•තේරුම්ගන්න

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    •තේරුම්ගන්න, ඔබට යමෙකුගෙන් ආදරය බලෙන් ලබාගත නොහැකියි. කල හැක්කේ ආදරණීය අයෙකු වීම පමණයි. ඉතිරිය ඔවුන් සතුයි.

    •තේරුම්ගන්න, ඔබ අන් අයගැන සිතා ක්‍රියා කරන තරමටම ඒ අයගෙන් සමහරක් පෙරළා ඔබ ගැන නොසිතනු ඇත.

    •තේරුම්ගන්න, ඔබට යමෙකුගේ විශ්වාසය දිනා ගැනීමට වසර ගණනක් ගතවිය හැක. එහෙත් ඒ විශ්වාසය බිඳ දැමීමට ඔබට ගත වනුයේ සුළු මොහොතක් පමණයි.

    •තේරුම්ගන්න, ඔබ ඔබගේ මිතුරන්ට කොතරම් ආදරය කරා වුවද ඉඳහිට ඔවුන් ඔබව රිද්දනු ඇත. එවිට ඔවුනට සමාව දී මිතුරුදම රැක ගන්න.

    •තේරුම්ගන්න, ඔබේ ජීවිතය තුළ වැදගත් වනුයේ, ඇත්තේ මොනවාද යන්න නොව වැදගත් වනුයේ ඇත්තේ කවුරුන් ද යන්නයි.

    •තේරුම්ගන්න, ඔබ ඔබගේ ප්‍රියයන්ගෙන් වෙන්ව යන සැමවිටම ආදරණීය පුද්ගලයෙකු ලෙස සතුටු සිතින් වෙන්වන්න. මන්ඳ ඒ ඔබ, ඔහු හෝ ඇය දකින අවසන් අවස්ථාව විය හැකි බැවිනි.

    •තේරුම්ගන්න, ඔබ කරන සෑම ක්‍රියාවකටම වගකීම ඔබ සතුය. ඉන් ඔබට දැනෙන හැඟීම කුමක් වුවත් එය එසේමය.

    •තේරුම්ගන්න, ඔබ ඔබගේ මිතුරන් සමඟ එක්වී යමක් කලා හෝ නොකලා හෝ ඔවුන් සමඟ ඔබ ගත කරන කාලය, ජීවිතයේ ඔබ ගත කරන සුන්ඳරම කාලයන් ගෙන් එකක් බව.

    •තේරුම්ගන්න, ඔබ ජීවිතයේ වැටුණු අවස්ථාවක ඔබට පහර දේ යැයි ඔබ සිතූ කෙනා ඔබ නොසිතූ ලෙස ඒ වැටුණු අවස්ථාවෙන් ඔබව ඉහළට ඔසවා තබන කෙනාම විය හැක.

    •තේරුම්ගන්න, ඔබ ජීවිතයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙකු කරනුයේ ඔබ ලද අත්දැකීම් සහ ඔබ ඒවායෙන් ලද පාඩම් මිස, ඔබ සමරා ඇති උපන් දින සංඛ්‍යාව නොවන බව.

    •තේරුම්ගන්න, ඔබ කරන ලද වැරැද්දකට ඔබට අන් අයගෙන් කොතරම් සමාව ලැබුනද ඔබට ඔබගේ හෘද්‍යය සාක්‍ෂියට සමාව දිය නොහැකිනම් ඔවුන් ගෙන් ලද සමාවෙන් ඵලක් නොවනු ඇත.

    •තේරුම්ගන්න, ඔබගේ හදවත බිඳී ඔබ කොතරම් හඬා වැලපුනද ලෝකය නොනැවතී තම ගමන කරගෙන යනු ඇත.

    •තේරුම්ගන්න, ඔබගේ උත්සාහය සතුරෙකු මෙන් පෙනෙන මිතුරෙකු වන අතර ඔබගේ ප්‍රමාදය මිතුරෙකු මෙන් පෙනෙන සතුරෙකි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටිනවා කියන්නෙ උපරිමයටම.. බොහොම ස්තුතියි මචං.. ජීවිතයට වැදගත් යමක්.. සිතන්න දෙයක් එකතු කලාට..

    රෙප්..++
     
    • Like
    Reactions: kalharabest

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    වටිනවා කියන්නෙ උපරිමයටම.. බොහොම ස්තුතියි මචං.. ජීවිතයට වැදගත් යමක්.. සිතන්න දෙයක් එකතු කලාට..

    රෙප්..++

    thnx