“මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුසස් මම යම් සේ දනිම් ද, එසේ ම සෙස්සෝත් දනිත් නම් නොදී නොවළඳන්නාහු ය. මසුරු මල ඔවුන්ගේ සිත හාත්පසින් අල්ලා ගෙන නොසිටින්නේ ය. ඔවුන්ගේ යම් අවසන් බත් පිඬක් වෙයි නම්, පිළිගන්නෝද වේ නම්, ඒ බත් පිඩෙන් ද කොටසක් බෙදා නොදී නොවළඳන්නාහු ය. මහණෙනි, බෙදා දී වැළඳීමෙහි අනුසස් මා දන්නා සේ සෙසු මිනිස්සු යම් හෙයකින් නොදනිත් ද, එබැවින් බෙදා දී නොවළඳති. මසුරුමල ද ඔවුන්ගේ සිත හාත්පසින් මැඩ ගෙණ සිටියි.
මේ කාරණය බුදුහු වදාළහ.
“බෙදා වැළඳීමෙහි අනුසස් මහත් ඵල වන පරිදි බුදුහු විසින් යම් ලෙසකින් වදාරණ ලද සැටියෙන් මිනිස්සු දනී නම්, මසුරුමල දුරලන්නාහු ය. යම් තැනකට දීමෙන් මහත්ඵල වේ ද (එබඳු වු) ආර්ය්යයනට සුදුසු කාලයෙහි පහන් සිතින් දන් දෙන්නාහු ය.”
“දන් පිළිගැනීමට සුදුසු ආර්ය්යයනට පරලොව අදහා දන් දී බොහෝ දායකයෝ මේ මිනිසත් බැවින් චුත ව සුගතිගාමී වෙති.”
“ සුගතිගාමී වූ ඒ දායකයෝ එහි සියලු කම්සැපවලින් යුක්ත ව සුතුටු වෙති. මසුරුමල රහිත වූ ඔව්හු බෙදා වැළඳීමෙහි ආනිසංස භුක්ති විඳිති.“