මෙහි දැක්වෙන්නේ මෙම දිනවල පෘථිවිය දිශාවට හැරෙමින් තිබෙන අතිවිශාල සූර්ය ලප (Sun spots) සමූහයක්.
විද්‍යාඥයන් විසින් ගණනය කර ඇති පරිදි මෙම සූර්ය ලප සමූහයේ විෂ්කම්භය කිලෝමීටර් ලක්ෂ 2 ක් පමණ වනවා. එය කොපමණ විශාලද කියනවනම් එම අගය පෘථිවියේ විෂ්කම්භය මෙන් 15 ගුණයකටත් වඩා වැඩියි.
ඒවාගේම මෙම සූර්ය ලප සමූහයේ විශාලත්වය නිසාම එය අඟහරු ග්‍රහයාගේ සිට perseverance රෝවරය පවා නිරීක්ෂණය කර තිබෙනවා.
මීටත් අමතරව මෙම සූර්යය ලප සමූහය පෘථිවියේ සිට පියවි ඇසින් පවා දැකගැනීමට හැකිවනවා.
නමුත් මේ සඳහා අපිට සූර්ය ග්‍රහණ නිරීක්ෂණය කිරීමට යොදාගන්නා විශේෂ ඇස් කන්නාඩියක් හෝ වැල්ඩින් කිරීමේදී යොදා ගන්නා මුහුණු ආවරණයක් යොදා ගැනීමට සිදුවනවා.
ඒවාගේම ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි මෙවැනි ආරක්ෂිත උපකරණයකින් තොරව කිසිදු ආකාරයකින් සූර්යයාව නිරීක්ෂණය නොකළ යුතු බව. එවැන්නක් සිදු කළහොත් ඔබගේ ඇස් පෙනීම නැති වී යාමට පවා ඉඩ තිබෙනවා.
එනිසා මෙම සූර්ය ලප සමූහය ඔබ පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වනවා නම් අනිවාර්යෙන්ම මම ඉහත සඳහන් කළ ආරක්ෂිත පියවරක් අනුගමනය කරන්න.
ඒවගේම සූර්ය ලප සූර්යයාගේ අනෙකුත් ප්‍රදේශවලට වඩා අඳුරු වන්නේ ඇයිද පිළිබඳව දැනගැනීමට පළවෙනි කමෙන්ට් එකේ ඇති වීඩියෝවද බලන්න.
(Video Credits : NASA/SDO and the AIA, EVE, and HMI science teams)
-Copied: https://www.facebook.com/gwcosmos