝජනයක් බැව් යළි යළිත් අවධාරණය කරමු.
උපුටා ගැනීම සිළුමිණ