Disk Defragmenter වැඩසටහන මගින් පරිගණකය වේගවත් කර ගන්නා ආකාරය..
DISK DEFRAGMENTER මෘදුකාංගය ඔබේ පරිගණකයට මෙහෙයුම් පද්ධතිය සමගම INSTALL වේ. මෙමගින් HARD DISK එක මත කැබලි වශයෙන් SAVE වී ඇති FILES (FILE FRAGMENTATIONS) හානියකින් තොරව REPAIR කරගත හැකි අතර එමගින් ඔබේ පරිගණකයේ වේගය වැඩි වීමට හැකිය.
File එකක් කැබලි ලෙස, hard disk එකේ තැන් කිහිපයක save වී ඇති විට එය නැවත read කිරීමට නම් system එක විසින් hard disk එක පුරා search කර, කැඩුණු කොටස් එකතුකර එම file එක එකලස් කර, ඉන් පසු file එක run කිරීම සිදුවේ. (ඔබේ අපිලිවෙලට ඇති පොත් මේසය සිහි කරගන්න.. අන්න ඒ වගේ තමා) එලෙස කිරීමට සිදුවීමෙන් පරිගණකය ප්‍රතිචාර දැක්වීමේ වේගය බොහෝ ප්‍රමාද වේ. එනම්, පරිගණකය slow වේ.
එබැවින් සතියකට වරක්වත් hard disk එක defrag කල යුතුය. නමුත් disk එක defrag කල යුතු වෙනත් විශේෂ අවස්ථාද තිබේ.එනම්,
Defrag කරගන්නා ආකාරය...
1) serch මෙනුවේ defragment ලෙස type කරන්න..
2)ඉන්පසු ලබෙන tool එක click කරන්න.
3)ඔබට අවශ්‍ය hard drive එක තෝරාගන්න..
4)පසුව පහලින් ඇති analyze තෝරන්න.
5)analyze අවසන් වූ පසු optimize තෝරන්න.
ඉහත සදහන් පියවර අවසන් වූ පසු ඔබේ පරිගණකය වෙනදාට වඩා වේගවත් හා කාර්යක්ශම බව ඔබටම වැටහේවි...