Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
►▼◄╞ පන්සීය පනස් ජාතක කථා ╡►▼◄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01 අපණ්ණක ජාතකය

භාග්යවත් වූ තිලෝගුරු සම්යක් සම්බුදු රජානන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි දිව්ය බ්රහ්ම ආර්ය ඊයාර්ය පථ සංඛ්යාත විහරණයන් අතුරෙන් එක්තරා විහරණයකින් දවස් යවන සේක් අනේපිඩු මහා සිටානන්ගේ යහළු වූ පන්සියයක් තීර්තක ශ්රාවකයන් අරභයා මේ අපණ්නක ජාතක ධර්ම දේශනාව වදාල සේක. එක් දවසක් අනේපිඩු මහා සිටානෝ තමන්ගේ යහළු වූ පන්සියයක් තීර්තක ශ්රාවකයන් කැඳවාගෙන බොහෝ ගධ දුම් මල් පහන් හා ගිතෙල් මී උක් සකුරු හා සිවුරු පිළි ආදීය ගෙන්වාගෙන ජේතවනයට ගොස් බුදුරජානන් වහන්සේට නමස්කාර කොට මල් සුවඳ ආදීයෙන් පූජා කොට ගිතෙල් ආදී වූ බෙහෙත් බඩු හා සිවුරු පිළිද භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වා නපච්චතෝන පූරතෝ යනාදී සය වැදෑරුම් වූ මිසත්ය දෝෂ දුරු කොට එකත් පස්ව හුන්නාහුය. ඒ අන්ය තීර්තක ශ්රාවකයෝ බුදුන්ට නමස්කාර කොට බුද්නගේ පුන් සඳ මඩලක් බඳු වූ සශ්රික මුඛය හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසිත්යාණු ව්යජන ඛ්යාම ප්රභා කේතු මාලා ලංකාරයෙන් විරජ මාන වූ බ්රහ්ම ශරීර හා කරකැවි යුවල යුවල නික්මෙන්නා වූ ඝන බුද්ධ රශ්මී බල බලා අනේපිඩු මහා සිටානන් සමීපයෙහි උන්නාහුය. එකල්හි ඔවුන්ට බුදුහු රත් ගල් තලාවක හිඳ සිංහ නාද කරන්නා වූ අභිත කේෂර සිංහ රාජයෙක් මෙන්ද මේඝ කාලයෙහි මහා වර්ෂාවක් වස්නා කලක් මෙන්ද ආකාශ ගංගාවක් බානා කලක් මෙන්ද රුවන් දමක් ගොතන්නාහූ මෙන් ද අශ්ඨාංගයෙන් සමන්විත වූ ශ්රවණීය වූ මනෝඥ වූ බ්රහ්ම ස්වරයෙන් නානානය නිපුණ විචිත්ර වූ මදුර වූ ධර්ම දේශනාවකට වදාල සේක. ඒ තීර්තක ශ්රාවකයෝ බුදුන්ගේ ධර්මය අසා ප්රසන්න වූ සිත් ඇතිව නැගී සිට දස බලදාරී වූ බුදුන්ට නමස්කාර කොට තීර්තක ලබ්දිය හැර බුදුන්ගේ සරණ ගියහ.

ඔහු එතැන් පටන් ඇමකලම අනේ පිඬු මහ සිටානන් හා සමග සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බණ අසති. දන් දෙති. සිල් රක්ෂා කෙරෙති. පෙහෙවස් වෙසෙති. ඉක්බිත්තෙන් බුදූහූ සැවැත් නුවරින් රජගහ නුවරට වැඩි සේක. එකල්හි ඒ තීර්තක ශ්රාවකයෝ බුදුන් රජගහ නුවරට වැඩි කල්හි බුදුන්ගේ සරණය හැර නැවත අන්ය තීර්තකයන්ගේ සරණ ගෙන තමන්ගේ මුල සරණයේහිම පිහිටියාහ. බුදු රජානන් වහන්සේගේත් සත් අටමසක් කල් ගෙවා යවා නැවත ජේතවනයට වැඩි සේක. අනේ පිඩු මහ සිටානෝත් නැවත ඔවුන් කැඳවාගෙන බුදුන් සමීපයට ගොස් වැඳ සුවඳ මල් ආදීයෙන් පූජා කොට බුදුන්ට නමස්කාර කොට එකත් පස්ව උන්නාහුය. ඒ තීර්තක ශ්රාවකයෝ ත් බුදුන් වැඳ එකත්පස්ව හුන්නාහුය. එකල්හි ඔවුන් බුදුරජානන් වහන්සේ සැරි සරා වැඩි කල්හි ගන්නා ලද සරණ හැර නැවත අන්ය තිර්තකයන්ගේ සරණ ගැන මුලස්ථානයෙහි පිහිටි බව අනේපිඩු මහ සිටානෝ බුදුන්ට දැන්වූහ. එකල්හි සර්වඥයන් වහන්සේ ප්රමාණාතික්රාන්ත වූ කාලයෙහි අතරක් නැති කොට පවත්වන ලද වාක් සුචරිතානු භාවයෙන් දිව සුවඳින් සුවඳ කැවු නොයෙක් සුවඳින් පිරුණු රුවන් කරඬුවක් හරින කලක් පරිද්දෙන් මුඛ පත්මය විවෘත කොට මදුර ස්වර විහිදුවමින් සැබෑද උපාසක වරුණි. තොපි රත්නත්රයෙහි සරණ හැර අන්ය තීර්තකයන්ගේත් සරණ ගියෙදැයි විචාරා වදාල සේක. එකල්හි තමන් කල කාර්ය හඟ වන්නට අසමර්ථ වූ ඔවුන් විසින් සැබැව ස්වාමිනි. බුදුහු උපාසක වරුන්ට ආමන්ත්රණය කොට එම්භා උපාසක වරුණි. යටින් අවිචිය හා මත්තෙන් භවාග්රය කෙළවර කොට සරසින් අනන්තාපරිමාන සක්වලහෙි සීල සමාධි ප්රඥා වූ ගුණයෙන් බුදුන් හා සමකෙනෙක් නැත. බුදුන්ට වඩනා කෙණෙක්ම නැත. මෙසේ උත්තම ගුණයෙන් සමන්විත වූ රත්නත්රය සරණ ගිය උපාසක කෙනෙක් වේවා යි උපාසිකා කෙනෙක් වේවායි නරකාදී වූ සතර අපායෙහි උපදිනා හු නොවෙති. අපායොත්පත්තියෙන් මිදි දිව්ය ලෝකයෙහි ඉපිද මහා සම්පත් අනුභව කෙරෙති. එසේ හෙයින් තොපි ඇම දෙනා මෙබඳු සරණ හැර අන්ය තීර්තකයන්ගේ සරණ යන්නවුන් විසින් කල සේ නපුරැයි වදාලසේත.

තවද උපාසක වරුනි බුද්ධානුස්මෘති ධර්මානුස්මෘති සංඝානුස්මෘති කර්මස්ථාන එනම් ශෝතාපත්ති ඵලය දෙන්නේය. සකෘද්ධාගාමී මාර්ගය හා සකෘද්ධාගාමී ඵළය දෙන්නේය. අනාගාමි මාර්ගය හා අනාගාමි ඵලය දේනේය. අර්හත් මාර්ගය හා අර්හත් ඵළය දෙන්නේයැයි මේ ආදි වූ කාරණයෙනුත් ධර්ම දේශනා කොට මෙබඳු රත්නතරය සරණ බිඳපු තොප විසින් නොකල මනා දෙයක් කරණ ලදැයි වදාල සේක. මෙසේ භාග්යවත් වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ අනේක ප්රාකාරයෙන් උපාසක වරුන්ට අවවාද කොට උපාසකවැරනි පළමුත් මන්ෂ්යයෝ අසරණය සරණයයි විරූඩ ග්රහනය ගෙන අමුනුශ්යයෝ පරිගෘහිත වූ කාන්තාරයෙහි යක්ෂයන්ට ගොදුරුව මහා විනාශයට පැමිණියෝය. සරණ යෑම සරණයයි ඒකාන්ත කොට අවිරූඩ ග්රහණය ගත්තා වූ මනුෂ්යයෝ ඒකාන්තාරයෙහි ස්වාසස්ථානයට පැමිණියෝ වේදැයි වදාරා මුවෙන් නොබැන වැඩ උන් සේක. එකල්හි අනේපිඩු මහා සිටානෝ හුනස්නෙන් නැගී සිට බුදුන්ට වැඳ ස්තූති කොට දොහොත් මුදුනෙහි තබා ස්වාමීනි දැන් වූ කලි මේ උපාසක වරුන්ගේ උතුම් වූ රත්නත්රය සරණ හැර විරුඩ ග්රහණය අපට ප්රකාශය. පූර්වෙහි යක්ෂාදිගෘහිත වූ කාන්තාර මාර්ගයෙහි විරූඩ ග්රාහින්ගේ විනාශය හා අවිරූඩ ග්රහිතව වූ මනුෂ්යයන් ස්වාසස්ථානයට පැමිණි බව අපට සැබවී තිබෙන්නේය. නුඹ වහන්සේටම ප්රකාශය. ස්වාමීනී යාඤ්ඤා කරම්හ. පින්වත් වූ සර්වඥයන් වහන්ස. ආකාශයෙහි පුන් සඳ මඩල නගා පානා කලක් මෙන් මේ කාරණය ප්රකාශ කොට වදාල මැනවයි ආරාධනා කළාහුය. ඉක්බිත්තෙන් බුදුහු මා විසින් සිටානෙනි අප්රමාණ කාලයක් මුළුල්ලෙහි දස පාරමිතාවන් පුරා ලෝක වාසීන්ගේ සැක දුරු කරන පිණිසම සර්වඥතා ඥානය ප්රතිවේදය කරන ලද්දේය. සිංහ තෛලයෙන් රන් නලක් පුරවන්නාක් මෙන් සකස් කොට කන් නමා අසවයි සිටානන්ට සිහි උපදවා හිම ගර්භයක් පලා පුන් සඳ මඩල පිටත් කොට පාන්නක් මෙන් භවාන්තරයෙන් සැඟ වූනාවූ කාරණය ප්රකාශ කොට වදාල සේක.

යටගිය දවස කසීරට බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් සතර සංග්රහ වස්තුවෙන් ජනරංජනය කොට රාජ්ය කරන්නාහුය. එසමයෙහි පුරණ ලද බෝධි සංබාර ඇති අප මහා බෝසතානෝ සාන්තු නායක කුලයක පිළිසිඳ ගෙන ක්රමයෙන් වැඩිවිය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය ඒ බෝධිසත්වයෝ කලෙක නැගෙනහිරින් බස්නාහිරට යෙති කලෙක බස්නාහිරන් නැගෙනහිරට යෙති. එකල බරණැස් නුවර අනෙකුත් ශාන්තු නායක පුත්රයෙක් විය. ඒ තම අඥාණය අව්යක්කතය. උපායෙහි දක්ෂ නොවෙයි. එසමයෙහි බෝධි සත්වයෝ බරණැස් නුවරින් මහඟි වූ බඩු ගෙන පන්සියයක් ගැල් පුරා ගමන සරහා සිටු වූහ. ඒ නුවනැති සාන්තු නායක පුත්රද එසේම පන්සියයක් ගැල් බඩු පුරා ගමනට සරහා සිටුවූයේය. බෝධි සත්වයෝ ඉදින් මේ නුවණ නැති ශාන්තු නායක පුත්ර තෙමෙ මා හා සමඟ යේනැම් ගැල් දහසක් එක් මග යන්ට පටන්ගත් කල මග නොසෑහෙන්නේය. මනුශ්යයන්ට දර පැන් හා සරකට තන නොලැබ හැක්කේය. මොහුවත් මාවත් පළමු කොට යාම කටයුතු යයි සිතා බෝධි සත්වයෝ ඒ අඥාණ වූ සාන්තු නායකයා කැඳවා මෙපවත් කියා අප දෙදෙනා එක්ව යන්ට නොපිළිවෙන. කිමෙක්ද තෙපි ඉදිරියෙහි යව්ද?. නොහොත් පස්සෙයි යව්ද යි විචාලෝය. එවේලෙහිම හෙතම මෙසේ සිතී තමා ඉදිරියේ යන්ට වන් කල්හි බොහෝ අනුසස් වන්නේය. ගැල් සකීන් නුබුන් මගින් යෙමෙන් ගැල් අදිනා ගොන් පළමු සරක් නොකෑ තන කති. මනුශ්යයන්ට පළමු කිසි කෙණෙකුන් විසින් නොකැඩූ පළාකොලවන් වන්නේය. ප්රසන්න වූ පැන් වන්නේය. කැමති පරිද්දෙන් අගය තබා ගෙන බඩු විකුණමියි සිතා හෙතම මම යහළුව පළමු කොට යෙමියි කීහ. බෝධි සත්වයෝත් පස්සෙහි යාමෙහි බොහෝ අනුසස් දැක මෙසේ සිතූය. ඉදිරියෙහි යන්නා වූ සත්වයෝ මග විසම තැන සම කෙරෙති. මම ඔහුන් ගිය මගින් යෙමි. පෙරත් දුව ගිය ගොන් මුහුකුරා තදව ගිය තණ කති යි මාගේ ගොන් නැවත අට ගත් මිහිරි වු ලා තණ අනුභව කෙරෙති. පළමු පලා පල කඩා නැවත අට ගත් මිහිරි වූ ලාතන අනුභව කෙරෙති. පළමු පලා කොල කඩා ගත් තැනින් නැගී දළු පලා මනුශ්යන්ට මිහිරි වන්නේය. පළමු පැන් නැති තැන වලකැන පැන් උපදවති. මොහුන් කැනවූ වල වලින් අපි පැන් බොම්හ. පළමු කොට අගය තිබියේනම් මනුශ්යයන්ගේ දිවි ගැලවූ වාක් වැන්නේය. මම පස්සෙහි ගොස් මොවුන් විසින් තුබූ අගයෙන් බඩු විකුණම් යැයි ඒ මහා බෝසතානෝ මෙතෙක් අනුහස් දැක යහළුව තෙපි පළමු කොට යව් වයි කීවා හුය.

එකල්හි නුවණ නැති ශාන්තු නායක යහපත යහළු යැයි කියා ගැල් යොදා ගෙන නික්ම. ක්රමයෙන් මනුෂ්ය වාසය ඉක්ම කාන්තාර මුඛයට පැමිණියේය. හෙතම පළමුව හැම කල්හි මහසැල තබ්බවා පැන් පුරවා සැට යොදුන් කාන්තාර මාර්ගයෙහි ගමන් ගත්තේය. ඉක්බිත්තෙන් ඔහු කාන්තාර මධ්යයට පැමිණි කල්හි එහි අදිගෘහිත යක්ෂයෙක් මේ මනුෂ්යන් ගෙන යන පැන් දම්මවා පියා දුරුවල කොට සියල්ලවුන් කමියි සිතා සර්වාංගයෙන් දවල වූ ඇලි ගොන් දෙන්නෙකු යොදන ලද සිත්කළු යානාවක් මවාගෙන දුණු හිය උරු පළඟ ආයධ ගත් අත් ඇතිව අමුනුෂ්යයන් දස දොලොස් දෙනෙකු පිරිවරාගෙන ඇඹුල උපුල මල් පැළඳ නෙත් තෙත් ඉසකේ හා නෙත් පිලි ඇතිව නායක පුරුෂයෙකු මෙන් ඒ රතයේ ඉඳ මඩ වැකි ගියාවූ රථයකින් යුක්තව පෙරමගට ගියේය. ඔහුගේ පිරිවර අමුනශ්යයෝද ඉදිරියේ පස්සේ වන්නාහූ තෙත් ඉසකේ හා තෙත් පිළි ඇතිව ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටි ගෙන නෙළුම් අල සහ නෙළුබුදැලි කමින් පැන් බින්දු හා මඩ බින්දු වගුරමින් නික්මුනාහුය. යක්ෂයා ඉදිරියේ එන්නාවූ සාන්තු නායකයා දැක තමාගේ යනාවමගින් පහකොට කොයි යව්දැයි යනාදීන් ඔහු හා සමග සුවදව කතා කලේය. සාන්තු නායකයාද තමාගේ යානාව මගින් ඉවත් කොට සෙසෙු ගැල් යන්ට මග අවසර හැර එකත්පස්ව සිට ඒ යක්ෂයාට මෙසේ කීය. අපි වූ කලී බරණැස් නුවර සිට ආම්හ. තෙපි හැම දෙන ඇඹුල උපුළ මල් පැලඳ රත් පියුම් හෙල පියුම් ගත් අත් ඇතිව නෙළුබල හා නෙළුඹුදැලි කමින් සකල ශරීරයෙහි මඩ වකාගෙන පිනි බින්දු වගුරවා කොයි සිට අවුදැයි තොපි එන මග වැසි වටද ඇඹුල උපුල මල් ආදීයෙන් ගැවසී ගත් විල් ඇද්දැයි විචාලේය. යක්ෂයා ඔහුගේ බස් අසා යහළුව තෝ කුමක් කියයිද තෙල පෙනෙන්නේ නිල් වූ වන රේඛාවය. එතැන් පටන් සියළු වනය පැනින් ගැවසී ගත්තේය. නිඹඳ වැසි වස්නේය. කඳුරුලි පුරා දිය දුවන්නේය. ඒ ඒ තැන පියුමින් ගැවසී ගත් විල් හා පොකුණු වන්නේයැයි කියා පිළිවෙලින් යන්නාවූ ගැල් වල මනුශ්යයන් අතින් මේ ගැල් අරගෙන කොයි යව්දැයි විචාලේය. එකල්හි ඒ මනුශ්යයෝ අසවල් ජනපදයට යම්හයි කීහ. මේ මේ ගැල කිනම් බඩු දැයි විචාලේය. අසවල් බඩු යැයි කීහ. පස්සේ එන්නාවූ ගැල් ඉතා බරව එන්නේය. ඒ ගැල් වල කුමන බඩුදැයි විචාලේය. පැන් පිරු ගැල යයි කීහ.

පළමු මෙතන දක්වා පැන් ගෙන ආ තොප විසින් කලසේ ඉතා යහපත් වන්නේය. මෙතැන් පටන් තොප ගෙන යන පැනින් ප්රයෝජන නැත. ඉදිරියේ බොහෝ පැන් ඇත. පැන් සැලවල් බිඳ පැන් දමා පියා සැපසේ යවයි කීයේය. මෙසේ කියා තොපි යව අපට ලස් වන්නේයැයි කියා මද තැනක් ගොස් අන්තර්දානව තමාගේ යක්ෂ පුරයට ගියේය. ඒ අඥ්ඤාණ වූ ශාන්තු නායකයාද තමා නුවණ නැති බැවින් යක්ෂයාගේ බස් ගෙන සැලවල් බිඳුවා පැන් උලක්කුවක් විවරකුත් නොතිබා සියළු පැන් දම්මවා ගැල් පමණක් පදවාගෙන නික්මුනේය. ඉදිරියේ ස්වල්ප මාත්රයකුත් පැන් නොවිය. මනුෂ්යයෝ පැන් නොලැබ මිරිකී ගියාහු සවස්වන තුරු ගොස් ගැල් වලල්ලෙහි සිටුවා ගොන් ගැල් සක බැඳ සිටවූය. සරකුන්ට බොන්නටවත් මනුෂ්යන්ට බත් පිසන්නටවත් පැනක් නැති විය. පැන් නොළැබ මිරිකී ගියාහු මනුෂ්යයෝ ඒ ඒ තැන වැදහෙව නිදන්නට පටන්ගත්තාහුය. රාත්රි භාගයෙහි යක්ෂයෝ යක්ෂ පුරයෙන් අවුත් සරක් හා මනුෂ්යන් මරා මස් අනුභව කොට ඇට පමණක් තබා ගියාහුය. මෙසේ ඒ නුවණ නැති සාන්තු නායකයා නිසා සියළු සත්වයෝ විනාශයට පැමිණියාහුය. අත් ඇට ආදීය ඒ ඒ අත විසිරි ගියේය. පන්සියයක් ගැල් බඩු පිරුවනින්ම තිබුයේය. මහා බෝධි සත්වයෝද නුවණ නැති ශාන්තු නායකයා යෙල මසක් ඉක්මවා පන්සියක් ගැල්වල බඩු පටවාගෙන නුවරින් නික්ම ක්රමයෙන් පැන් නැති අමුනුෂ්ය වාසය වූ කාන්තාර මුඛයට පැමිණියෝය. මෙසේ පැමිණියාවූ මහා බෝධි සත්වයෝ එතැන්හිදි මහා සැල වල පැන් පුරවා බොහෝ පැන් ගෙන තමන් කැටිව යන මිනුසුන් කැඳවා කඳවුරු බැඳගෙන උන් තැන බෙර පියවි කරවා මනුෂයන් රැස් කොට මෙසේ කිවුය. මා නොවිචාරා පැන් පතක් විවරකුත් ප්රයෝජන නොවිඳුව මේ කතර මඟ විස වෘක්ෂයෝ ඇත. ඒහෙයින් පෙර නොකැ විරු පළාකොලත් මලක් පළා පලයක්ම මා නොවිචාරා නොකවයි. මෙසේ මනුෂ්යයන්ට අවවාද කොට බඩු පැටවූ පන්සියයක් ගැල් හා සමග අමුනුෂ්යාදිගෘහිත නිරුදක කාන්තාරයට පැමිණියෝය. ඒ මහා බෝ සතානෝ කාන්තාර මධ්යයට පැමිණ කල්හි ඒ යක්ෂ තෙම පළමු පරිද්දෙන්ම බෝධි සත්වයන් එන පෙරමග තමා දක්වා සිටියේය. බෝධි සත්වයෝ ඔහු දැකලාම දැනගත්තුය. මේ කාන්තාරයෙහි පැන් නැති හෙයින් නිරුදක කාන්තාර යැයි මේ කාන්තාරයට නමක් වන්නේය. මේ තෙම නිර්භිතය. රත් වූ ඇස් ඇත්තේය. මොහුගේ ඡායාවත් නොපෙනෙන්නේය. ඒකාන්තයෙන්ම මොහු විසින් පළමු කොට බිය නුවණැති සාන්තු නායකයා ඔහුගේ පර්ෂින් සමඟ ගැල් වල පිරවු පැන් දම්මවා කලාන්ත කොට කන ලද්දේ වන්නේය. මා ගේ වූ කලි නුවණැති බව හා උපායෙහි දක්ෂ බව මොහු නොදනිතියි සිතමි සිතා ඉක්බිත්තෙන් ඕ හට මෙසේ කීවුහ. තෙපි හැම දෙන පළා යව්. අපි හැම වෙළඳුන් නම් අනිත් තැනක් නොදැක ඇරගත් පැන් නොදම්හ. පැන් දුටු තැනකදී පැන් දමා පියා ගැල් සැහැල්ලු කොට ගෙන යම්යැවි කිවුහ. යක්ෂයා මඳ තැනක් ගොස් අන්තර්දානව තමාගේ යක්ෂ පුරයටම ගියේය.

යක්ෂයා ගිය කල්හි මනුෂ්යයෝ බෝධි සත්වයන්ට මෙසේ කිවුහ. මේ සාමිනී මනුෂ්යයෝ මේ නිල් වූ වන රේඛාව පෙනෙන්නේය. එතැන් පටන් නිබඳ වැසි වස්නේයැයි කියා ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටිගෙන නෙළුඹල හා නෙළුඹ දැලි කමින් තෙත් පිළි හැඳ තෙත් වූ හිසකේ හැරගෙන ආවාහුය. එසේ හෙයින් අප හැම ගෙන යන පැන් දමා පියා ගැල් සැහැල්ලු කොට ගෙන වහා පලායම්හයි කිවුහ. බෝධි සත්වයෝ ඒ මිනිස්සුන්ගේ කී බස් අසා ගැල් රඳවලා සියළු මනුෂ්යයන් රැස් කොට තොප විසින් මේ කාන්තාර මාර්ගයෙහි විලෙක්වත් පොකුණෙක්වත් ඇතැයි කිසිකෙනෙකුගෙන් ඇසූ විරු ඇද්දැයි විචාලෝය. ස්වාමීනි ඇසූ විරූ නැත. මේ තම නිරුද්දක කාන්තාරය වේද. ඒ මනුෂ්යයෝ කිහුය. එකල්හි බෝධි සත්වයෝ කියන්නාහු මේ අප දුටු මනුෂ්යයන්ගෙන් සමහර කෙණෙක් නිල් වූ වන රොදින් එපිට වැසි වස්නේ යැයි කියුය. වැසි සුළඟ නම් කෙතෙක් තැන් හමාදැයි විචාලෝය. ස්වාමීනි යොදුනක් පමණ තැන් හමන්නේ වේදැයි කිවුය. කිමෙක්ද තොප හැම දෙනා අතුරින් එක් කෙනෙකුගෙන් ඇඟ වැසි සුළගක් වැදගත් දැයි විචාලෝය. නැත ස්වාමීනි කිහ. මේඝ ශර්ස නම් කොපමණකදී පෙනේදැයි විචාලෝය. යොදුනක් පමණ තැන් පටන් පෙනෙන්නේ වේද ස්වාමීනි කීයුය. තොප හැමගේ කිසි කෙනෙකුන් විසිනුත් එකල වැසි වලා කුලකුත් දුටුවේ ඇද්දැයි විචාලෝය. නැත ස්වාමීනි කීහ. විදුලියෙන් නම් කෙතැන් පටන් පෙනේදැයි විචාලෝය. සතර පස් යොදුනක් පසන් පෙනෙන්නේ වේද. ස්වාමිනි කිවුහ. තොප ඇම දෙනාගේන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් දක්නා ලද්දේදැයි විචාලෝය. නැත ස්වාමීනි. විදුලි ආලෝකයක් නොදුටුම්හයි කීහ. මේඝ දවනිය නම් කොතෙක් තැන් පටන් ඇසේ දැයි විචාලෝය. එක් යොදුනක් මත්තේ පටන් ඇසෙන්නේ වේදැයි ස්වාමිනි කීයුහ. කිමෙක්ද තොප හැම දෙනාගෙන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් වැසි ඝර්ජනාවක් කරන්නා ඇසූ අුැද්දැයි විචාලෝය. නැත ස්වාමිනි අකුණු ගසන හඬක් නොඇසුම් යැයි කීහ. එකල්හි අප මහ බෝ සතානෝ කියන්නාවු එම්බා පින්වන්ති මොහු මනුෂ්යයෝ නොවෙතියි යක්ෂයෝය. මොහු අප හැම ගෙන යන පැන් දම්මවා පියා දුර්වල කොට කම්හයි ආවාහු යක්ෂ කෙණෙක් වෙති. ඉදිරියේ ගිය නුවනැති ශාන්තු නායක පුත්රයා උපාය දැක්මෙහි අදක්ෂය. ඒ කාන්තයෙන්ම එතෙම මොහු විසින් පැන් දම්මවා මිරිකා දුර්වල කොට කන ලද්දේ වන්නේය. පන්සියයක් ගැල් බඩු පිරුවනින්ම තිබෙන්නේ වේදැයි අපි එම බඩු පිරු ගැල් දැකුම්හ. එසේ හෙයින් පැන් උලක්කුවක් විවරකුත් නොදමා වහවහා ගැල් පදුවයි කියා ගැල් පදවාගෙන නික්මුනාහුය.

මහා බෝධි සත්වයෝ යමෙන් සිට බඩු පිරුවනින්ම තිබු ගැල් දැක පන්සියයක් ගැල් හා ගොන් හා මිනිසුන්ගේ අත් පා ඇට ආදිය ඒ ඒ තැන විසිර තිබුවා දැක ගැල් මුදවා ගැල් වලල්ලෙන් කඳවුරු බඳවා වේලාසනම මනුෂ්යයන් හා ගොන්ද බත් හා තන කවා මනුෂ්යයන් මධ්යය යේ ගෙරි කැට කොට වැදහොවා තුමු සත්ති සම්පන්න ප්රධාන පුරුෂයන් ගැන කඩු ගත් අත් ඇතිව තුන් යම් රාත්රියෙහි රැකවල් ගෙන සිටිසේ සිටම අරුණ නැගුය. දෙවන දවස් උදෑසනම සියළු කටයුතු සපයාගෙන ගොන් තණ ආදීය කවා ගෙන මාළු ගැල් දමා තර ගැල් ගෙන මඳ මිඳ ඇති බඩු දම්මවා බොහෝ මිල ඇති බඩු නංවාගෙන මහා බෝ සතානෝ තමන් වෙළදාම් කරන්නට යන්ට සිතු නෙතටම ගොස් දියුණු තියුණු මිලයෙන් බඩු විකුට සියළු පර්ශත් ගෙන නැවත තමන්ගේ නුවරටම ආවාහුය. සාස්තෘ වූ තිලෝගුරු බුදු රජානන් වහන්සේ මේ කතාව ගෙන හැර දක්වා වදාරා මහා සිටානෙනි මෙසේ පෙර විරුඩ ග්රාහය ගත්තෝ මහා විනාසයට පැමිණියෝය. අවිරුඩ ග්රාහය ගත්තෝ නුවණැත්තෝ අමුනුෂ්යයන් අතින් මිඳි සැපසේ කැමති තැනට අභිමතාර්ථය සිද්ධ කොට ගෙන පෙරලා තමන් වසන නෙතට පැමිණියෝ වේදැයි පූර්වාපර සන්ධි ගැලපීම් වශයෙන් අතීත කථාවත් වර්ථමාන කථාවත් වදාරා මත්තෙහි අපණ්ණක ජාතක ධර්ම දේශනාව කොට වදාරණ සේක.

අපණ්තකං ඨානමේකේ දුතියං ආහු තක්ඛිකා

ඒත දංඥාය මේ දාවි තංගණේය යදපන්ථකං

මේ ගාථාව වදාලසේක. මෙහි අපණ්තක පටිපදාව නම් රත්නතත්රය සරණ යාම පංචශීලය හා දස සීලය රක්ෂා කිරීමය ප්රාතිමෝක්ෂ සංවර ශිලය ඉන්ද්රිය සංවර ශීලය ආජිව පාරිශුද්ධි ශීලය ප්රත්ය සන්ති සීත ශිලය යන සියළුම සිල් පිරිසිදුව සිල් නොකිලිටි කොට රැකීමය. චක්ශුරාධි පංචේන්ද්රයන් වසඟ කොට වසන බවය. භෝජනයෙහි පමණ දක්නා බව නිදි වර්ජිත කිරීමය. පංච විද ධ්යානය ඉපිද වීමය. විදර්ශනා භාවනා කිරීමය. පංචාභිඥාණ අෂ්ට සමාපත්ති ඉපිදවීමය. ස්ව්ත ආපත්තාදීහු සතර ආර්ය මාර්ගය හා සතර ආර්ය ඵලය ඉපදවීම යන මේ සියල්ල අපණ්තක පටිපදා නම් වේ. නිර්වාණ ග්රාමී වු ප්රතිපත්තිය නම් වෙයි. සර්වඥ ශාසනයට අවිරූඩ ප්රතිපත්තිය නම් වෙයි. මේ අපණ්තක පටිපදා යන අන්ය ලබ්දි ගැන්මය දස අකුසල කර්මයෙහි හැසිරීම නුසුදුසු වූ කාය වාක් සමාදාරියෙහි යෙදීමය. යන මේ සියල්ල වන්නේය. මේ විරුඩ ප්රතිපදාව සතර අපායෙහි හා පංච විද නිච කුලයෙහි උපදවා මහා දුක් දෙන්නේය. තවද මේ අවිරූඩ වූ ඒ කාන්ත කාරණ වූ මේ අවිරූඩ ප්රතිපත්තියෙහිම සිට සර්වඥයෝ දෘඩ විර්යෙන් පාරමිතාවන් පුරා බෝධි ද්රම සමීපයෙහි ඉඳ සම්යක් සම්බෝධි ඥාණය සමාධිගමය කරන්නාහුය. පසේ බුදුවරයෝ ඉඳ සම්යයක් සම්බෝධි ඥාණය සමාධි ගමය කරන්නාහුය. පසේ බුදු වරයෝ ප්රත්යොක් බෝධි ඥාණය සමගි ගමනය කෙරෙති. බුද්ධ පුත්ර වූ ශ්රාවකයෝ ශ්රවක පාරමිතා ඥාණය ප්රතිවේද කෙරෙති. මෙසේ භාග්යවත් වූ බුදු රජානන් වහන්සේ ඒ උපාසක වරුන්ට ත්රිවිධ කුසල සම්පත්තීන් හා දිව්ය බ්රහ්ම සම්පත්තීන් දක්වා කෙලවර මේ අපණ්තක පටිපදාව අර්හත් මාර්ගයට පමුණුවා නිර්වාණ සම්පත්තිය සාදාදී ලන්නේයැයි කියා අනේ පිඩු මහා සිටානන්ගේ ප්රධෘන කොට ඇති පන්සියයක් උපාසක වරුන්ට මේ අපණ්තක ධර්ම දේශනාව දක්වා මත්තෙහි චතුරාර්ය සත්යය සොලොස් ආකාරයකින් ප්රකාශ කොට වදාල සේක. මේ චතුස් සත්යය ධර්ම දේශනාවගේ කෙළවර ඒ සියළු පන්සියයක් උපාසක වරු යෙළ දහසක් කෙළසුන් නසා දහසක් නයින් ප්රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මේ අපණ්තක ජාතකය නිමවා වදාලසේක. එසමයෙහි අඥ්ඥාණ වූ සාන්තු නායක පුත්ර නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයේය. ඔහුගේ පෂීද නම් මේ දේවදත්ත පර්ෂිද වන්නේය. එසමයෙහි නුවණැති සාන්තු නායකයාගේ පර්ෂිද නම් දැන් බුදු පිරිස් වන්නාහුය. එසමයෙහි නුවණැති සාන්තු නායක පුත්ර නම් තිලෝගුරු සම්යයක් සම්බුදු රජු වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේකි.

[QUOTE="wgdchathuranga_1, post: 9125134, member: 257568"] [SIZE="6"]01 අපණ්ණක ජාතකය[/SIZE] [SIZE="4"]භාග්යවත් වූ තිලෝගුරු සම්යක් සම්බුදු රජානන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි දිව්ය බ්රහ්ම ආර්ය ඊයාර්ය පථ සංඛ්යාත විහරණයන් අතුරෙන් එක්තරා විහරණයකින් දවස් යවන සේක් අනේපිඩු මහා සිටානන්ගේ යහළු වූ පන්සියයක් තීර්තක ශ්රාවකයන් අරභයා මේ අපණ්නක ජාතක ධර්ම දේශනාව වදාල සේක. එක් දවසක් අනේපිඩු මහා සිටානෝ තමන්ගේ යහළු වූ පන්සියයක් තීර්තක ශ්රාවකයන් කැඳවාගෙන බොහෝ ගධ දුම් මල් පහන් හා ගිතෙල් මී උක් සකුරු හා සිවුරු පිළි ආදීය ගෙන්වාගෙන ජේතවනයට ගොස් බුදුරජානන් වහන්සේට නමස්කාර කොට මල් සුවඳ ආදීයෙන් පූජා කොට ගිතෙල් ආදී වූ බෙහෙත් බඩු හා සිවුරු පිළිද භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වා නපච්චතෝන පූරතෝ යනාදී සය වැදෑරුම් වූ මිසත්ය දෝෂ දුරු කොට එකත් පස්ව හුන්නාහුය. ඒ අන්ය තීර්තක ශ්රාවකයෝ බුදුන්ට නමස්කාර කොට බුද්නගේ පුන් සඳ මඩලක් බඳු වූ සශ්රික මුඛය හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසිත්යාණු ව්යජන ඛ්යාම ප්රභා කේතු මාලා ලංකාරයෙන් විරජ මාන වූ බ්රහ්ම ශරීර හා කරකැවි යුවල යුවල නික්මෙන්නා වූ ඝන බුද්ධ රශ්මී බල බලා අනේපිඩු මහා සිටානන් සමීපයෙහි උන්නාහුය. එකල්හි ඔවුන්ට බුදුහු රත් ගල් තලාවක හිඳ සිංහ නාද කරන්නා වූ අභිත කේෂර සිංහ රාජයෙක් මෙන්ද මේඝ කාලයෙහි මහා වර්ෂාවක් වස්නා කලක් මෙන්ද ආකාශ ගංගාවක් බානා කලක් මෙන්ද රුවන් දමක් ගොතන්නාහූ මෙන් ද අශ්ඨාංගයෙන් සමන්විත වූ ශ්රවණීය වූ මනෝඥ වූ බ්රහ්ම ස්වරයෙන් නානානය නිපුණ විචිත්ර වූ මදුර වූ ධර්ම දේශනාවකට වදාල සේක. ඒ තීර්තක ශ්රාවකයෝ බුදුන්ගේ ධර්මය අසා ප්රසන්න වූ සිත් ඇතිව නැගී සිට දස බලදාරී වූ බුදුන්ට නමස්කාර කොට තීර්තක ලබ්දිය හැර බුදුන්ගේ සරණ ගියහ. ඔහු එතැන් පටන් ඇමකලම අනේ පිඬු මහ සිටානන් හා සමග සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බණ අසති. දන් දෙති. සිල් රක්ෂා කෙරෙති. පෙහෙවස් වෙසෙති. ඉක්බිත්තෙන් බුදූහූ සැවැත් නුවරින් රජගහ නුවරට වැඩි සේක. එකල්හි ඒ තීර්තක ශ්රාවකයෝ බුදුන් රජගහ නුවරට වැඩි කල්හි බුදුන්ගේ සරණය හැර නැවත අන්ය තීර්තකයන්ගේ සරණ ගෙන තමන්ගේ මුල සරණයේහිම පිහිටියාහ. බුදු රජානන් වහන්සේගේත් සත් අටමසක් කල් ගෙවා යවා නැවත ජේතවනයට වැඩි සේක. අනේ පිඩු මහ සිටානෝත් නැවත ඔවුන් කැඳවාගෙන බුදුන් සමීපයට ගොස් වැඳ සුවඳ මල් ආදීයෙන් පූජා කොට බුදුන්ට නමස්කාර කොට එකත් පස්ව උන්නාහුය. ඒ තීර්තක ශ්රාවකයෝ ත් බුදුන් වැඳ එකත්පස්ව හුන්නාහුය. එකල්හි ඔවුන් බුදුරජානන් වහන්සේ සැරි සරා වැඩි කල්හි ගන්නා ලද සරණ හැර නැවත අන්ය තිර්තකයන්ගේ සරණ ගැන මුලස්ථානයෙහි පිහිටි බව අනේපිඩු මහ සිටානෝ බුදුන්ට දැන්වූහ. එකල්හි සර්වඥයන් වහන්සේ ප්රමාණාතික්රාන්ත වූ කාලයෙහි අතරක් නැති කොට පවත්වන ලද වාක් සුචරිතානු භාවයෙන් දිව සුවඳින් සුවඳ කැවු නොයෙක් සුවඳින් පිරුණු රුවන් කරඬුවක් හරින කලක් පරිද්දෙන් මුඛ පත්මය විවෘත කොට මදුර ස්වර විහිදුවමින් සැබෑද උපාසක වරුණි. තොපි රත්නත්රයෙහි සරණ හැර අන්ය තීර්තකයන්ගේත් සරණ ගියෙදැයි විචාරා වදාල සේක. එකල්හි තමන් කල කාර්ය හඟ වන්නට අසමර්ථ වූ ඔවුන් විසින් සැබැව ස්වාමිනි. බුදුහු උපාසක වරුන්ට ආමන්ත්රණය කොට එම්භා උපාසක වරුණි. යටින් අවිචිය හා මත්තෙන් භවාග්රය කෙළවර කොට සරසින් අනන්තාපරිමාන සක්වලහෙි සීල සමාධි ප්රඥා වූ ගුණයෙන් බුදුන් හා සමකෙනෙක් නැත. බුදුන්ට වඩනා කෙණෙක්ම නැත. මෙසේ උත්තම ගුණයෙන් සමන්විත වූ රත්නත්රය සරණ ගිය උපාසක කෙනෙක් වේවා යි උපාසිකා කෙනෙක් වේවායි නරකාදී වූ සතර අපායෙහි උපදිනා හු නොවෙති. අපායොත්පත්තියෙන් මිදි දිව්ය ලෝකයෙහි ඉපිද මහා සම්පත් අනුභව කෙරෙති. එසේ හෙයින් තොපි ඇම දෙනා මෙබඳු සරණ හැර අන්ය තීර්තකයන්ගේ සරණ යන්නවුන් විසින් කල සේ නපුරැයි වදාලසේත. තවද උපාසක වරුනි බුද්ධානුස්මෘති ධර්මානුස්මෘති සංඝානුස්මෘති කර්මස්ථාන එනම් ශෝතාපත්ති ඵලය දෙන්නේය. සකෘද්ධාගාමී මාර්ගය හා සකෘද්ධාගාමී ඵළය දෙන්නේය. අනාගාමි මාර්ගය හා අනාගාමි ඵලය දේනේය. අර්හත් මාර්ගය හා අර්හත් ඵළය දෙන්නේයැයි මේ ආදි වූ කාරණයෙනුත් ධර්ම දේශනා කොට මෙබඳු රත්නතරය සරණ බිඳපු තොප විසින් නොකල මනා දෙයක් කරණ ලදැයි වදාල සේක. මෙසේ භාග්යවත් වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ අනේක ප්රාකාරයෙන් උපාසක වරුන්ට අවවාද කොට උපාසකවැරනි පළමුත් මන්ෂ්යයෝ අසරණය සරණයයි විරූඩ ග්රහනය ගෙන අමුනුශ්යයෝ පරිගෘහිත වූ කාන්තාරයෙහි යක්ෂයන්ට ගොදුරුව මහා විනාශයට පැමිණියෝය. සරණ යෑම සරණයයි ඒකාන්ත කොට අවිරූඩ ග්රහණය ගත්තා වූ මනුෂ්යයෝ ඒකාන්තාරයෙහි ස්වාසස්ථානයට පැමිණියෝ වේදැයි වදාරා මුවෙන් නොබැන වැඩ උන් සේක. එකල්හි අනේපිඩු මහා සිටානෝ හුනස්නෙන් නැගී සිට බුදුන්ට වැඳ ස්තූති කොට දොහොත් මුදුනෙහි තබා ස්වාමීනි දැන් වූ කලි මේ උපාසක වරුන්ගේ උතුම් වූ රත්නත්රය සරණ හැර විරුඩ ග්රහණය අපට ප්රකාශය. පූර්වෙහි යක්ෂාදිගෘහිත වූ කාන්තාර මාර්ගයෙහි විරූඩ ග්රාහින්ගේ විනාශය හා අවිරූඩ ග්රහිතව වූ මනුෂ්යයන් ස්වාසස්ථානයට පැමිණි බව අපට සැබවී තිබෙන්නේය. නුඹ වහන්සේටම ප්රකාශය. ස්වාමීනී යාඤ්ඤා කරම්හ. පින්වත් වූ සර්වඥයන් වහන්ස. ආකාශයෙහි පුන් සඳ මඩල නගා පානා කලක් මෙන් මේ කාරණය ප්රකාශ කොට වදාල මැනවයි ආරාධනා කළාහුය. ඉක්බිත්තෙන් බුදුහු මා විසින් සිටානෙනි අප්රමාණ කාලයක් මුළුල්ලෙහි දස පාරමිතාවන් පුරා ලෝක වාසීන්ගේ සැක දුරු කරන පිණිසම සර්වඥතා ඥානය ප්රතිවේදය කරන ලද්දේය. සිංහ තෛලයෙන් රන් නලක් පුරවන්නාක් මෙන් සකස් කොට කන් නමා අසවයි සිටානන්ට සිහි උපදවා හිම ගර්භයක් පලා පුන් සඳ මඩල පිටත් කොට පාන්නක් මෙන් භවාන්තරයෙන් සැඟ වූනාවූ කාරණය ප්රකාශ කොට වදාල සේක. [/SIZE] [IMG]http://jathakakatha.org/jk1/pc4.gif[/IMG] [SIZE="4"]යටගිය දවස කසීරට බරණැස් නුවර බ්රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් සතර සංග්රහ වස්තුවෙන් ජනරංජනය කොට රාජ්ය කරන්නාහුය. එසමයෙහි පුරණ ලද බෝධි සංබාර ඇති අප මහා බෝසතානෝ සාන්තු නායක කුලයක පිළිසිඳ ගෙන ක්රමයෙන් වැඩිවිය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය ඒ බෝධිසත්වයෝ කලෙක නැගෙනහිරින් බස්නාහිරට යෙති කලෙක බස්නාහිරන් නැගෙනහිරට යෙති. එකල බරණැස් නුවර අනෙකුත් ශාන්තු නායක පුත්රයෙක් විය. ඒ තම අඥාණය අව්යක්කතය. උපායෙහි දක්ෂ නොවෙයි. එසමයෙහි බෝධි සත්වයෝ බරණැස් නුවරින් මහඟි වූ බඩු ගෙන පන්සියයක් ගැල් පුරා ගමන සරහා සිටු වූහ. ඒ නුවනැති සාන්තු නායක පුත්රද එසේම පන්සියයක් ගැල් බඩු පුරා ගමනට සරහා සිටුවූයේය. බෝධි සත්වයෝ ඉදින් මේ නුවණ නැති ශාන්තු නායක පුත්ර තෙමෙ මා හා සමඟ යේනැම් ගැල් දහසක් එක් මග යන්ට පටන්ගත් කල මග නොසෑහෙන්නේය. මනුශ්යයන්ට දර පැන් හා සරකට තන නොලැබ හැක්කේය. මොහුවත් මාවත් පළමු කොට යාම කටයුතු යයි සිතා බෝධි සත්වයෝ ඒ අඥාණ වූ සාන්තු නායකයා කැඳවා මෙපවත් කියා අප දෙදෙනා එක්ව යන්ට නොපිළිවෙන. කිමෙක්ද තෙපි ඉදිරියෙහි යව්ද?. නොහොත් පස්සෙයි යව්ද යි විචාලෝය. එවේලෙහිම හෙතම මෙසේ සිතී තමා ඉදිරියේ යන්ට වන් කල්හි බොහෝ අනුසස් වන්නේය. ගැල් සකීන් නුබුන් මගින් යෙමෙන් ගැල් අදිනා ගොන් පළමු සරක් නොකෑ තන කති. මනුශ්යයන්ට පළමු කිසි කෙණෙකුන් විසින් නොකැඩූ පළාකොලවන් වන්නේය. ප්රසන්න වූ පැන් වන්නේය. කැමති පරිද්දෙන් අගය තබා ගෙන බඩු විකුණමියි සිතා හෙතම මම යහළුව පළමු කොට යෙමියි කීහ. බෝධි සත්වයෝත් පස්සෙහි යාමෙහි බොහෝ අනුසස් දැක මෙසේ සිතූය. ඉදිරියෙහි යන්නා වූ සත්වයෝ මග විසම තැන සම කෙරෙති. මම ඔහුන් ගිය මගින් යෙමි. පෙරත් දුව ගිය ගොන් මුහුකුරා තදව ගිය තණ කති යි මාගේ ගොන් නැවත අට ගත් මිහිරි වු ලා තණ අනුභව කෙරෙති. පළමු පලා පල කඩා නැවත අට ගත් මිහිරි වූ ලාතන අනුභව කෙරෙති. පළමු පලා කොල කඩා ගත් තැනින් නැගී දළු පලා මනුශ්යන්ට මිහිරි වන්නේය. පළමු පැන් නැති තැන වලකැන පැන් උපදවති. මොහුන් කැනවූ වල වලින් අපි පැන් බොම්හ. පළමු කොට අගය තිබියේනම් මනුශ්යයන්ගේ දිවි ගැලවූ වාක් වැන්නේය. මම පස්සෙහි ගොස් මොවුන් විසින් තුබූ අගයෙන් බඩු විකුණම් යැයි ඒ මහා බෝසතානෝ මෙතෙක් අනුහස් දැක යහළුව තෙපි පළමු කොට යව් වයි කීවා හුය. එකල්හි නුවණ නැති ශාන්තු නායක යහපත යහළු යැයි කියා ගැල් යොදා ගෙන නික්ම. ක්රමයෙන් මනුෂ්ය වාසය ඉක්ම කාන්තාර මුඛයට පැමිණියේය. හෙතම පළමුව හැම කල්හි මහසැල තබ්බවා පැන් පුරවා සැට යොදුන් කාන්තාර මාර්ගයෙහි ගමන් ගත්තේය. ඉක්බිත්තෙන් ඔහු කාන්තාර මධ්යයට පැමිණි කල්හි එහි අදිගෘහිත යක්ෂයෙක් මේ මනුෂ්යන් ගෙන යන පැන් දම්මවා පියා දුරුවල කොට සියල්ලවුන් කමියි සිතා සර්වාංගයෙන් දවල වූ ඇලි ගොන් දෙන්නෙකු යොදන ලද සිත්කළු යානාවක් මවාගෙන දුණු හිය උරු පළඟ ආයධ ගත් අත් ඇතිව අමුනුෂ්යයන් දස දොලොස් දෙනෙකු පිරිවරාගෙන ඇඹුල උපුල මල් පැළඳ නෙත් තෙත් ඉසකේ හා නෙත් පිලි ඇතිව නායක පුරුෂයෙකු මෙන් ඒ රතයේ ඉඳ මඩ වැකි ගියාවූ රථයකින් යුක්තව පෙරමගට ගියේය. ඔහුගේ පිරිවර අමුනශ්යයෝද ඉදිරියේ පස්සේ වන්නාහූ තෙත් ඉසකේ හා තෙත් පිළි ඇතිව ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටි ගෙන නෙළුම් අල සහ නෙළුබුදැලි කමින් පැන් බින්දු හා මඩ බින්දු වගුරමින් නික්මුනාහුය. යක්ෂයා ඉදිරියේ එන්නාවූ සාන්තු නායකයා දැක තමාගේ යනාවමගින් පහකොට කොයි යව්දැයි යනාදීන් ඔහු හා සමග සුවදව කතා කලේය. සාන්තු නායකයාද තමාගේ යානාව මගින් ඉවත් කොට සෙසෙු ගැල් යන්ට මග අවසර හැර එකත්පස්ව සිට ඒ යක්ෂයාට මෙසේ කීය. අපි වූ කලී බරණැස් නුවර සිට ආම්හ. තෙපි හැම දෙන ඇඹුල උපුළ මල් පැලඳ රත් පියුම් හෙල පියුම් ගත් අත් ඇතිව නෙළුබල හා නෙළුඹුදැලි කමින් සකල ශරීරයෙහි මඩ වකාගෙන පිනි බින්දු වගුරවා කොයි සිට අවුදැයි තොපි එන මග වැසි වටද ඇඹුල උපුල මල් ආදීයෙන් ගැවසී ගත් විල් ඇද්දැයි විචාලේය. යක්ෂයා ඔහුගේ බස් අසා යහළුව තෝ කුමක් කියයිද තෙල පෙනෙන්නේ නිල් වූ වන රේඛාවය. එතැන් පටන් සියළු වනය පැනින් ගැවසී ගත්තේය. නිඹඳ වැසි වස්නේය. කඳුරුලි පුරා දිය දුවන්නේය. ඒ ඒ තැන පියුමින් ගැවසී ගත් විල් හා පොකුණු වන්නේයැයි කියා පිළිවෙලින් යන්නාවූ ගැල් වල මනුශ්යයන් අතින් මේ ගැල් අරගෙන කොයි යව්දැයි විචාලේය. එකල්හි ඒ මනුශ්යයෝ අසවල් ජනපදයට යම්හයි කීහ. මේ මේ ගැල කිනම් බඩු දැයි විචාලේය. අසවල් බඩු යැයි කීහ. පස්සේ එන්නාවූ ගැල් ඉතා බරව එන්නේය. ඒ ගැල් වල කුමන බඩුදැයි විචාලේය. පැන් පිරු ගැල යයි කීහ. පළමු මෙතන දක්වා පැන් ගෙන ආ තොප විසින් කලසේ ඉතා යහපත් වන්නේය. මෙතැන් පටන් තොප ගෙන යන පැනින් ප්රයෝජන නැත. ඉදිරියේ බොහෝ පැන් ඇත. පැන් සැලවල් බිඳ පැන් දමා පියා සැපසේ යවයි කීයේය. මෙසේ කියා තොපි යව අපට ලස් වන්නේයැයි කියා මද තැනක් ගොස් අන්තර්දානව තමාගේ යක්ෂ පුරයට ගියේය. ඒ අඥ්ඤාණ වූ ශාන්තු නායකයාද තමා නුවණ නැති බැවින් යක්ෂයාගේ බස් ගෙන සැලවල් බිඳුවා පැන් උලක්කුවක් විවරකුත් නොතිබා සියළු පැන් දම්මවා ගැල් පමණක් පදවාගෙන නික්මුනේය. ඉදිරියේ ස්වල්ප මාත්රයකුත් පැන් නොවිය. මනුෂ්යයෝ පැන් නොලැබ මිරිකී ගියාහු සවස්වන තුරු ගොස් ගැල් වලල්ලෙහි සිටුවා ගොන් ගැල් සක බැඳ සිටවූය. සරකුන්ට බොන්නටවත් මනුෂ්යන්ට බත් පිසන්නටවත් පැනක් නැති විය. පැන් නොළැබ මිරිකී ගියාහු මනුෂ්යයෝ ඒ ඒ තැන වැදහෙව නිදන්නට පටන්ගත්තාහුය. රාත්රි භාගයෙහි යක්ෂයෝ යක්ෂ පුරයෙන් අවුත් සරක් හා මනුෂ්යන් මරා මස් අනුභව කොට ඇට පමණක් තබා ගියාහුය. මෙසේ ඒ නුවණ නැති සාන්තු නායකයා නිසා සියළු සත්වයෝ විනාශයට පැමිණියාහුය. අත් ඇට ආදීය ඒ ඒ අත විසිරි ගියේය. පන්සියයක් ගැල් බඩු පිරුවනින්ම තිබුයේය. මහා බෝධි සත්වයෝද නුවණ නැති ශාන්තු නායකයා යෙල මසක් ඉක්මවා පන්සියක් ගැල්වල බඩු පටවාගෙන නුවරින් නික්ම ක්රමයෙන් පැන් නැති අමුනුෂ්ය වාසය වූ කාන්තාර මුඛයට පැමිණියෝය. මෙසේ පැමිණියාවූ මහා බෝධි සත්වයෝ එතැන්හිදි මහා සැල වල පැන් පුරවා බොහෝ පැන් ගෙන තමන් කැටිව යන මිනුසුන් කැඳවා කඳවුරු බැඳගෙන උන් තැන බෙර පියවි කරවා මනුෂයන් රැස් කොට මෙසේ කිවුය. මා නොවිචාරා පැන් පතක් විවරකුත් ප්රයෝජන නොවිඳුව මේ කතර මඟ විස වෘක්ෂයෝ ඇත. ඒහෙයින් පෙර නොකැ විරු පළාකොලත් මලක් පළා පලයක්ම මා නොවිචාරා නොකවයි. මෙසේ මනුෂ්යයන්ට අවවාද කොට බඩු පැටවූ පන්සියයක් ගැල් හා සමග අමුනුෂ්යාදිගෘහිත නිරුදක කාන්තාරයට පැමිණියෝය. ඒ මහා බෝ සතානෝ කාන්තාර මධ්යයට පැමිණ කල්හි ඒ යක්ෂ තෙම පළමු පරිද්දෙන්ම බෝධි සත්වයන් එන පෙරමග තමා දක්වා සිටියේය. බෝධි සත්වයෝ ඔහු දැකලාම දැනගත්තුය. මේ කාන්තාරයෙහි පැන් නැති හෙයින් නිරුදක කාන්තාර යැයි මේ කාන්තාරයට නමක් වන්නේය. මේ තෙම නිර්භිතය. රත් වූ ඇස් ඇත්තේය. මොහුගේ ඡායාවත් නොපෙනෙන්නේය. ඒකාන්තයෙන්ම මොහු විසින් පළමු කොට බිය නුවණැති සාන්තු නායකයා ඔහුගේ පර්ෂින් සමඟ ගැල් වල පිරවු පැන් දම්මවා කලාන්ත කොට කන ලද්දේ වන්නේය. මා ගේ වූ කලි නුවණැති බව හා උපායෙහි දක්ෂ බව මොහු නොදනිතියි සිතමි සිතා ඉක්බිත්තෙන් ඕ හට මෙසේ කීවුහ. තෙපි හැම දෙන පළා යව්. අපි හැම වෙළඳුන් නම් අනිත් තැනක් නොදැක ඇරගත් පැන් නොදම්හ. පැන් දුටු තැනකදී පැන් දමා පියා ගැල් සැහැල්ලු කොට ගෙන යම්යැවි කිවුහ. යක්ෂයා මඳ තැනක් ගොස් අන්තර්දානව තමාගේ යක්ෂ පුරයටම ගියේය. යක්ෂයා ගිය කල්හි මනුෂ්යයෝ බෝධි සත්වයන්ට මෙසේ කිවුහ. මේ සාමිනී මනුෂ්යයෝ මේ නිල් වූ වන රේඛාව පෙනෙන්නේය. එතැන් පටන් නිබඳ වැසි වස්නේයැයි කියා ඇඹුල උපුල මල් පැළඳ රත් පියුම් හෙල පියුම් මිටිගෙන නෙළුඹල හා නෙළුඹ දැලි කමින් තෙත් පිළි හැඳ තෙත් වූ හිසකේ හැරගෙන ආවාහුය. එසේ හෙයින් අප හැම ගෙන යන පැන් දමා පියා ගැල් සැහැල්ලු කොට ගෙන වහා පලායම්හයි කිවුහ. බෝධි සත්වයෝ ඒ මිනිස්සුන්ගේ කී බස් අසා ගැල් රඳවලා සියළු මනුෂ්යයන් රැස් කොට තොප විසින් මේ කාන්තාර මාර්ගයෙහි විලෙක්වත් පොකුණෙක්වත් ඇතැයි කිසිකෙනෙකුගෙන් ඇසූ විරු ඇද්දැයි විචාලෝය. ස්වාමීනි ඇසූ විරූ නැත. මේ තම නිරුද්දක කාන්තාරය වේද. ඒ මනුෂ්යයෝ කිහුය. එකල්හි බෝධි සත්වයෝ කියන්නාහු මේ අප දුටු මනුෂ්යයන්ගෙන් සමහර කෙණෙක් නිල් වූ වන රොදින් එපිට වැසි වස්නේ යැයි කියුය. වැසි සුළඟ නම් කෙතෙක් තැන් හමාදැයි විචාලෝය. ස්වාමීනි යොදුනක් පමණ තැන් හමන්නේ වේදැයි කිවුය. කිමෙක්ද තොප හැම දෙනා අතුරින් එක් කෙනෙකුගෙන් ඇඟ වැසි සුළගක් වැදගත් දැයි විචාලෝය. නැත ස්වාමීනි කිහ. මේඝ ශර්ස නම් කොපමණකදී පෙනේදැයි විචාලෝය. යොදුනක් පමණ තැන් පටන් පෙනෙන්නේ වේද ස්වාමීනි කීයුය. තොප හැමගේ කිසි කෙනෙකුන් විසිනුත් එකල වැසි වලා කුලකුත් දුටුවේ ඇද්දැයි විචාලෝය. නැත ස්වාමීනි කීහ. විදුලියෙන් නම් කෙතැන් පටන් පෙනේදැයි විචාලෝය. සතර පස් යොදුනක් පසන් පෙනෙන්නේ වේද. ස්වාමිනි කිවුහ. තොප ඇම දෙනාගේන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් දක්නා ලද්දේදැයි විචාලෝය. නැත ස්වාමීනි. විදුලි ආලෝකයක් නොදුටුම්හයි කීහ. මේඝ දවනිය නම් කොතෙක් තැන් පටන් ඇසේ දැයි විචාලෝය. එක් යොදුනක් මත්තේ පටන් ඇසෙන්නේ වේදැයි ස්වාමිනි කීයුහ. කිමෙක්ද තොප හැම දෙනාගෙන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් වැසි ඝර්ජනාවක් කරන්නා ඇසූ අුැද්දැයි විචාලෝය. නැත ස්වාමිනි අකුණු ගසන හඬක් නොඇසුම් යැයි කීහ. එකල්හි අප මහ බෝ සතානෝ කියන්නාවු එම්බා පින්වන්ති මොහු මනුෂ්යයෝ නොවෙතියි යක්ෂයෝය. මොහු අප හැම ගෙන යන පැන් දම්මවා පියා දුර්වල කොට කම්හයි ආවාහු යක්ෂ කෙණෙක් වෙති. ඉදිරියේ ගිය නුවනැති ශාන්තු නායක පුත්රයා උපාය දැක්මෙහි අදක්ෂය. ඒ කාන්තයෙන්ම එතෙම මොහු විසින් පැන් දම්මවා මිරිකා දුර්වල කොට කන ලද්දේ වන්නේය. පන්සියයක් ගැල් බඩු පිරුවනින්ම තිබෙන්නේ වේදැයි අපි එම බඩු පිරු ගැල් දැකුම්හ. එසේ හෙයින් පැන් උලක්කුවක් විවරකුත් නොදමා වහවහා ගැල් පදුවයි කියා ගැල් පදවාගෙන නික්මුනාහුය. මහා බෝධි සත්වයෝ යමෙන් සිට බඩු පිරුවනින්ම තිබු ගැල් දැක පන්සියයක් ගැල් හා ගොන් හා මිනිසුන්ගේ අත් පා ඇට ආදිය ඒ ඒ තැන විසිර තිබුවා දැක ගැල් මුදවා ගැල් වලල්ලෙන් කඳවුරු බඳවා වේලාසනම මනුෂ්යයන් හා ගොන්ද බත් හා තන කවා මනුෂ්යයන් මධ්යය යේ ගෙරි කැට කොට වැදහොවා තුමු සත්ති සම්පන්න ප්රධාන පුරුෂයන් ගැන කඩු ගත් අත් ඇතිව තුන් යම් රාත්රියෙහි රැකවල් ගෙන සිටිසේ සිටම අරුණ නැගුය. දෙවන දවස් උදෑසනම සියළු කටයුතු සපයාගෙන ගොන් තණ ආදීය කවා ගෙන මාළු ගැල් දමා තර ගැල් ගෙන මඳ මිඳ ඇති බඩු දම්මවා බොහෝ මිල ඇති බඩු නංවාගෙන මහා බෝ සතානෝ තමන් වෙළදාම් කරන්නට යන්ට සිතු නෙතටම ගොස් දියුණු තියුණු මිලයෙන් බඩු විකුට සියළු පර්ශත් ගෙන නැවත තමන්ගේ නුවරටම ආවාහුය. සාස්තෘ වූ තිලෝගුරු බුදු රජානන් වහන්සේ මේ කතාව ගෙන හැර දක්වා වදාරා මහා සිටානෙනි මෙසේ පෙර විරුඩ ග්රාහය ගත්තෝ මහා විනාසයට පැමිණියෝය. අවිරුඩ ග්රාහය ගත්තෝ නුවණැත්තෝ අමුනුෂ්යයන් අතින් මිඳි සැපසේ කැමති තැනට අභිමතාර්ථය සිද්ධ කොට ගෙන පෙරලා තමන් වසන නෙතට පැමිණියෝ වේදැයි පූර්වාපර සන්ධි ගැලපීම් වශයෙන් අතීත කථාවත් වර්ථමාන කථාවත් වදාරා මත්තෙහි අපණ්ණක ජාතක ධර්ම දේශනාව කොට වදාරණ සේක. අපණ්තකං ඨානමේකේ දුතියං ආහු තක්ඛිකා ඒත දංඥාය මේ දාවි තංගණේය යදපන්ථකං මේ ගාථාව වදාලසේක. මෙහි අපණ්තක පටිපදාව නම් රත්නතත්රය සරණ යාම පංචශීලය හා දස සීලය රක්ෂා කිරීමය ප්රාතිමෝක්ෂ සංවර ශිලය ඉන්ද්රිය සංවර ශීලය ආජිව පාරිශුද්ධි ශීලය ප්රත්ය සන්ති සීත ශිලය යන සියළුම සිල් පිරිසිදුව සිල් නොකිලිටි කොට රැකීමය. චක්ශුරාධි පංචේන්ද්රයන් වසඟ කොට වසන බවය. භෝජනයෙහි පමණ දක්නා බව නිදි වර්ජිත කිරීමය. පංච විද ධ්යානය ඉපිද වීමය. විදර්ශනා භාවනා කිරීමය. පංචාභිඥාණ අෂ්ට සමාපත්ති ඉපිදවීමය. ස්ව්ත ආපත්තාදීහු සතර ආර්ය මාර්ගය හා සතර ආර්ය ඵලය ඉපදවීම යන මේ සියල්ල අපණ්තක පටිපදා නම් වේ. නිර්වාණ ග්රාමී වු ප්රතිපත්තිය නම් වෙයි. සර්වඥ ශාසනයට අවිරූඩ ප්රතිපත්තිය නම් වෙයි. මේ අපණ්තක පටිපදා යන අන්ය ලබ්දි ගැන්මය දස අකුසල කර්මයෙහි හැසිරීම නුසුදුසු වූ කාය වාක් සමාදාරියෙහි යෙදීමය. යන මේ සියල්ල වන්නේය. මේ විරුඩ ප්රතිපදාව සතර අපායෙහි හා පංච විද නිච කුලයෙහි උපදවා මහා දුක් දෙන්නේය. තවද මේ අවිරූඩ වූ ඒ කාන්ත කාරණ වූ මේ අවිරූඩ ප්රතිපත්තියෙහිම සිට සර්වඥයෝ දෘඩ විර්යෙන් පාරමිතාවන් පුරා බෝධි ද්රම සමීපයෙහි ඉඳ සම්යක් සම්බෝධි ඥාණය සමාධිගමය කරන්නාහුය. පසේ බුදුවරයෝ ඉඳ සම්යයක් සම්බෝධි ඥාණය සමාධි ගමය කරන්නාහුය. පසේ බුදු වරයෝ ප්රත්යොක් බෝධි ඥාණය සමගි ගමනය කෙරෙති. බුද්ධ පුත්ර වූ ශ්රාවකයෝ ශ්රවක පාරමිතා ඥාණය ප්රතිවේද කෙරෙති. මෙසේ භාග්යවත් වූ බුදු රජානන් වහන්සේ ඒ උපාසක වරුන්ට ත්රිවිධ කුසල සම්පත්තීන් හා දිව්ය බ්රහ්ම සම්පත්තීන් දක්වා කෙලවර මේ අපණ්තක පටිපදාව අර්හත් මාර්ගයට පමුණුවා නිර්වාණ සම්පත්තිය සාදාදී ලන්නේයැයි කියා අනේ පිඩු මහා සිටානන්ගේ ප්රධෘන කොට ඇති පන්සියයක් උපාසක වරුන්ට මේ අපණ්තක ධර්ම දේශනාව දක්වා මත්තෙහි චතුරාර්ය සත්යය සොලොස් ආකාරයකින් ප්රකාශ කොට වදාල සේක. මේ චතුස් සත්යය ධර්ම දේශනාවගේ කෙළවර ඒ සියළු පන්සියයක් උපාසක වරු යෙළ දහසක් කෙළසුන් නසා දහසක් නයින් ප්රතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටියාහුය. බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා මේ අපණ්තක ජාතකය නිමවා වදාලසේක. එසමයෙහි අඥ්ඥාණ වූ සාන්තු නායක පුත්ර නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයේය. ඔහුගේ පෂීද නම් මේ දේවදත්ත පර්ෂිද වන්නේය. එසමයෙහි නුවණැති සාන්තු නායකයාගේ පර්ෂිද නම් දැන් බුදු පිරිස් වන්නාහුය. එසමයෙහි නුවණැති සාන්තු නායක පුත්ර නම් තිලෝගුරු සම්යයක් සම්බුදු රජු වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom