├ අපූරු සහායිකාවක් ├

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ├ අපූරු සහායිකාවක් ├

    ඔබේ Windows 8 පරිගණකයටත් දැන් අපූරු සහායිකාවක් !
    Speaktoit-Android-virtual-assistant-with-more-unique-usability-features.jpg


    ඔබ Android හරි iOS හරි භාවිතකරන කෙනෙක් නම් Speaktoit’s Assistant ගැන අහලා නැති වෙන්න බැහැ. එය Google Now හා Apple Siri වැනි පුද්ගලික සහායක මෘදුකාංගයක්.

    ඔබ මීට කලින් Speaktoit’s Assistant භාවිත කරලා ඇත්නම් ඔබ දන්නවා ඇති එය සමහර විටක Google Now හා Apple Siri වලට වඩා නිවැරදිව හා වඩාත් ඉක්මනින් තොරතුරු ලබාදනෙ අවස්ථාත් තියෙනවා. Third Party app එකක් වුනත් එහි ඇති feature, නිවැරදි බව හා කාන්තාවගේ රුව නිසා බොහෝ දෙනා අතර ඉක්මනිනම ජනප්‍රිය වුනා. ඔන්න ඉතින් දැන් මේ මෘදුකාංගය Windows Phone 8 වලටත් Windows 8 PC සඳහා.

    Android හා iOS මෙහෙයුම් පද්ධති මෙන්ම Windows 8 සඳහාත් මෙය නොමිලයේම භාගත හැකි වුවත් සමහර අංග සඳහා පණවා ඇති සීමා Paid version එකේදී ඉවත්වනු ඇත. ඔබේ පරිගණකයට මයික්‍රෙෆා්නයක් සවිකර ඇත්නම් ඔබේම කටහඬ භාවිත කර සහාය ලබාගන්නට හැකියාව ඇති අතර එසේ නොමැතිනම් Keyboard එක භාවිත කර ඔබ අසන ප්‍රශ්ණ වලටත් ඇය පිළිතුරු සපයාවි.

    Screenshot.12946.1000004.jpg


    Screenshot.12946.1000003.jpg


    Screenshot.12946.1000002.jpg


    Screenshot.12946.1000001.jpg


    Screenshot.12946.1000000.jpg


    >>>Download>>>>>


    techguru.lk
     
    Last edited: