☸︎ මොකක්ද මේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සොවාන් ඵලය 👀 ☸︎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113




    දහස් ආකාරයකින් සෝවාන් මාර්ගය ලැබෙන්නට තියෙනව, ඒකයි දහස් ආකාරයෙන් එක් ආකාරයකටයි කෙනෙකුට අවබෝධ වෙන්නෙ. අභිධර්ම පිටකයෙහි ධර්මසංගනී ප්‍රකාරණයෙහි මේ දහසක් නය විස්තර කරලා තියෙනව. අට්ඨ කතාවෙහි තමයි එය පැහැදිලි කරලා තියෙන්නෙ. දහසක් නය වෙන්නෙ මෙන්න මෙහෙමයි.

    ලෝකෝත්තර මාර්ගය පද දෙකකින් කියවනවා.
    1. සුඤ්ඤත මග්ගෝ
    2. අප්පණිහිත මග්ගෝ කියලා.
    ඒ වාගේම ලෝකෝත්තර ධ්‍යානය,
    1. සුඤ්ඤත ධ්‍යාන
    2. අප්පණිහිත ධ්‍යාන
    කියල දෙකකට බෙදනවා.

    මේ සුඤ්ඤත ධ්‍යාන, අප්පණිහිත ධ්‍යාන කියන දෙක,
    1. දුක්ඛා පටිපදා දන්ධාභිඥා, එකයි,
    2. දුක්ඛා පටිපදා ඛිප්පාභිඥා, දෙකයි,
    3. සුඛා පටිපදා දන්ධාභිඥා, තුනයි,
    4. සුඛා පටිපදා ඛිප්පාභිඥා, හතරයි.
    මේ හතරෙන් වැඩිවුණහම 8ක් වෙනවා. පටිපදා හතරෙන් වැඩි නොවී ශුද්ධික මග්ග වශයෙන් කියනකොට, ශුද්ධික සුඤ්ඤත, ශුද්ධික අප්පණිහිත වශයෙන් එතකොට 2යි. දැන් එතකොට 10යි.

    ඔය දහය වැඩි වෙනවා වීසති නය ක්‍රමයකින්.
    1. ලෝකුත්තරං ධ්‍යානං භාවේති
    2. ලෝකුත්තරං මග්ගං භාවේති
    3. ලෝකුත්තරං සතිපට්ඨානං භාවේති
    4. ලෝකුත්තරං සම්ම පධානං භාවේති
    5. ලෝකුත්තරං ඉද්ධිපාදං භාවේති
    6. ලෝකුත්තරං ඉන්ද්‍රියං භාවේති
    7. ලෝකුත්තරං බලං භාවේති
    8. ලෝකුත්තරං බොජ්ඣංගං භාවේති
    9. ලෝකුත්තරං සච්චං භාවේති
    10. ලෝකුත්තරං සමථ භාවේති
    11. ලෝකුත්තරං ධම්මං භාවේති
    12. ලෝකුත්තරං ඛන්ධං භාවේති
    13. ලෝකුත්තරං ආයතනං ධාතුං භාවේති
    14. ලෝකුත්තරං ධාතුං භාවේති
    15. ලෝකුත්තරං ආහාරං භාවේති
    16. ලෝකුත්තරං ඵස්සං භාවේති
    17. ලෝකුත්තරං වේදනං භාවේති
    18. ලෝකුත්තරං සඤ්ඤං භාවේති
    19. ලෝකුත්තරං චේතනං භාවේති
    20. ලෝකුත්තරං ච්ත්තං භාවේති
    කියලා පද 20කින් වැඩි වෙනවා. එතකොට 200ක් වෙනවා. කලින් සඳහන් කළ දහය විස්සෙන් වැඩි වුණාම දෙසීය යි. ඒ 200, අධිපති ධර්ම 4න් වැඩි වෙන කොට 800ක් වෙනවා. අධිපති අමිශ්‍ර ව 200 යි. අධිපති මිශ්‍ර ව 800 යි. එකතු වුණා ම 1000 යි. ඔන්න ඔය විදියට දහසක් නය ප්‍රතිමණ්ඩිත සෝවාන් මාර්ගය, ඵලය වෙන්නෙ.

    උපකාර වූ මූලාශ්‍ර
    අභිධර්ම පිටකයෙහි ධර්මසංගනී ප්‍රකරණය,​
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    923
    706
    93
    @nuwan9999
    @ek_rosh
    @Fiona Dabare
    @nipund
    @Blair Solari

    මේක ගැන අවබෝධයක් තියද ඔබතුමාට?

    සෝවාන් වෙන්න පුළුවන්, එක එක මාර්ග දාහක් තියෙනවා කියලද කියන්නේ මේ 👀
    මාර්ග 1000ක් නෙමෙයි මේ කියන්නෙ... එකම මාර්ගය දහසක් න්‍යායන් ගෙන් දකිනව කියල කියන්නෙ, ඒක හරි ඉතින්. පුද්ගල නානත්වය අනුව වෙනස් වෙන්න ඕනිනෙ... සමහර පුද්ගලයන්ට දකින න්‍යායන් එකකට වඩා තියෙනව, සමහර අයට එකක් වත් නැහැ.... මෙතන න්‍යායන් කියන අනිච්ච, දුක්ඛ අනත්ත න්‍යායත් එක්ක පටල ගන්න හොඳ නැහැ. හැබැයි.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,731
    113
    මාර්ග 1000ක් නෙමෙයි මේ කියන්නෙ... එකම මාර්ගය දහසක් න්‍යායන් ගෙන් දකිනව කියල කියන්නෙ, ඒක හරි ඉතින්. පුද්ගල නානත්වය අනුව වෙනස් වෙන්න ඕනිනෙ... සමහර පුද්ගලයන්ට දකින න්‍යායන් එකකට වඩා තියෙනව, සමහර අයට එකක් වත් නැහැ.... මෙතන න්‍යායන් කියන අනිච්ච, දුක්ඛ අනත්ත න්‍යායත් එක්ක පටල ගන්න හොඳ නැහැ. හැබැයි.
    ස්තූතියි !