තරු පහේ හෝටල් කෑම රු 500 ට
ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් ශී‍්‍ර ලංකා සංචරණයට අයත් ආයතන සංචාරක සංවර්ධන සහ කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍යංශය එක්ව ශී‍්‍ර ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය වන දෙසැම්බර් මාසයේ නත්තල් මිහිර විදගැනීමට දෙසැම්බර් මස 19 සිට 23 වන දින වල ආකේඩ් නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රයේදී Tourism Fest with the Spirit of Chrismas යන නමින් සංචාරක සැණකෙලියක් සංවිධානය කර තිබෙනවා.
මෙම උත්සව සමයේ ප‍්‍රමුඛතම සංචාරක ආකර්ශනය වන්නේ ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය විවිධ වු මාධ්‍යන් විසින් ප‍්‍රදර්ශනය කිරීමයි.
මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධාන කරන මැණික් සහ ස්වර්ණාභරණ ප‍්‍රදර්ශන කුටි සහ අලවි සැල් ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය විසින් සංවිධාන කරන තේ අලවි සැල් සහ තේ රස බැලීමේ ස්ථාන, ශී‍්‍ර ලංකා හස්ත කර්මාණ්ත මණ්ඩලය විසින් සංවිධාන කරන අලවි සහ ප‍්‍රදර්ශන කුටි මෙන්ම ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන හෝටලවල අති දක්ෂ සූපවේදින් විසින් පිලියල කරන ශ‍්‍රී ලාංකීය සහ විවිද රට වලට ආවේනික වු කෑම වර්ග උපරිමය රුපියල් 500 ක සාධාරණ මිලකට ලබා ගැනීමේ කටයුතු මෙහිදි සංවිධානය කර තිබෙනවා.
ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රි ලංකා වනජීවි දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවේ වන සම්පත සහ උද්භිත උද්‍යාන පිලිබඳ ප‍්‍රදර්ශනයක් මීට සමගාමීවම පැවැත් වෙනවා.
මෙහි ඇති තවත් සුවිශේෂි අංගයක් ලෙස නත්තලට අවශ්‍ය භාණ්ඩ පහසු මිලට ලබා ගැනීමේ වෙළඳ කුටි සකසා තිබීමද විශේෂයක්.
මෙම දිනයන්හීදි ති‍්‍රවිධ හමුදාව, පොලිසිය පාසල් සහ දේවස්ථාන වල ගායක සහ නර්ථන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන කැරොල් ගීත සාම්ප‍්‍රදායික නර්ථන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ප‍්‍රසංගද මෙම උලෙළ වර්ණවත් කිරිමට නියමිතයි.
තවද කුඩා ළමුන් සඳහා වන මුහුණු පාට කිරිමේ මෙන්ම විවිද වු කි‍්‍රඩා වලින්ද මෙම උලෙළ වර්ණවත්.
(under the courtesy of nethfm news web)
