ⒷⒷⒷ ෴ || ICC 20-20... 03-30-2016 09:06 AM tho aai thred hadann epa.tho thred heduwoth mahinda hora match blnn awa wage thama.
![]()
ⒷⒷⒷ ෴ || ICC 20-20... 03-30-2016 01:44 PM what a curse your therd our team pussy boy !! do not post anything future loser !!
![]()

යකෝ දෙවැනි එකා කඩ්ඩෙන් ගහලනේ කැත විදියට.. මොකද්ද බන් උ කියන්නේ මට තේරුනේ නැනේ![]()

ⒷⒷⒷ ෴ || ICC 20-20... 03-30-2016 09:06 AM tho aai thred hadann epa.tho thred heduwoth mahinda hora match blnn awa wage thama.
![]()

England ada lowth gahanawa![]()

කාන්තා ක්‍රිකට් එක ගැන දාන්නේ නැති එක නම් හරි අසාදාරනයි නේද
අර සොහොනට බාර දුන්නනම් හරි
හා මුසලයෝ Thirimanna ta thawa chances denna one kiyala thiyaganiida danne na kattiya.![]()

ටික වෙලාවක් අරන් කියවලා බලන්න..
ඒ තමයි ලෝකෙ ක්‍රිකට් වලට වෙලා තියෙන ඇත්තම තත්ත්වේ..
මේ නිසා තමයි ඉන්දියාව එක්ක ගහලා දිනන එක එච්චර වටින්නේ.. මොකද අනිත් කණ්ඩායමට තරඟ කරන්න වෙලා තියෙන්නේ ක්‍රීඩකයෝ 11ක් එක්ක විතරක් නෙමෙයි නිසා..
විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග අද සිට ආරම්භ වේ. නවසීලන්තය , එංගලන්තය , බටහිර ඉන්දීය කොදෙව් සමගින් ඉන්දියාව අවසන් පූර්ව තරග වලදි අවසන් මහා තරගයෙ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සටන් වැදීමට නියමිතයි. මෙවර ලෝක කුසලානය සර්ව සාධාරණ නොවන පක්ෂග්රාහී එකක් බව ඕනෑම කෙනෙකුට පළමු වටයෙ තරග වලින්ම බැලු බැල්මට පෙනෙන නමුත් මීට ස්වල්ප මොහොතකට කලින් මා දුටු පුවතක් නිසා මේ සටහන ලිවිමට මුල පිරුවා !.
හෙට දිනයේ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගයට දිනයකට පෙර එනම් අද දිනයෙ ඉන්දියානු ක්‍රීකට් පාලක මණ්ඩලය හරි අපූරු තීරණයක් ගෙන තිබෙනවා. එනම් මේ ලෝක කුසලානයෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට ටෙස්ට් තරග හතරක තරග සංචාරයක් ලබා දීමයි. බොහො විට ටෙස්ට් ක්‍රීකට් ක්‍රීඩා කරන රටවලට තරගයක් සත්කාරකත්වය දැරීමේදි වැඩිම මුදලක් හිමි වන්නෙ ඉන්දීය සංචාරයකදි. ඒ අනුව මේ තීරණය බැලු බැල්මට මූල්‍ය අර්බුද වලින් මිරිකි සිටින කොදෙව් ක්‍රීකට් මණ්ඩලයට ඉන්දියාවෙන් ලබා දුන් මුදල් තෑග්ගක් ලෙස ඕනැම කෙනෙකුට වැටහෙන කරුණක්. නමුත් ගැටලුව වන්නේ ලෝක කුසලානයක අවසන් පූර්ව තරගයකට පැය හතලිහක් වැනි කෙටි කාලයක් තබා ගෙන කොදෙව්වන්ට ඉන්දියාව විසින්ලබා දුන් මේ ත්‍යාගයෙන් අනතුරුව ඉන්දියාව විසින් කොදෙව්වන්ගෙන් බලාපොරොත්තු වන්නෙ කුමක්ද යන කරුණයි. මා විසින් දැන් නොකීවත් එය කුමක්ද යන්න මේ වනවිටත් ඔබට වැටහි තිබෙනු නොඅනුමානය !. හෙට අර්ධ අවසන් පූර්ව තරගයෙ වෙනත් තරගවල අති සාර්ථක වූ ගේල් ලා , බ්රාවෝ ලා , ඇන්ඩ්රී රසල් ලා අසාර්ථක වි උඩ පන්දු අත හරිමින් අසාමාන්‍ය පරාජයක් ලැබුවත් ඔබ පුදුම නොවන්න.
තරගාවලිය පුරාවටම ඉන්දියාවෙ තරග රටාව දෙස බැලු විට ඔහුන් අවසන් පූර්ව වටයෙ සිටීමට නොසුදුසු කණ්ඩායමක් බව හැගි යන්නෙ IPL නොතකන නවසීලන්තය හමුවෙ ලකුණු 79කට දැවි ගොස් ලැබු අන්ත පරාජයත්
ටස්කින් අහමඩ් , අරෆත් සනි වැනි ප්‍රධාන පන්දු යවන්නන් නොමැතිව ක්‍රීඩා කල බංග්ලාදේශය හමුවෙ ලැබු ලකුණක ජයත් නිසාය. ගප්ටිල් ලා විලියම්සන් ලාට IPl දොර වැසුනත් ඔහුන් මේ තරග රටාවෙ කොතරම් දක්ෂයන්ද යන්න ප්‍රදර්ශනය කරමින් සිටි. හඹා ගොස් ඕනෑම තරගයක් ජය ගන්නා ඉන්දියාවෙ සුපිරි වීරයා කෝලී ඉශ් සෝදී ඉදිරියෙ දැවි ගිය අකාරය අපි දුටුවෙමු. IPL නොතකන නවසීලන්තය හමුවෙ හබා ගොස් ඉන්දියාවට ජය ගැනීමට නොහැකි විය. මිචෙල් සැන්ට්නර් හා ඉශ් සෝදි දිනයෙ වීරයන් විය. ඔහුන්ට IPL දොර විවෘත වී තිබුනේද නැත.
පන්දු යැවීමෙ ඉරියව්ව මත ICC විසින් ක්‍රීඩා කිරිම තහනම් කෙරු ටස්කින් අහමඩ් ඉන්දියාවට එරෙහිව සාර්ථකම බංග්ලාදේශ් පන්දු යවන්නාය. ඔහු හා අරෆත් සනී නොසිටි බංග්ලාදේශ කණ්ඩායම පැරදවීමටද ඉන්දියාවට අසීරු විය. අවසානයෙ ලැබු ප්‍රසාද ලකුණු දෙකටත් අඩුවෙන් එක ලකුණක ජයක් ඉන්දියාවට හිමි විය.
ඕස්ට්‍රේලීයාව සමග තරගයේදීද ස්ටිව් ස්මිත් ගෙ විනිසුරු තීරණය ඉන්දියාවට ඒක පාර්ශවික යැයි චෝදනා එල්ලවුවද ඕස්ට්රේලීයාවෙ අවසන් පන්දු වාර යැවු අකාරයද හොද නිරීක්ෂකයෙකුට යම් කිසි අමුත්තක් පෙනෙන්නට තිබුනි. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ බොහො පන්දු කෙටි පන්දු විය. මා විස්වාස කරන අයුරින් නම් නූතන පන්දු යවන්නන් අවසන් පන්දුවාරවල බහුලව යොදා ගන්නා යෝර්කර් පන්දු කිහිපයකින් පීඩනය ඉන්දියාව දෙසට යොමු කිරීමට ඕස්ට්‍රේලියාවට හැකියාව තිබුනි. තවද පාදග පන්දු යවන්නන්ට සාමාන්‍යයෙන් දුර්වල විරාත් කෝලී හමුවෙ පන්දු යැවු ඕස්ට්‍රේලියානු පාදග පන්දු යවන්නා ඇඩම් සම්පා ගෙ පන්දු වලද කිසිදු තර්ජනයක් නොතිබිනි. වැඩිදුර සොයා බැලිමේදී ඔහූ මෙවර IPL අලෙවියෙ පූනෙ කණ්ඩායමට ඉන්දියානු රුපියල් ලක්ෂ තිහක මුදලකට අලෙවි වී තිබෙනු දුටුවෙමු. ඉන් එහාට තිබෙන්නේ සාක්ෂි නොමැති සැකයක් නිසා මා මොකුත් නොකියමි.
මේ තරගාවලියෙ තවත් එක් සැක කටයුතු තරගයක් තිබිනි. ඒ සිය ඛාණ්ඩයෙ පෙරමුනෙ පසුවූ කොදෙව්වන් හා අවසන් ස්ථානයෙ සිටි ඇෆ්ගන් කණ්ඩායම අතර තරගයයි. බොහො දෙනා බලාපොරොත්තු වූයෙ කොදෙව් කණ්ඩායමට පහසු ජයකි. නමුත් කිසිවකු නොසිතු පරිදි අවසානයේ දි ජයග්‍රහණය කලෙ ඇෆ්ගන් කණ්ඩායමයි. ක්‍රීකට් තරගවල බුකිකරුවන් රජයන සමයක මෙවැනි විශාල තරගාවලියක් බුකිකරුවන් ධණ නිධානයක් බවට පත් කර ගැනීම අනිවාර්යෙන් සිදුවන කරුණකි. ක්‍රීකට් තරගයක ඔට්ටු දැමීම සිදුවන්නෙ අනුපාත ක්රමයකිනි. එනම් තරගය තිබෙන කණ්ඩායම් දෙකට නියමිත ජයග්‍රහණ අනුපාතයක් තිබෙ. උදාහරණයක් ලෙස තරගය ඉන්දියාව හා ඕමානය අතර යැයි සිතමු. මේ තරගයෙ සියලු දෙනා ඔට්ටු අල්ලන්නෙ ඉන්දීය කණ්ඩායමටයි. ඕමාන කණ්ඩායමට ඔට්ටු අල්ලන පිරිස නැති තරම්ය. ඉතින් මේ තරගයෙ ඉන්දියාව පරදා ඕමානය ජය ගත්තා යැයි සිතන්න. අවසන සිදු වන්නෙ ඔට්ටු දැමු සියල්ලන් පරාජය වී තරගය සංවිධාණය කළ බුකි සංගමයට අති විශාල මුදලක් එක් වරම ලැබීමයි. එය ඔබ සිතනවාට වඩා විශාල මුදලකි.
නැවතත් තරගය දෙසට යොමුවුවහොත් ඇෆ්ගන් තරගය පරාජය වූවාට කොදෙව් පිළට නැති වීමට දෙයක් නොතිබිනි. ඔහුන් ඒ වනවිටත් කාණ්ඩයෙ පෙරමුනෙ සිටිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබිනි. බොහො දෙනා බලාපොරොත්තු වූයෙ කොදෙව් කණ්ඩායමට පහසු ජයකි. නමුත් අවසානයෙදි ඔහුන් තරගය පරාජය උනි. කොදෙව් කණ්ඩායම යනු පාලක මණ්ඩලයෙන් වැටුප් ගෙවීම මාසයක් ප්‍රමාද වූ විට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරිම ප්‍රතික්ෂේප කරන , ජාතීක කණ්ඩායමේ තරග නොතකා ලොව පුරා ලීග් තරගාවලි වලට මුදල් මත සහභාගී වන ක්‍රීඩකයන් ගෙන් සමන්විත කණ්ඩායමකි. IPL තරගාවලියටද විදේශ රටවල් වලින් වැඩිම ක්‍රීඩකයන් ගණන සහභාගී කරවා ගන්නේද කොදෙව් දූපත් වලිනි. එවැනි පසුබිමක කොදෙව් ක්‍රීඩකයන් හා IPL තරගාවලියෙ විවිද වෙසින් සිටින ඉන්දීය බුකිකරුවන් අතර සම්බන්ධයක් තිබීම හා ජයග්‍රහණය අනවශ්‍ය මොහොතක හොද මුදලකට තරගයක් පරාජය වීම කොදෙව්වන්ට ඒ තරම් දෙයක් නොවනු ඇත. ඇෆ්ගන් තරගය යම්කිසි බුකිකරුවන් පිරිසක් බිලියනපතියන් කිරිමට මිලියන ගණනකින් අල්ලස් ලබා ගෙන කොදෙව්වන් සිතා මතාම පරාජය වූවා යැයි මා සැක කරන්නෙ එබැවිනි.
අනෙක් කරුණ මේ තරගාවලිය හා ආසියානු කුසලානය පුරාවටම ඒකපාර්ශ්වික වූ විනිසුරු තීරණයි. විස්සයි විස්ස තරගවලට ලබා නොගන්නා විනිසුරු තීරණ නැවත සලකා බැලීමෙ ක්රීයාදාමය තමන් සහභාගි වන තරගවලට ඉන්දියාව කිසිදු ආකෘතියකදි යොදා නොගනි. තත්වය එසෙ තිබියදි ආසියානු කුසලාන ජයග්‍රහණය කිරීමට හා ලෝක කුසලානයෙ අවසන් පූර්ව වටයට පිවිසීමට ඉන්දියාවෙ වාසියට ලබා දුන් විනිසුරු තීරණ ගණන අතෙ ඇගිලි ගණනටත් වැඩිය. මෙය තෙවන විනිසුරුටත් අදාලය. මෙසේ දිගින් දිගටම විනිසුරු තීරණ වැරදීම අහම්බයක් ලෙස හෝ සුලුවෙන් හො සැලකීමට නොහැකි වන්නෙ සෑම විනිසුරු තීරණයක්ම ඉන්දියාවෙ හිත සුව පිණිස වැරදීමත් ඉන්දියාවට එරෙහිව මෙතෙක් කිසිදු වැරදි තීරණයක් මේ විනිසුරුවරුන් ලබා නොදීම නිසාය. තවද ඉන්දීය ක්‍රීකට් පාලක මණ්ඩලයෙ මුදලින් පාලනය වන අන්තර් ජාතීක ක්‍රිකට් කවුන්සලය විසින් ඉන්දියාව හා අනෙක් පාලන රටවල් දෙක හැරුනු කොට අනෙක් සියලු රටවල ප්‍රධාන දග පන්දු යවන්නන්ට පන්දු යැවීම තහනම් කරමින් පක්ෂග්රාහී පහසු වේදීකාවක් ඉන්දියාවට නිර්මාණය කරමින් සිටි. ලොව පිළිගත් ක්‍රීඩාවක පාලන අධීකාරයක් මෙලෙස එක් රටකට සියලු ජයග්‍රහණ අයිති කර දීමට පක්ෂග්රාහී තීරණ ගැනීම සිදුවන්නෙ ක්‍රීකට් ක්‍රීඩාවෙ පමනක් බවද කිව යුතුය.
ඉන්දිය පිතිකරු විරාත් කෝලී සුපිරි පිතිකරුවෙකුයැයි බොහො දෙනා බොහො තැන්වල වර්ණනා කරනු මා දුටුවෙමි. නමුත් සියුම්ව වත්මන් ක්‍රීකට් ක්‍රීඩාව නිරීක්ෂණය කරන්නෙකුට, ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයෙ කළමණාකරුවෙකු ලෙස වසර ගණනක ක්‍රීකට් ක්‍රීඩාවෙ අත්දැකීම් තිබෙන Jayantha අංකල් වරක් මා සමග පැවසු පරිදි මොඩර්න් ක්‍රීකට් ක්‍රීඩාව ICC ය විසින් තිර පිටපත ලියා ඉන්දියානු ක්‍රීකට් පාලක මණ්ඩලය විසින් අධ්‍යක්ෂණය කරනු ලබන විරාත් කෝලී සුපිරි වීරයාගෙ චරිතයට පණ පොවන බොලිවුඩ් චිත්‍රපටයක් බවට වැටහෙනු ඇත.

kiyanna wadan nethaindiawata habai hamadama naththal enne nah