ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඇයි මචන්ලා ටීම් එකට එක player කෙනෙක් දාන්ඩ practice මැච් එකක් ගහන්නේ.ඒක එච්චර සාර්ථක වැඩක් නෙමෙයි නේ...එක මැච් එකකින් හරි කෙනාව හොයන්න පුලුවන් ද...:(:(

    Me sri lanakawa ne ban..
     

    SaraDil

    Member
    Jan 25, 2015
    458
    16
    0
    on my mac
    විශ‍්‍රාම ගැනීමේ කිසිම අදහසක් නෑ - ඩිල්ෂාන්

    66060660.jpg


    දස්කම් අතර සිටින නිසා අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් විශ‍්‍රාම ගැනීමට කිසිඳු අදහස් නොමැති බව ශ‍්‍රී ලංකා විස්සයි20 පිලේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂන් ඊයේ (17) රාත‍්‍රී කොල්කටාහිදී පැවසීය.

    හයවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ දෙවැනි තරගය ලෙස කොල්කටාහි ඊඞ්න් ගාන්ඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (17) රාත‍්‍රී විදුලි අලෝකය මධ්‍යයේ පැවැති තරගයේදී ඇෆ්ගනිස්තානය කඩුලූ 6 කින් පරාජය කිරීමෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඩිල්ෂාන් මෙසේ ද පැවසීය.

    ”මම පන්දුවට පහර දෙන ආකරයට මම හිතන්නේ නෑ මම විශ‍්‍රාම ගැනීමක් ගැන සිතිය යුතුයි කියලා. මම මගේ ක‍්‍රීඩාව ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා මම එවැනි දෙයක් ගැන කල්පනා කරන්නේ නෑ”

    ”මට හිතුනොත් හෙට උදේට විශ‍්‍රාම ගන්න ඕනේ කියලා ඊළඟ දවසේ ඒ දේ කරනවා. මගේ ප‍්‍රධාන ඉලක්කය මගේ රටට උපරිමය ලබා දෙන්න ක‍්‍රීඩා කිරීමයි”

    තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගයේදී නොදැවී ලකුණු 83 ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගත්තේය.

    එම තරගයේ සිය ඉනිම පිළිබඳව 39 හැවිරිදි ඩිල්ෂාන් මෙසේ අදහස් පළ කළේය.

    ”මෙම තරගාවලියේ සියලූ තරග අපිට වැදගත්, අපිට කිසිම තරගයක් පහසුවට ගන්න බෑ. අපි තරගාවලියේ ගොඩක් ඉදිරියට යන්න හොඳ ආරම්භයක් ලබා ගත්තා”

    ”මගේ ප‍්‍රධාන ඉලක්කය වුණේ පුඵවන් තරම් කාලයක් පන්දුවට පහරදීමයි. එහිදී මගේ අදහස වුණේ මැද පිතිකරුවන්ට සහාය වීමයි. එවිට ඔවුන්ට හැකියාව ලැබෙනවා මාගේ වටේ ගොඩනැගෙන්න. තරගය අවසන් අවසන් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා”

    ”මම හිතන්නේ ලකුණු 150 කියන්නේ හොඳ ලකුණු සංඛ්‍යාවක්, ඒක හඹාගොස් ජය ලැබීම එතරම් පහසු නෑ. තණතීරුව ටිකක් මන්දගාමී. ඒ වගේම අපි දැක්කා පුහුණු තරගයේදී අපි ක‍්‍රීඩා කළ මේ තණතීරුව පිතිකරුවන්ට වාසිදායක වුණා. තරගය පැවැති තණතීරුව ටිකක් මන්දගාමී විශේෂ දඟ පන්දු යවන්නන්ට පහරදීමට ටිකක් අපහසුයි”

    ”ඇන්ජලෝ මැතිව්ස් හොඳින් පන්දුවට පහර දුන්නා. ඒ වගේම ඉදිරි පෙළ පිතිකරුවෙක් කඩුල්ලේ රැදී සිටියා. ඒ නිසා අපිට පහසුවෙන් ඉලක්කයට යන්න හැකියාව ලැබුණා”

    ”ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග දෙක පරාජය වුවත් අපි සියලූ දෙනාම එකට ඉදලා පළමු තරගය වැදගත් කියලා තේරුම් අරගෙනයි හිටියා. විශේෂයෙන් දුර්වල කණ්ඩායමක් සමඟ ක‍්‍රීඩා කරන විට පීඩනය වැඩියි. තරගයෙන් තරගයට ඉදිරියට යෑම තමයි අපේ සැලැස්ම. දින දෙකකින් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරගයක් තියෙනවා. ඔවුන් හොඳින් ක‍්‍රීඩා කරමින් සිටිනවා. මේ ක‍්‍රීඩා කරන විලාශයෙන්ම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා”

    ”ලසිත් මාලිංග ආබාධයට ලක්වීමත් සමග අපිට පන්දු යැවීමේ අත්දැකීම් අඩු තත්ත්වයක් තියෙනවා. නමුත් දුෂ්මන්ත චමීර සහ කුලසේකර හොඳින් පන්දු යවමින් ඉන්නවා. පන්දු රැකීමෙන් තව ඉදිරියට යා යුතුයි”

    මෙම තරගයේදී තිසර පෙරේරා පිතිකරු ලැයිස්තුවේ අංක හතර ස්ථානයට යෙදවීමේ තීරණය පිළිබඳව කළ විමසුමේදී ඩිල්ෂාන් එය මෙසේ විස්තර කළේය.

    ”ඒ වන විට පා දඟ පන්දු යවන්නන් දෙදෙනකු පන්දු යවමින් සිටියේ. ඒ නිසා ඇන්ජලෝ සහ පුහුණුකරු තීරණය කළා තිසර අංක හතර ස්ථානයට යොදවන්න.

    ඔහු දඟ පන්දු යවන්නන්ට පහසුවෙන් හයේ පහර දෙකක් ගැසුවා නම් අපිට ඉලක්කයට යන්න පහසු වෙනවා. ඒ නිසා තමයි ඒ තීරණය ගත්තේ”

    ඩිල්ෂාන්ගේ පන්දු රැකීමේ හැකියාව සහ එම තරගයේදී පන්දු යැවීමේ අවස්ථාව නොලැබීම පිළිබඳව ඩිල්ෂාන් මෙසේ අදහස් දැක්වීය.

    ”මම කැමති පන්දු රැකීමෙන් දෙයක් කරන්න පුඵවන්නම්, ඒ නිසා මම පන්දු රැකීමේ පුහුණුකරු සමඟ ගොඩක් වැඩ කරනවා. සෑම බෝලයක්ම මට එනවා නම් මම කැමතියි. ඒ නිසා වෙන්න ඇති මම තවමත් කවර් පොයිට් එකේ ක‍්‍රීඩා කරන්නේ. මම සෑම විටම හිතන්නේ දුවද්දී දැවී යෑමක් හෝ අපහසු උඩ පන්දුවක් රැකගෙන කණ්ඩායම උඩට දා ගන්න. වයස ගැන හිතන්නේ නැතුව නවක ක‍්‍රීඩකයන් ද සම`ග ඉදිරියට යන්න තමයි හිතන්නේ”

    ”ඇෆ්ගනිස්තාන් පිලේ සිටියේ දකුණත් පිතිකරුවෝ ඒ නිසා තමයි පන්දු යවන්න අවස්ථාවක් ලැබුණේ නැත්තේ. පා දඟ පන්දු යවන්නන් වන රංගන හේරත් සහ මිලින්ද යොදා ගත්තේ ඒ නිසායි. තිසර හොදින් පන්දු යැව්වා ඒ වගේම ඇන්ජලෝ පළමු ඕවර දෙක හො`දටම දැම්මා ඒ නිසා මම හිතන්නේ මම පන්දු යවන්න අවශ්‍යාතාවක් ඇති වුණේ නෑ”
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    දැන් මේකේ කි දෙනෙක් බැන්නද මහේල England උපදේශක ගියා කියලා :rofl::rofl:

    මුන්ගේ බොලස්ලගේ T20 Avg බැලුවා නම් මෙහෙම කන එක අරුමයක් නෙවි...බැටලා නම් මුන්ගේ හොදයි..එත් බොලින්ග් පජාතයි :baffled:

    හැමදාම කියනවා හැකියාව නැත්නම් T20 ගහන්න බැහැ කියලා..එකක් දෙකක් ගහවි,එත් පරදින ප්‍රමාණය වැඩි

    ඔය වගේ ටීම් එකකට මහේල නෙවි දොන් බැට්මන් ආවත් කරන්න දෙයක් නැහැ..බැරි නම් උණ කොහොම ගහන්නද :P:P

    ඔන්න ඕකයි අපිටත් වෙලා තියෙන්නේ..ලෝකේ ඉන්න හොදම පුහුණුකරු ආවත්,ලංකාවේ ඉන්න හැමෝම විශ් කොරත් වැඩක් නැහැ,ගහන යට හැකියාවක් නැත්නම් :lol::lol:

    දැන්වත් තේරුම් ගනිල්ලා විශ් කරාට මැච් දිනන්නේ නැහැ හැකියාව තමා ඕන මැච් දිනන්න :D