►►► පිය මනිමු කන්ඳ උඩරට මාවතේ අතීතයට ◄◄◄

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ►►► පිය මනිමු කන්ඳ උඩරට මාවතේ අතීතයට ◄◄◄

    ~ කොළඹ - නුවර පාරේ උපත ~





    ශ්‍රී වික‍්‍රමරාජසිංහ රජු අල්ලා ගැනීමට කොළඹ සිට මහනුවරට ගිය ඉංග‍්‍රීසි හමුදාවට ඒ සඳහා නියමිත මාර්ගයක් නොතිබූ අතර පේරාදෙණිය දක්වා ගන වනාන්තර මැදින් ගමන් කළ මේජර් ඬේවි ඇතුළු ඉංග‍්‍රීසි හමුදාව එතැන් සිට මහනුවරට ළඟාවූයේ මහවැලි ගංඟාව තරණය කිරීමෙනි.
    හෙන්රි මාෂල්ගේ දිනපොතට අනුව 1803 ජූනි 24 වැනි දින (සිකුරාදා) පිටාර ගලමින් තිබුණු මහවැලි ගඟ අසල ඇති ”වටපුළුව” අම්බලමේ මේජර් ඬේවි ඇතුළු පිරිස රාත‍්‍රිය ගතකළහ. ගන කැලය මැද දින ගණනක් නතර වී සිටි හමුදාවේ සමහර සෙබළුන්ට ”කැළෑ උණ” ලෙස හැඳින්වූ මැලේරියාව වැළඳිණි. රෝගය උත්සන්න වීමෙන් භටයෝ කීපදෙනෙක්ම ජීවිතක්‍ෂයට පත්වූහ.

    මහවැලි ගඟ තරණය කර මහනුවරට ලඟාවීමට ඉංග‍්‍රීසි හමුදාව උණලී පාරු සාදා ගත්හ. ගඟ තරණය කොට ”වාගොල්ල” නැමැති ස්ථානයක නතර වී සිට පසුව මහනුවරට ගොඩ බට බව හෙන්රි මාෂල්ගේ දින පොතෙහි සඳහන් වෙයි. පෘතුගීසි සමයේදී ද මහනුවරට ගමන් කිරීම සඳහා ස්ථීර මාර්ගයක් නොවූ අතර මේ හේතුව නිසා ඔවුන්ද මහත් දුෂ්කරතාවට පත්වූහ. එකළ ගන වනාන්තරය ඔස්සේ දුෂ්කර මාර්ගයක් පිහිටා තිබුණද එයත් ”බලන” කඳුවැටිය අසලින් නිමාවට පත්විය.
    පෘතුගීසින්ට ද මහනුවරට යාම සඳහා ස්ථීර මාර්ගයක අවශ්‍යතාව තිබුණද එය යථාර්ථයක් බවට පත්කර ගන්නේ ඉංග‍්‍රීසීන්ය. එඞ්වඞ් බාන්ස් නැමැති ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයා 1820දී පමණ සීතාවක - ඉද්දමල්පාන, අරන්දර, හෙට්ටිමුල්ල, උස්සාපිටිය, බලන හරහා මහනුවර දක්වා වැලිපාරක් සකස් කළේය. ලන්දේසීන් ඉදිකර තිබූ බළකොටු හරහා ඉදිවූ මෙම මාර්ගය ඔස්සේ බාන්ස් ආණ්ඩුකාරවරයා පසුව දෝලාවකින් ගමන්ගත් බවද පැවැසේ.

    1821 පමණ වන විට එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා අඹේපුස්ස හරහා මහනුවරට යාම සඳහා තවත් මාර්ගයක් සැළසුම් කළේය. තුන්කොරලය හා හේවාගම් කෝරල, සියනෑ කෝරල හරහා යන මාර්ගයේ පළමු අදියර ලෙස කොළඹ සිට අඹේපුස්ස දක්වා ඉදිවිය. මහර, කඩවත, යක්කල, වරකාපොල හා මාවනැල්ල යන නගර හරහා ඉදිකිරීමට යෝජිත මාර්ගය සඳහා ගංඟා 4ක් මතින් මහපාලම් හතරක් ඉදිකිරීමට ද සැළසුම් සකස්විය.

    මෙම මාර්ගය ඔස්සේ පැමිණ කොළඹට ඇතුළුවීමට තිබුණ දොරටුව වන්නේ අද කඩවත නගරයයි. කඩවතට පැමිණ කොළඹට ඇතුළුවන සියලූ දෙනා බදුගෙවා ඇතුළුවීම අනිවාර්ය විය. කඩවතින් ඇතුළු වී කැලණිග හරහා ගමන් කළ යුතුව තිබුණේ දිගු පාරු යොදා සකස් කර තිබූ පාරු පාලමෙනි.
    අඹේපුස්ස සිට උඩරට දක්වා දිවෙන මාර්ගය ඉදිකිරීමේ වගකීම කරට ගත්තේ මේජර් ස්කීනර්ය. ඒ මාර්ගය අදටත් දක්නට ඇති අතර ඒ පැරණි උස්සාපිටිය මාර්ගයයි. තාවකාලික ලෙස සකස් කළ මාර්ගය සුදු ජාතික ආණ්ඩුකාර ජෝන් ජෝර්ජ් පේ‍්‍රෂර් විසින් විධිමත් ලෙස මහනුවර දක්වා රැගෙන යනු ලැබූ අතර ඒ සඳහා අඹේපුස්ස සිට හතර කෝරළය හරහා ගන වනාන්තර එළිකළේය. මෙම මාර්ගය නිම කිරීමෙන් පසුව කොළඹ සිට මහනුවරට ගමන් කළහැකි විධිමත් මාර්ගය මෙය වූ බව සර් ජෝන් ඬේවි නම් ඉංග‍්‍රීසි ජාතික ලේඛකයා (AN Account of the interion of ceylon) නමැති ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ.

    කොළඹ x නුවර මාර්ගය කපන විට ඊට වසර 450කට පමණ පෙර රජකළ තුන්වැනි වික‍්‍රමබාහු රජුට අයත්ව තිබූ රජ මාලිගාව ඉදිරිපිට පිහිටි මල්වත්ත ”පේරාදෙණිය උද්භිත උද්‍යානය” ලෙස සකස් කිරීමට ඉංග‍්‍රීසිහු පියවර ගත්හ. ඒ යුගයේ දී ”මහනුවර” යන නම භාවිත නොවූ අතර ”සෙංකඩගලපුර” නම භාවිත විය. ”කන්ද” යනුවෙන් ඉංග‍්‍රීසින් හැඳින්වූ නාමය පසුව ”කැන්ඩි” යනුවෙන් වෙනස් වූ බව ද කියැවේ.

    1824 දී කොළඹ - නුවර මාර්ගය කපමින් සිටිනවිට බාන්ස් ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකාවේ ජනසංගණනයක්ද පැවැත්වූ අතර එදා සංගණනයට අනුව ජනගහනය වූයේ අටලක්‍ෂ පනස්එක්දහස් හාරසිය හතළිහකි. (851440) කොළඹ - නුවර මාර්ගය සැකසෙමින් තිබූ නිසා බොහෝ ජනතාව මහනුවර ප‍්‍රදේශයට පැමිණ පදිංචි වූ බව ද පැවසේ. එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා දරදඬු ගතිපැවතුම් වලින් යුත් පාලකයකු වූ නිසා බොහෝ සිංහලයන් ඔහුගේ ඇසට හසුනොවී කැලෑවැදී ජීවත්වූ අතර එසේ සැඟවී සිටි පිරිස් එම සංගණනයට ඇතුළත්ව නැත.

    මහනුවර නගරයේ දී මෙම මාර්ගය සකස් කිරීමේ දී බෝගම්බර වැවද විශාල කොටසක් ගොඩකළ බව කියැවේ. අද මහනුවර නගරය සම්පූර්ණයෙන්ම වාගේ පිහිටා ඇති ප‍්‍රදේශය එකල බෝගම්බර වැව බවද කියැවේ. බෝගම්බර වැව බොහෝ සේ ගොඩකර ඇත්තේ ඉංග‍්‍රීසීන්ය. සිංහල රජවරු ”බොහෝ ගම්වර” පිදු තැන පසුව බෝගම්බර වූ බවද ”මන්දාරම් පුවතේ” සඳහන් වෙයි.

    කොළඹ - නුවර මාර්ගය සැකසීමේ දී මාවිල්මඩ නම් වූ කැලෑගමක් මතින්ද ඉදිවිය. මේ ප‍්‍රදේශයේ දී සිංහල හමුදාව හා ගැටුනු ඉංග‍්‍රීසි හමුදාවේ විශාල පිරිසක් මියගිය අතර ඒ මියගිය අයගේ නාම ලේඛනය බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ අදත් දක්නට ඇති බව ද කියැවේ.
    ඇහැලේපොල කුමාරිහාමිගේ පරම්පරාවට අයත් වඩිගමංගාව නමැති ගම මතින්ද මේ මාර්ගය ඉදිවිය. වඩිගමංගාව අද දක්නට නැතත් 1818දී වෙල්ලස්ස කැරැල්ල සමයේ දී වීර කැප්පෙටිපොලට සැඟවීම සඳහා ඉංග‍්‍රීසීන්ට ඒමට නොහැකිවන පරිද්දෙන් මාර්ගය වසා දැම්මේ මේ ස්ථානයේ දී බව ඉතිහාසය කියයි. ඒ ප‍්‍රදේශය පරවගහගම ලෙස අද හැඳින්වේ.

    ගොඩබිම් මාර්ගයක් සකස් කළද ඉංග‍්‍රීසින් සතු කෝපි, තේ වැනි ද්‍රව්‍ය කොළඹට ගෙන ඒමට අශ්ව කරත්තය ප‍්‍රමාණවත් නොවීය. මේ නිසා අශ්ව කෝච්චිය ආරම්භ වන්නේ මෙරට ප‍්‍රථම තැපැල් රථය වශයෙනි. ඒ අනුව ප‍්‍රථම තැපැල් රථය වූ අශ්ව කෝච්චිය 1832 පෙබරවාරි පළමු වැනිදා කොළඹින් ගමන් ආරම්භ කළේය. තැපැල් සේවය ප‍්‍රධාන කරගනිමින් ආරම්භ වූ අශ්ව කෝච්චිය උඩරට සුදු ජාතික වැවිලිකරුවන්ගේ සේම පොදු ගමනාගමනයට ද පසුව ව්‍යාප්ත විය. කොළඹින් පිටත්වන අශ්ව කෝච්චිය එතැන් සිට කිලෝමීටර් 4ක් පමණ ඈතින් පිහිටි කැලණි ගංඟාවෙන් එතෙර වූයේ බෝට්ටු හා පාරු යොදා සකස් කර තිබූ පාලම මතිනි. වික්ටෝරිය පාලම ඉදිවන තෙක් මේ පාරු පාලම සුවිශේෂී ප‍්‍රවාහන සේවාවක් සඳහා උරදුන් බව කියැවේ.

    වික්ටෝරියා පාලම කැලණි ගඟ හරහා ඉදිකිරීමෙන් පසුව එහි තිබූ පාරු පාලම 1895 මැයි 24 වැනි දින ගලවා ඉවත් කළේය. එදිනට යෙදී තිබුණු වික්ටෝරියා රැුජිනගේ උපන් දිනය සැමරීම සඳහා මෙම පාලම ඉදිවිය. ඒ වන විට කැලණි ගඟ හරහා ඉදිකර තිබූ පාරු පාලම පුරා දශක හතක් පමණ තම සේවාව ලබාදී තිබිණි. 1822 දී එවකට සිටි එඞ්වඩ බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් පාරු පාලම කරවන ලද්දේ කුඩා ප‍්‍රමාණයේ බොට්ටු (ඔරු) 21 යොදා ගනිමිනි. පාලමේ දිග අඩි 500කි.
    කොළඹ නුවර මාර්ගය මෙන්ම තැපැල් අශ්ව කෝච්චි සේවාවට ද මනා සහායක් ලබාදුන් මෙම බෝට්ටු පාලම බි‍්‍රතාන්‍ය රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ජෝන් ජෝර්ජ් පේෂර් ගේ නිර්මාණයක් විය.

    223.jpg

    කොළඹ - නුවර මාර්ගයේ ගමන් කරන අශ්ව කරත්තයක්

    Untitled-113.jpg

    කොළඹ - නුවර මාර්ගයේ ප‍්‍රථම අශ්ව කෝච්චිය සිත්තරකුගේ ඇසින්

    119.jpg

    කැලණි ගඟ හරහා ඉදිකර තිබූ පාරු පාලම

    Colombo-Kandy%20Road.jpg

    එදා කරත්තයක් නුවර පාරේ

    Kandy%20100%20years%20ago%20-%20very%20valu6.jpg


    image004.jpg


    image005.jpg



    image006.jpg


    image007.jpg


    Kandy%20100%20years%20ago%20-%20very%20valu1.jpg


    Kandy%20100%20years%20ago%20-%20very%20valu10.jpg


    Kandy%20100%20years%20ago%20-%20very%20valu11.jpg


    Kandy%20100%20years%20ago%20-%20very%20valu2.jpg


    Kandy%20100%20years%20ago%20-%20very%20valu3.jpg


    Kandy%20100%20years%20ago%20-%20very%20valu8.jpg


    Kandy%20100%20years%20ago%20-%20very%20valu9.jpg


    එදා මහ නුවර නගරය



    කියවූ ඔබට අතිරේකයක්
    !
    !
    \/
    !
    !
    \/
    !
    !
    \/


    Highway and Railway near Bandarawela, Ceylon.

    highway-and-railway-near-banderawilla.jpg


    A mountain station Ohiya, Ceylon in 1894.

    ohiya-railway-station-taken-in-1894.jpg


    Riding on the railroad

    riding-on-the-railroad.jpg


    Tunnels on the Railway near Ohiya, Ceylon

    tunnels-on-the-railway-near-ohiya.jpg


    Sensation Rock, Kadugannawa Railroad Incline 1910 - Kadugannawa, Ceylon

    Train+on+Railroad+Incline+1910+-+Kadugannawa_+Ceylon.jpg


    Railway line at Colpetty, Colombo, Ceylon

    Steam+train+1910+Colombo_+Ceylon.jpg


    Colombo to Kandy Railway, Ceylon

    colombo-to-kandy-railway.jpg


    sensation rock, Kadugannawa

    sensation-rock-on-the-incline-between-colombo-and-kandy.jpg


    View on the Railway Colombo to Kandy, Ceylon

    view-on-the-railway-columbo-to-kandy-ceylon.jpg


    Undergoing constructions of a Tunnel, Colombo - Kandy Railway Line, c.. 1860

    19-no-9-tunnel.jpg


    Undergoing constructions of Colombo - Kandy Railway Line 1860

    6-colombo-kandy-railway-line.jpg


    11-colombo-kandy-railway-line.jpg


    10-lions-mouth.jpg


    Railway bridge in 1880-1890

    2_railway-bridge-in-ceylon.jpg


    Kadugannawa Railway Station Colombo - Kandy, Ceylon

    3_railway-station.jpg


    Construction on Government Railway Line, Ceylon

    4_construction-railway.jpg


    Undergoing constructions of Colombo - Kandy Railway Line 1860

    5_colombo-kandy-railway-line.jpg


    Colombo Central Railway Station, Ceylon 1860 to 1880

    8_central-railway-station.jpg


    Colombo to Badulla on the main line at Kadugannawa incline

    kadugannawa-incline.jpg


    Railway Bridge Over Bentota River (Gin Ganga), Galle in 1894

    Bridge-Over-Bentota-River-Galle-in-1894.jpg


    Lion's Mouth Colombo Kandy Line

    Lions-Mouth-Colombo-Kandy-Line.jpg


    Pothuhera Railway Station, Kurunegala, Ceylon 1890's

    Pothuhara-Railway-Station-in-1890.jpg


    Ceylon Railway Engine 66 at Kurunegala in 1909

    Railway-Engine-66-Kurunegala-in-1909.jpg


    Railway tracks to Kandy 1890s

    RAILWAY-TRACK-To-Kandy-CEYLON-c1890s.jpg



    Pictures Source:



    120x120-pink_panther.gif
    gR5i.gif
    120x120-pink_panther_2.gif