⚠️ ආනයන පාළන කොන්දේසි නිසා භාණ්ඩ හිඟයක් ඇති වේදැයි සංවාද ⚠️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    Electronics-Item.jpg


    අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීමේදී පනවා ඇති නව කොන්දේසි හේතුවෙන් ඉදිරි කාල සීමාවේදී රට තුළ එම භාණ්ඩ වර්ගවල හිඟයක් ඇතිවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. එම භාණ්ඩ වර්ග අලෙවියේදී ඇතැම් විට කළු කඩ මිලක්ද නිර්මාණය විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ආනයන පාළනය සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

    මේ එම වැඩසටහනේදී අදහස් දැක්වූ කොළඹ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති ආර්ථික විශ්ලේෂක ප්‍රසන්න ලියනගේ.





    කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහද මෙම වැඩසටහනේදී අදහස් පළ කළා.





    මතුවිය හැකි මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන අදහස් දැක්වූයේ මෙලෙසයි.





    අත්‍යවශ්‍ය නොවන හෝ හදිසි නොවන භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් පවත්වාගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු වෙත කොන්දේසි පනවනු ලැබුවේ ඉකුත් 09 වනදා සිටයි.

    විදුලි සංදේශ උපකරණ, ගෘහ විදුලි උපකරණ, රෙදිපිලි සහ උපාංග, රබර් ටයර්, වායු සමීකරණ යන්ත්‍ර, පළතුරු, සුවඳ විලවුන් සහ සේදුම් ද්‍රව්‍ය වැනි කාණ්ඩයන්ට අයත් භාණ්ඩ වර්ග ආනයනයේදී එම කොන්දේසි අදාළ වනවා.

    බියර් වයින් වැනි පාන වර්ග, චොක්ලට්, චීස්, බටර් ඇතුළු ආහාර සහ පාන වර්ග, සංගීත භාණ්ඩ, දුම්කොළ නිෂ්පාදන, සෙල්ලම් බඩු, ලිපි ද්‍රව්‍ය යන කාණ්ඩවලට අයත් භාණ්ඩ වර්ග රැසකටද එම කොන්දේසි අදාළ වන බවයි මහ බැංකුව සඳහන් කළේ.



    Source: nethnews.lk