⚡ කුණාටුවේ හානිය රු බිලියන හයසීයක් - නමුත් සුනාමිය තරම් හානියක් නොවේ

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය

    සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් හා ගංවතුර නිසා රටට වූ හානිය මුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ත් 2ත් අතර එනම් රුපියල් බිලියන 450ත් 600ත් අතර ප්‍රමාණයක් වේ යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.

    ආර්ථික ප්‍රතිවිපාක වශයෙන් විශේෂයෙන් සමස්ත ආර්ථිකයට ඇති විය හැකි බලපෑම ලෙස නිෂ්පාදන පහළ වැටෙනු ඇතැයි ද උද්ධමනය කෙටි කාලීනව ඇති වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි. නමුත් එකී උද්ධමනය එක් කන්නයකදී අවසන් වනු ඇතැයි ද ඔහු කියයි.

    රාජ්‍ය මූල්‍යයට බරක් ඇතිවන බවත් යටිතල පහසුකම් ඇති කිරීමේ දී මෙම වැය බර දරන්නට සිදුවනු ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

    විශේෂයෙන් මහා මාර්ග, වැව් අමුණු හා ජලාශ, විදුලිය දුරකථන හා සන්නිවේදන යටිතල පහසුකම් ආදිය මෙහි දී ඉක්මනින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

    කෙසේ වෙතත් සමහරුන් පෙන්වා දෙන පරිදි මෙම හානිය සුනාමියේ හානියට වඩා වැඩි යැයි කීම පිළිගත නොහැකි බවද ඔහුගේ මතය වී තිබේ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    සුනාමියෙන් සිද්ද උනු පාඩුව (Assets) ඩොලර් බිලියන 2.3 (world bank-from Chatgtp)+ මිනිස්සු 35000 මරණ. මිනිස්සු කීයකගෙ ජීවිත වෙනස් උනාද. සුනාමියට ලන් කරන්නවත් බෑ