♣♣♣ ආදරය, රාගය & විවාහය ♣♣♣

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ♣♣♣ ආදරය, රාගය & විවාහය ♣♣♣

    ආදරය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ දෑසට දෑස හමුවීම.
    රාගය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට ඔහුගේ/ඇයගේ තොල් පෙති හමුවීම.
    විවාහය : සෙනඟ පිරී ඇති කාමරයක් තුළ ඔබට සෙනඟ තුළ අතුරුදන් වූ ඔබගේ දරුවා හමුවීම.

    ආදරය : ඔබ ඔහු/ඇය සමඟ ඔබේ ජීවිතය හා බැඳුනු සියලු දේ බෙදාගැනීම.
    රාගය : ඔබ ඔහු/ඇය ගේ ජීවිතය හා බැඳුනු සියල්ල කඩාවඩා ගැනීම.
    විවාහය : ඔබත්, ඔහු/ඇයත් හා බැඳුනු සියල්ල බැංකුව සතුවීම.


    ආදරය : ඔබට sex යන්න එතරම් වැදගත් නොවේ.
    රාගය : ඔබට sex යන්න හැමදේම වේ.
    විවාහය : මොකද්ද sex කියන්නේ?

    ආදරය : ඔබ ඔහු/ඇය ගැන ආදරණීය නිසඳැස් ලියනු ඇත.
    රාගය : ඔබ ඔහු/ඇයට ලියා දෙන එකම දේ දුරකතන අංකය පමණයි.
    විවාහය : ඔබ ලියන එකම දේ bank checks පමණයි.


    ආදරය : ඔබ ඔහු/ඇය ගැන නිතරම සොයා බලයි.
    රාගය : ඔබට ඔහු/ඇය ගැන සොයා නොබලා බැරි කමට සොයා බලයි.
    විවාහය : ඔබ සොයා බලන එකම දේ රූපවාහිනියේ දැන් බලන්නට ඇත්තේ කුමක්ද යන්නයි.


    ආදරය : ඔබ මූණු පොතේ relationship status, In a relationship + ඔහු/ඇයගේ නම සඳහන් කර සියල්ලන්ටම ඔබගේ ආදරය ගැන ආඩම්බරයෙන් පෙනෙන්නට හරී.
    රාගය : ඔබ මූණූ පොතේ relationship status, In a relationship ලෙස පමණක් සටහන් කොට තබයි.
    විවාහය : ඔබ මූණු පොතේ තවමත් තනිකඩයෙකි(Single).


    ආදරය : ඔබගේ එකම පැතුම වෙන් නොවී සදාකල් ඔහු/ඇය සමඟ ගත කිරීමටයි.
    රාගය : ඔබගේ එකම පැතුම සදහටම ඔහු/ඇය සමඟ ගත නොකිරීමටයි.
    විවාහය : ඔබගේ එකම පැතුම අද දවස ඉක්මනින් ගතවී අවසන් වීමයි.


    ආදරය : ඔබ සිතනුයේ ඔහු/ඇය සමඟ කරන දේවල් ගැනය.
    රාගය : ඔබ සිතනුයේ ඔහු/ඇයට කරන දේවල් ගැනය.
    විවාහය : ඔබ සිතන එකම දේ ''ඇයි දෙයියනේ මම හදිස්සි වුනේ කසාද බඳින්න'' යන්නයි.


    from FB
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ''ඇයි දෙයියනේ මම හදිස්සි වුනේ කසාද බඳින්න''