►►දෛවයට අනූව ඔබේ සිතුම් පැතුම් වෙනස් කරන&#3530

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
►►දෛවයට අනූව ඔබේ සිතුම් පැතුම් වෙනස් කරන&#3530

මේක ඇමරිකාවේ සිද්ධ වුන කථාවක්. ඇෆ්ගනිස්ථානයේ සටන් බිමේ හිටිය සෙබලෙකුට එයාගේ ආදරවන්තියගෙන් මෙහෙම ලිපියක් ලැබුනා.

ආදරණීය රිකී,
මට තව දුරටත් අපේ සම්බන්ධතාවය පවත්වන්න බෑ. අපි දෙන්නා ගොඩක් ඈත් වෙලා ඉන්නේ. අපි අපේ සම්බන්ධතාවය නතර කරමු. මට සමාවෙන්න.
... මම ඔයාට එවපු මගේ ෆොටෝ එක මට ආපහු එවන්න.
මීට ආදර
බෙකී.



මේ ලියුම කියවපු සෙබලාට ගොඩක් දුක හිතුනා,ඉතින් මෙයා මෙයාගෙ සහෝදර සෙබලුන්ට කතා කරලා ඒ අය ලග තියන එයාලගේ පෙම්වතියන්ගේ සහෝදරියන්ගේ,භාර්යාවන්ගේ සියලුම ඡායාරූප ටික එකතු කර ගත්තා.
එකතු කරගෙන ඉවර වෙලා බලනකොට ලස්සන ගෑනු ළමයි 30ක 35කගේ ඡායාරූප තියනවා. අන්තිමට මේ සෙබලා එයාගේ පෙම්වතිය වුනු බෙකීගේ ෆොටෝ එකත් අරගෙන ඔක්කොම එක පාර්සලයකට දාලා මේ වගේ ලියුමක් එක්ක එයාගේ පෙම්වතිය වුනු බෙකීට යැව්වා.


ආදරණීය බෙකී,
මට සමාවෙන්න.ඒත් මට ඔයා කවුද කියන්න හරියටම මතක නෑ.
ඒ නිසා මේ ලියුමත් එක්ක එවලා තියන පාර්සලයෙන් ඔයාගේ ෆොටෝ එක අරගෙන මට අනිත් ෆොටෝ ටික එවන්න.
මීට රිකී.

▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
ඔබේ දෛවය ඔබට වෙනස් කල නොහැකි නම් දෛවයට අනූව ඔබේ සිතුම් පැතුම් වෙනස් කරන්න.
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀



374617_283177681721416_193218727383979_748018_536090050_n.jpg