♦️රුවන්ඩාව - ලංකාව නිදහස් වීසා ගිවිසුමක

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    රාජතාන්ත්‍රික-රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත් බාර ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

    ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ද්විපාර්ශවික සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් රටවල් දෙකෙහි රාජතාන්ත්‍රික රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසර පත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා 2019-5-7 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් එකී ගිවිසුමට මේ දක්වා අත්සන් තැබීමට නොහැකි වී ඇතැයි රජය කියයි.

    දෙපාර්ශවය අතර එකඟ වී ඇති රාජතාන්ත්‍රික රාජකාරි හෝ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුරවැසියන් දින තිහක් නොඉක්මන කාලසීමාවක් සඳහා වීසා අවසර පත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා වන එකී අවබෝධතා ගිවිසුම රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,468
    1,425
    113
    "රාජතාන්ත්‍රික-රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත් බාර ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ."
    😜 Do not be excited. It is not for us.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    "රාජතාන්ත්‍රික-රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත් බාර ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ."
    😜 Do not be excited. It is not for us.

    රුවන්ඩාව හොදයි සල්ලි හංගන්න දැන් ස්විස් එහෙන හරි යන්නෙ නෑ ඔය වැඩ වලට