☀️🌎🌕 දවසේ නාසා වීඩියෝව: 2022 නොවැම්බර් 07 - ටජිකිස්තානයට දිස්වූ පූර්ණ චන්ද්‍රග්‍රහණය 🌕🌏☀️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,114
    113
    dB1L7lA.jpg


    රාත්‍රී ආකාසයෙහි දිස්වන පූර්ණ චන්ද්‍රයා සැනෙකින් නැතිවී ගියහොත් එය ඔබට කෙසේ දිස්වේවි ද? අද දිනයේ නාසා වීඩියෝව ලෙස තෝරාගෙන තිබෙන පහත දැක්වෙන "time lapse" වීඩියෝවෙන් ද නිරූපණය වන්නෙ එවැනි අවස්ථාවකි. 2011 වසරේදී සිදුවූ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් (Total Lunar Eclipse) ටජිකිස්තානයට (Tajikistan) දිස්වූ අයුරු මෙම වීඩියෝවෙන් දක්වා ඇති අතර මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවන අවස්ථාවේදී පෘථිවිය, සූර්යයා හා චන්ද්‍රයා අතරින් ගමන් කිරීම හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් අඳුරු වන චන්ද්‍ර පෘෂ්ඨය මෙහිදී දැකගත හැක. මෙහිදී පෘථිවි චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම පාහේ අඳුරු වී නොයන්නේ පෘථිවි වායුගෝලය මගින් චන්ද්‍රයාගෙන් එල්ලවන ආලෝකයෙන් කොටසක් වර්තනය කිරීම හේතුවෙනි.

    වීඩියෝවෙහි ආරම්භයේදී හිරු එළිය වැටී ඇති දිවා කාලයක දසුනක් සේ මෙහි දිස්වන පරිසරය පෙන්නුම් කළ ද සත්‍යවශයෙන්ම මෙහි දිස්වන්නේ සඳ එළියෙන් ආලෝකමත් වී ඇති රාත්‍රී කාලයක දසුනකි. චන්ද්‍රග්‍රහණය සිදුවීම ආරම්භවත්ම ආකාසයෙහි පසුබිමින් වූ තාරකාවන් දැක ගැනිමට අවස්ථාව උදාවන අතර ඒවායේ ආලෝකයන් පහළින් ඇති විලෙහි වූ ජල තලය මත හටගත් ප්‍රතිබිම්භයන් තුළින් දැකගත හැකිය. චන්ද්‍රග්‍රහණය සිදුවන අවස්ථාවේදී සඳ එළිය හේතුවෙන් මෙතෙක් ආකාසයෙහි දිස්නොවූ තාරකාවන් මෙන්ම ක්ෂීර පථය මන්දාකිණියෙහි මධ්‍ය තීරුව ද ක්‍රමයෙන් දර්ශනය වන අයුරු මෙහිදී නිරීක්ශනය කළ හැකිය.

    මෙම අවස්ථාවන් වීඩියෝවෙහි කීප විටක්ම පෙන්නුම් කරන අතර වීඩියෝවෙහි අවසානයේ දිස්වන රූපරාමුව හොදින් නිරීක්ශනය කළහොත් අඳුරු වී ගිය චන්ද්‍රයා අසලට වන්නට දිස්වන Eagle, Swan, Trifid, හා Lagoon යන නිහාරිකාවන් ද දැකගැනීමට අවස්ථාව ලැබේ. චන්ද්‍රග්‍රහණය ආරම්භ වී හෝරා දෙකකට පමණ පසුව චන්ද්‍රයා පෘථිවි සෙවණල්ලෙන් මිදී නැවතත් ක්‍රමක්‍රමයෙන් ආකාසයෙහි දිස්වන්නට වන අයුරුත් චන්ද්‍රයා අවසානයේ පූර්ණ වශයෙන් දීප්තිමත්ව දිස්වන අයුරු ද දැකගත හැකිය. අද දිනයේදී හෝ හෙට දිනයේදී (ජාත්‍යන්තර කාල කලාපයන්ට අනුව) මෙවැනි අපූර්ව පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිතව අතර එය ඊසානදිග ආසියාවට සහ වයඹදිග උතුරු ඇමරිකාවට අයත් ප්‍රදේශයන්ට දර්ශනය වනු ඇත.


    Video Credit & Copyright: Jean-Luc Dauvergne (Ciel et Espace); Music: Valère Leroy & Sophie Huet (Space-Music)







    Total lunar eclipse on November 8, 2022

     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මරු අයිඩියාවක් ආවා මට.අපිට බැරිද ඔය සූර්යග්රහන,චන්ද්‍රග්හන වගේ අහසේ වෙන දේවල් බලන්ඩ සුද්දෝ ගෙන්නන්ඩ නිකං space tourism වගේ එකක් 😁 අපිට පුළුවන් නෙලුම් කුලුන කුලියට අරං elakiri space research organization වගේ එකක් හදන්ඩ 😎 E.S.R.O
     

    Similar threads