●▬▬ පාසල් දරුවන් මත් කරන අලුත්ම ජාවාරමක් &#964

●▬▬ පාසල් දරුවන් මත් කරන අලුත්ම ජාවාරමක් &#964

303038_570667436286633_1809019372_n.jpg



●▬▬ පාසල් දරුවන් මත් කරන අලුත්ම ජාවාරමක් ▬▬●

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඖෂධ වර්ග ගෙන්වීමේ නියුක්තව සිටින පාකිස්තානු ජාවාරම්කරුවන් පිරිසක් මානසික රෝගීන්ට දෙන බෙහෙත් පෙති විශේෂයක් පාසල් ළමයින් අතරේ විකුණමින් පාසල් දරුවන් මානසික රෝගීන් බවට පත්කිරීමේ මහා විනාශකාරී ක්‍රියාවක යෙදී සිටින බවට රේගුව තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙය අනාවරණය වූයේ මානසික රෝගීන්ට පමණක් ලබාදෙන බෙහෙත් පෙති තොගයක් රැගෙන ආ පාකිස්තානු කාන්තාව පෙරේදා රාත්‍රි කටුනායක ගුවන් තොටුපොළේදී අල්ලා ගනු ලැබීමෙන් පසුවය. පාකිස්තානයේ සත දෙකක් පමණ මිල වන‘CLONAZEPAN’ නමින් හඳුන්වන මේ පෙත්තක් ශ්‍රී ලංකාවේදී පාසල් ළමයින්ට අලෙවි කරන්නේ රුපියල් 100කට බවට තොරතුරු ලැබී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවැසීය. වෛද්‍යවරයකුගේ නිර්දේශ මත පමණක් පාවිච්චි කළ යුතු මේ පෙත්ත නිරෝගී පුද්ගලයකු පාවිච්චි කළහොත් ඔහු මානසික විකෘතියකට පත්ව සිය දිවි හානි කර ගැනීමට පවා පෙලඹෙන තත්ත්වයේ රසායනික සංයෝගයක් ඇතුළත් බව වෛද්‍යවරු පවසති. ගර්භණී අවස්ථාවක පසුවන මවුවරුනට මේ රසායනික සංයෝගය කිසිසේත්ම පාවිච්චි නොකළ යුතු බව වෛද්‍යවරු අවවාද කරති.
පෙරේදා රාත්‍රි කටුනායකින් මෙරටට පැමිණි එම පාකිස්තානු ජාතික කාන්තාව සහ තවත් පාකිස්තානු ජාතිකයන් තිදෙනකු රැගෙන ආ ගමන් බෑග 4ක ඉහත සඳහන් රසායනික සංයෝගය අඩංගු පෙති 13,500ක තොගයක් තිබී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පෙති තොගය අතරින් පෙති 4500ක් තිබී ඇත්තේ පාකිස්තානු ජාතික කාන්තාව ළඟ බවද රේගුව පවසයි.
අනෙක් පෙති තොගය ගෙන ආ පාකිස්තානු ජාතිකයන් තිදෙනා එම පෙති අඩංගු බෑග් රේගුව අසල දමා පිටවී ගොස් ඇති බව හෙළිවී ඇතැයිද රේගු මාධ්‍ය ප්‍රකාශක පැවැසීය. අත්අඩංගුවට පත් පාකිස්තානු ජාතික කාන්තාව උර්දු භාෂාව පමණක් කතා කරන හෙයින් ඇයගෙන් ප්‍රශ්න කිරීමද රේගුවට ප්‍රශ්නයක් වී තිබේ.
මේ අතර පසුගිය සතියේ "ගබ්සා" එන්නත් කුප්පි තිස් දහසක් මෙරටට රැගෙන විත් රේගු අත්අඩංගුවට පත්වූ පාකිස්තානු ජාතික ජාවාරම්කරු පිටුපස තවත් පාකිස්තානු ජාතික හා ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට රේගු පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක පැවැසුවේ එවැනි අන්දමට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් බෙහෙත් පෙති විශාල තොගයක් පසුගිය අප්‍රේල් මාසය තුළදී පමණක් කටුනායකදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම බෙහෙත් තොග අද හෙටම විනාශ කර දැමීමට රේගුව තීරණය කොට තිබේ.

ප්‍රේමලාල් විජේරත්න/මව්බිම පුවත්පත.

 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් මචන් ලමය් ගෙදරින් එලියට ගියාට ආපහු එනකම් ශුවර් නැහැ.පුළුවන් තරම් පස්සෙන්ම ඉඳල හොඳ නරක කියල දෙන එක තමා කරන්න ඕන

    rep++++
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    අම්මට උඩු. නිSearch ද්දි දැක්කෙ. :shocked::shocked:


    Effects of Clonazepam Abuse

    Abuse of Clonazepam can cause side effects. According to a 2006 study conducted by the Substance Abuse and Mental Health Services Administration (SAMHSA), approximately 33,557 of visits to emergency rooms were related to nonmedical use of clonazepam.


    Abusing clonazepam is a risk factor for a drug overdose. As noted before, the body builds a tolerance to the drug. As the person increases the dose taken, the risk for overdosing becomes greater. The risk is compounded if the person consumes clonazepam with other drugs or alcohol.


    An overdose of the prescription drug can cause drowsiness, confusion, coma and even death. Misuse of the drug can also lead to risky behavior. A person may engage in unsafe sex that can lead to unintended pregnancy or contraction of sexually transmitted diseases. The person may attempt to drive while under the influence of the drug and cause an accident or get pulled over by the police.
     

    Similar threads