☁️☀️🌨️ මෙවැනි ආකාරයේ වලාකුළු ඔබ මින් පෙර දැක තිබේද? - "Mammatus clouds" 🌨️☀️☁️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    XIEOueT.jpg



    දිනය: 2023 පෙබරවාරි 12

    මෙහි දිස්වන වලාකුළුවල පතුලෙහි හැඩයන් බුබුළු ආකාරයේ ස්වරූපයක් ගෙන ඇත්තේ මන් ද? සාමාන්‍යයෙන්, වලාකුළක පතුල සමතල හැඩයක් ගන්නා අතර පහළ මට්ටමේ පවතින තෙතමනයෙන් යුක්ත වූ උණුසුම් වාතය ඉහළට ගමන් කිරීමත් සමග එම වාතය නිශ්චිත උෂ්ණතවයකදී හා නිශ්චිත උසකදී ජල බිදිති බවට ඝනීභවනය වීම හේතුවෙන් වලාකුළුවල පතුල මෙලෙස සමතල හැඩයකට නිර්මාණය වීම සිදුවේ. මෙම ජල බිදිතිවල ප්‍රමාණය වැඩිවත්ම පාරාන්ධ ස්වභාවයක් ගත් වලාකුළු මෙලෙස හටගනී.

    කෙසේ නමුත් ඇතැම් අවස්ථාවන්හී'දී මෙම වළාකුළු තුළ (cloud pockets) ජල හෝ අයිස් බිදිති සංචිතය ඉතා විශාල වශයෙන් වැඩි වීම හේතුකොට ගෙන එම ජල හා අයිස් බිදිති වාෂ්ප වී යාමත් සමගම, ඒවා තෙතමනය අතින් ඉතා අඩු අගයක් ගත් වාතයත් සමග ගැටීම සිදුවේ. මෙවැනි ආකාරයේ වලාකුළු (cloud pockets) වාතයේ කැළිඹිලි සහගත තත්ත්වයන් පවතින අවස්ථාවන්හී'දී , එනම් අකුණු කුණාටු තත්ත්වයක් ආරම්භ වීමට ආසන්නව පවතින අවස්ථාවලදී හටගැනීම සිදුවේ.

    මේ ආකාරයෙන්, මෙවැනි අවස්ථාවන්හී'දී හටගන්නා මෙම වලාකුළු විශේෂය "Mammatus clouds" ලෙස හදුන්වන අතර මෙවැනි වලාකුළු හටගත් අවස්ථාවක එම වලාකුළුවලට එක් පැත්තකින් සූර්යාලෝකය පතිතව ඇත්නම් මෙම 'Mammatus' වලාකුළු වඩා පැහැදිලිව නිරීක්ශනය කිරීමේ අවකාශය සැලසේ. පහත දැක්වෙන ඡායාරූපය මගින් නිරූපණය කෙරෙන 'Mammatus' වලාකුළු දිස්වූ මොහොත 2004 වර්ෂයේදී, ඇමරිකාවේ, 'Nebraska' ප්‍රාන්තයේ පිහිටි 'Hastings' නම් නගරයේදී කැමරා කාචයට හසුකර ගත්තකි.


    Image Credit & Copyright: Jorn Olsen Photography

    mammatus_olson_1024.jpg





    Mammatus clouds

    Mammatus (also called mamma or mammatocumulus, mammary cloud")