††† පුද්ගලයන් 74කට මරු කැඳවූ †††

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ††† පුද්ගලයන් 74කට මරු කැඳවූ †††

    පුද්ගලයන් 74කට මරු කැඳවූ ඊජිප්තු පාපන්දු තරගය

    ඊජිප්තුවේ ප‍්‍රධාන පෙලේ ක‍්‍රීඩා සමාජ දෙකක් අතර පැවති පාපන්දු තරගයක් අවසානයේදී සිදු වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් 74 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

    පෝට් සේඩ් හි පැවති මෙම තරගයේදී කයිරෝවේ අල් අහ්ලි පිල ගෝල 3-1ක් ලෙස පැරදවීමට පෝට් සේඩ් නගරයේ අල් මස්රි කණ්ඩායම සමත් විය.

    තරගය අවසන් වීමත් සමග පිටියට කඩාවැදී ඇති පෝට් සේඩ් ආධාරකරුවන් 13,000ක් පමණ ප‍්‍රතිවාදී පිලේ කී‍්‍රඩකයන් හා ආධාරකරුවන් හට පහරදීමට පටන් ගෙන ඇතැයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි.

    මෙම සිද්ධියෙන් පුද්ගලයන් 1,000ක් පමණ තුවාල ලබා ඇති බවත් සිද්ධිය සම්බන්ධව සැකපිට පුද්ගලයන් 52ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

    මේ වනවිට පෝට් සේඩ් නගරයේ නගරාධිපතිවරයා ඉල්ලා අස්වී ඇති අතර, මෙම සිද්ධියට විරෝධය පළ කරමින් විශාල පිරිසක් කයිරෝවේ තරීර් චතුරස‍්‍රය ඉදිරිපිට රැස්ව ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.


    මේ හේතුවෙන් ඊජිප්තුවේ තෙදිනක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇත.


    මේ සිද්ධිය පිළිබඳව දැඩි කනස්සල්ල පල කරන ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා), පූර්ණ වාර්තාවක් සපයන මෙන් ඊජිප්තුවෙන් ඉල්ලා ඇත.

    කී‍්‍රඩා තරග ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සටහන් වන මෙම සිද්ධිය හේතුවෙන් ඊජිප්තුවේ ප‍්‍රමුඛ පෙළ පාපන්දු තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

    120202011552-egypt-11-horizontal-gallery.jpg

    120202011655-egypt-13-horizontal-gallery.jpg

    article-2095316-118D8FBA000005DC-269_470x423.jpg

    article-2095316-118DA8AA000005DC-179_310x294.jpg

     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඊජිප්තුවේ මෙහෙම උනත් ලංකාවේ මෙහෙම වෙන්නේ නෑ
    :dull::dull: