█ + █ ලෝකය ඔබව හදුනන්නේ කෙසේද █ + █

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    █ + █ ලෝකය ඔබව හදුනන්නේ කෙසේද █ + █

    වසර සියයකට පමන පෙර දිනක මිනිසෙක් උදෑසන පුවත්පත බලන විට දුටුවේ එහි මරණ දැන්වීම් තීරුවේ තම නම සටහන්ව ඇති ආකාරයයි. මෙය දැකීමෙන් ඔහු විශ්මයටත් භීතියටත් පත් වූ අතර තමා ඇත්තෙන්ම මරණයට පත් නොවූ බවත් මෙය අත්වැරදීමක් බවත් පසක් කර ගැනීමට ඔහුට මද වේලාවක් ගත විය.

    යලිත් පියවි සිහියට පැමිනි ඔහු ඉන්පසු උනන්දු වූයේ පුවත්පත් වාර්තාකරුවන් තමා ගැන පවසා ඇත්තේ කුමක්ද යන්න දැන ගැනීමයි.මරණ දැන්වීමේ සටහන් වූයේ "ඩයිනමයිට් රජු මියයයි" යනුවෙනි,එසේම ඔහුව "මරණයේ වෙළෙන්දා" යනුවෙන් ද හදුන්වා තිබුනි.

    මෙම මිනිසා නම් 1833දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ඉපදී 1866 දී ලොවට ඩයිනමයිට් හදුන්වා දී ඉන් කෝටිපතියෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතායි. තමාව පුවත්පතේ හදුන්වා දී තිබුනු "මරණයේ වෙළෙන්දා" යන වචන දුටු ඔහුගේ සිතට නැගුනේ "මම මියගිය දවසක මිනිසුන් මාව හදුනා ගන්නේ මරණයේ වෙළෙන් දා නමින් ද?" යන්නයි. ඔහු මේ පිලිබදව බොහෝ වේලාවක් කල්පනා කල අතර අවසානයේ තීරණයකට පැමිනියේ යම් දිනක තමා මිය ගිය විට මිනිසුන් ඔහුව හදුනා ගත යුත්තේ මරණයේ වෙළෙන්දා යන නමින් නොවේය යන්නයි.

    ඔහු එදින සිට මානව සංහතියේ යහපත උදෙසා තමා සතු අති මහත් ධනස්කන්ධය වැය කල අතර අද ලෝකය ඔහුව හදුනන්නේ විනාශකාරී ඩයිනමයිට් ලොවට හදුන්වා දුන් මරණයේ වෙළෙන්දා ලෙස නොව ලොව අති සුවිශේෂී පුද්ගලයන්ට පුදන ලොව පරසිදු නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවරයා ලෙසය.

    මරණ දැන්වීම දුටු ඇල්ෆ්‍රඩ් නොබෙල් තම ජීවිතය වෙනස් කර ගත්තා මෙන් උදා වන නව වසරේදී ඔබේ ජීවිතය ඔබේත් සමාජයේත් යහපත් උදෙසා වෙනස් කර ගැනීමට සිතට ගන්න..

    ජීවිතයට වැදගත් යමක් මේ කෙටි කතාවෙන් ලබා ගත හැකි යැයි ඔබ විශ්වාස කරනවා නම් REP+


    උපුටා ගැනීම FB
     
    • Like
    Reactions: TakurZ