⚜️Disk Defragmenter වැඩසටහන මගින් පරිගණකය වේගවත් කර ගන්නා ආකාරය..⚜️

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,658
    7,001
    113
    United States

    ⚜️Disk Defragmenter වැඩසටහන මගින් පරිගණකය වේගවත් කර ගන්නා ආකාරය..⚜️


    c42db4575b969d60077ed.jpg


    DISK DEFRAGMENTER මෘදුකාංගය ඔබේ පරිගණකයට මෙහෙයුම් පද්ධතිය සමගම INSTALL වේ. මෙමගින් HARD DISK එක මත කැබලි වශයෙන් SAVE වී ඇති FILES (FILE FRAGMENTATIONS) හානියකින් තොරව REPAIR කරගත හැකි අතර එමගින් ඔබේ පරිගණකයේ වේගය වැඩි වීමට හැකිය.

    File එකක් කැබලි ලෙස, hard disk එකේ තැන් කිහිපයක save වී ඇති විට එය නැවත read කිරීමට නම් system එක විසින් hard disk එක පුරා search කර, කැඩුණු කොටස් එකතුකර එම file එක එකලස් කර, ඉන් පසු file එක run කිරීම සිදුවේ. (ඔබේ අපිලිවෙලට ඇති පොත් මේසය සිහි කරගන්න.. අන්න ඒ වගේ තමා) එලෙස කිරීමට සිදුවීමෙන් පරිගණකය ප්‍රතිචාර දැක්වීමේ වේගය බොහෝ ප්‍රමාද වේ. එනම්, පරිගණකය slow වේ.

    එබැවින් සතියකට වරක්වත් hard disk එක defrag කල යුතුය. නමුත් disk එක defrag කල යුතු වෙනත් විශේෂ අවස්ථාද තිබේ.එනම්,

    🔹software එකක් install කල අවස්ථාවල

    🔹files විශාල ප්‍රමාණයක් hard disk එකට add කලඅවස්ථාවල

    🔹Free disk space එකේ අගය 15% ට වඩා අඩු වූ අවස්ථාවල

    🔘Defrag කරගන්නා ආකාරය...​

    🔯 මෘදුකාංගය open කරගැනීමට මේ පියවර අනුගමනය කරන්න.👇👇

    1) serch මෙනුවේ defragment ලෙස type කරන්න..

    858cbc71a1c1d6b543ed5.jpg

    2)ඉන්පසු ලබෙන tool එක click කරන්න.

    9d0b5dc24d4e301e7df22.jpg

    3)ඔබට අවශ්‍ය hard drive එක තෝරාගන්න..

    cc48c7ba9ff3b08085edc.jpg

    4)පසුව පහලින් ඇති analyze තෝරන්න.

    8fbae3119221d8b2d7268.jpg

    5)analyze අවසන් වූ පසු optimize තෝරන්න.

    f83e3dc42d31a8a3f7c7f.jpg

    ඉහත සදහන් පියවර අවසන් වූ පසු ඔබේ පරිගණකය වෙනදාට වඩා වේගවත් හා කාර්‍යක්ශම බව ඔබටම වැටහේවි...