දහස් ආකාරයකින් සෝවාන් මාර්ගය ලැබෙන්නට තියෙනව, ඒකයි දහස් ආකාරයෙන් එක් ආකාරයකටයි කෙනෙකුට අවබෝධ වෙන්නෙ. අභිධර්ම පිටකයෙහි ධර්මසංගනී ප්‍රකාරණයෙහි මේ දහසක් නය විස්තර කරලා තියෙනව. අට්ඨ කතාවෙහි තමයි එය පැහැදිලි කරලා තියෙන්නෙ. දහසක් නය වෙන්නෙ මෙන්න මෙහෙමයි.
ලෝකෝත්තර මාර්ගය පද දෙකකින් කියවනවා.
- සුඤ්ඤත මග්ගෝ
- අප්පණිහිත මග්ගෝ කියලා.
- සුඤ්ඤත ධ්‍යාන
- අප්පණිහිත ධ්‍යාන
මේ සුඤ්ඤත ධ්‍යාන, අප්පණිහිත ධ්‍යාන කියන දෙක,
- දුක්ඛා පටිපදා දන්ධාභිඥා, එකයි,
- දුක්ඛා පටිපදා ඛිප්පාභිඥා, දෙකයි,
- සුඛා පටිපදා දන්ධාභිඥා, තුනයි,
- සුඛා පටිපදා ඛිප්පාභිඥා, හතරයි.
ඔය දහය වැඩි වෙනවා වීසති නය ක්‍රමයකින්.
- ලෝකුත්තරං ධ්‍යානං භාවේති
- ලෝකුත්තරං මග්ගං භාවේති
- ලෝකුත්තරං සතිපට්ඨානං භාවේති
- ලෝකුත්තරං සම්ම පධානං භාවේති
- ලෝකුත්තරං ඉද්ධිපාදං භාවේති
- ලෝකුත්තරං ඉන්ද්‍රියං භාවේති
- ලෝකුත්තරං බලං භාවේති
- ලෝකුත්තරං බොජ්ඣංගං භාවේති
- ලෝකුත්තරං සච්චං භාවේති
- ලෝකුත්තරං සමථ භාවේති
- ලෝකුත්තරං ධම්මං භාවේති
- ලෝකුත්තරං ඛන්ධං භාවේති
- ලෝකුත්තරං ආයතනං ධාතුං භාවේති
- ලෝකුත්තරං ධාතුං භාවේති
- ලෝකුත්තරං ආහාරං භාවේති
- ලෝකුත්තරං ඵස්සං භාවේති
- ලෝකුත්තරං වේදනං භාවේති
- ලෝකුත්තරං සඤ්ඤං භාවේති
- ලෝකුත්තරං චේතනං භාවේති
- ලෝකුත්තරං ච්ත්තං භාවේති
උපකාර වූ මූලාශ්‍ර
අභිධර්ම පිටකයෙහි ධර්මසංගනී ප්‍රකරණය,
අභිධර්ම පිටකයෙහි ධර්මසංගනී ප්‍රකරණය,