Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⚫ ලපයත් ඔහේ වැනෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරිනි හරිද?

අජිත් පැරකුම් ජයසිංහ - Praja.lk

ජාතික ජන බලවේගය බලයට ආවත් රටේ ප්රශ්න එකරැයින් විසඳෙන්නෙ නැති බවටත්, දීර්ඝ කාලයක් තුළ කැප කිරීම් සිදුකළ යුතු බවටත්, මීටත් වඩා දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවටත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිනී හරිනි අමරසූරිය කරන ප්රකාශය

හරිනි අමරසූරිය මන්ත්රීවරියගේ මේ ප්රකාශය බොහෝ අය අගය කරනවා. මේ ඇත්ත ජාතික ජන බලවේගය පවා කතාකරන්නේ නැහැ. ඇත්තෙන්ම, එක රැයින් මේ ප්රශ්න විසඳන්න බැරි බව ජනතාව දන්නවා. ප්රශ්න විසඳන්නට අවශ්ය ප්රතිපත්ති ක්රියාත්මක කරන්නට ඕනැ. අනෙක් පැත්තෙන් කොච්චර කැපවුණත් දේශපාලකයන්ට මේ ප්රශ්නය විසඳන්නට බැහැ. ඒ සඳහා ජනතාව කැපවෙන්න ඕනැ. දේශපාලනඥයන්ට පුළුවන් නායකත්වය දෙන්න විතරයි.

රට ගොඩගන්නත්, ගොඩනගන්නත් තියෙන්නෙ එක මාර්ගයයි. ඒ තමයි, මහජනතාව වැඩකරන එක. වෘත්තීය පුහුණුව ලබන එක. ඵලදායී රැකියා කරන එක. තමන් කරන රැකියා හරියට කරන එක. අලුතින් හිතන එක. අලුත් ව්යවසායන්ට යොමුවෙන එක. ඒවා දියුණු කරන එක.

මෙතනදි රජයට කරන්න පුළුවන් මොකක්ද? රජය වැඩකරන ජනතාවට හා ව්යවසායකයන්ට පහසුකම් සලස්වන්නට ඕනැ. මග පෙන්වන්නට ඕනැ. නායකත්වය දෙන්නට ඕනැ. මෙහෙයවන්නට ඕනැ. ඒ කාර්යයේදී රජය කාර්යක්ෂම වෙන්නට ඕනැ. රජයෙන් සපයන සේවාවන් හා සුබසාධනය කාර්යක්ෂම වෙන්නට ඕනැ. ආණ්ඩුව ප්රතිපත්ති සම්පාදනයෙන් රජයට මගපෙන්වන්නට ඕනැ. ආණ්ඩුව ආදර්ශවත් වෙන්නට ඕනැ.

ජාතික ජන බලවේගය අර්බුදයට කඩිනම් විසඳුම ගැන ලියපු පොතේ රාජ්ය සේවය කාර්යක්ෂම කිරීම ගැන එක අකුරක් නැහැ.

රජයේ ආදායමෙන් 80%ක් කෙළින්ම වැයවෙන්නෙ රජයේ නිලධාරීන්ට පඩි ගෙවන්න. තවත් 10%ක් විතර වැයවෙන්නෙ ඔවුන්ට අවශ්ය යටිතල පහසුකම් නඩත්තු කරන්න. එහෙම තියෙද්දිත් රජයේ සේවයෙන් මේ රටේ මහජනතාවට සිදුවන සේවය අල්පයි.

උදාහරණයක් විදියට අනුර කුමාර කෘෂිකර්ම ඇමති කාලෙ සල්ලි ඉතුරු කරලා බස් අරන් දුන්න කෘෂිකර්ම අමාත්යාංශයේ නිලධාරීන් දහස් ගණනක් හිටියත් ගොවියෙකුට වගාවක ඇතිවන රෝගයකට ප්රතිකර්මයක් අහගන්න හරිහමන් ක්රමයක් නැහැ.

ජවිපෙ කම්කරු ව්යාපාරය කියා හඳුන්වන්නෙ මධ්යම පන්තිකයන්ගෙ වෘත්තීය සමිති. ජාතික ජන බලවේගය තවදුරටත් පෙනී ඉන්නෙ රජය රැකියා දෙන මධ්යස්ථානයක් ලෙසම පවත්වාගෙන යන්නද?

ජවිපෙ හෙටත් උපාධිධාරීන් එක්ක එකතුවෙලා රජයේ රස්සා ඉල්ලලා උද්ඝෝෂණ සංවිධානය කරනවාද?

ජවිපෙ ධනේශ්වර සූරාකෑමක් ගැන කතාකරනවා. ඒ වුණාට ලංකාවේ වැඩිම සූරාකෑම කරන්නෙ රජයය කියන සරල සත්යය ඔවුන් මගහරිනවා.

එහෙම මගහරින්නෙ රජයේ අයිතිකාරයන් ඔවුන්ගේ පන්ති පදනම නිසායි. රජයේ අයිතිකාරයන් තමයි රජයෙන් යැපෙන මධ්යම පන්තිය. අපි කන බත්පතෙන්, බොන කිරි ටිකෙන්, ගන්න දුරකථන ඇමතුමෙන් ගහන බදුවලින් ලබන ආදායමෙන් වැඩිම ප්රතිලාභ ලබන්නෙ රාජ්ය සේවයේ මධ්යම පන්තිය.

ධනේශ්වර සූරාකෑමක් ගැන කතාකළාට අපව සූරාකන්නෙ මොන ධනපති සමාගම්ද? රජය තමයි අපව වැඩියෙන්ම සූරාකන්නෙ. ඊළඟට දවසකට රු. මිලියන 100ක විතර පාඩුවක් අප පිට පටවමින් බෝනසුත් ගන්න ශ්රීලන්කන් ගුවන් සේවය වගේ සුදු අලි. ලංවිම, සිපෙට්කෝ, ජල සම්පාදනේ, ලංගම, දුම්රිය, ලාෆ් වගේ ඒවා අපේ බදුමුදල් සූරාකනවා. රූපවාහිනිය, ගුවන්විදුලිය, ලේක්හවුස් එක අරවා මේවා මේක තේරුම්ගන්නට බැරි විදියට අපේ මනස විකෘති කරනවා. මේ රාජ්ය ව්යවසාය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට ප්රතිපත්තියක් තියෙනවාද? රජය තවදුරටත් මේ අසාර්ථක ව්යාපාරවල දිගටම යෙදිලා ඉන්නවාද?

ජවිපෙ ආණ්ඩුවක් පත්වුණ පළියට එක රැයින් තියා එක්දහස්එක් රැයක් ගියත් මේ රාජ්ය සේවය ලේසියෙන් වෙනස් වෙන්නෙ නැහැ. රාජ්ය සේවය වෙනස් කරන්නට නම් ඔවුන් හුරතල් කරලා බැහැ. ඔවුන් විනයගත කරන්නට ඕනැ. හැම දේටම වර්ජනය කරන්නට පෙළඹිලා තියෙන රාජ්ය සේවය මෙතෙක් කාලයක් තිස්සෙ හුරතල් කරපු ජවිපෙට බලය ලබාගත් හැටියේ සිදුවෙනවා රාජ්ය සේවය විනයගත කරන්නට.  එහෙම නැතුව ගෝඨාභය රාජපක්ෂ වගේ බලයට ආ හැටියේ තවත් ලක්ෂ ගණනකින් රජය පුරවනවාද? මේවා ජාතික ජන බලවේගය පැහැදිලිව කිව යුතුයි.

ජවිපෙ රාජ්යයේ මධ්යම පන්තික ආධිපත්යයේ පැවැත්ම සඳහා අවශ්ය දෘෂ්ටිවාදය සපයනවා. උදාහරණයක් විදියට රාජ්ය සේවයේ තියෙන කාලකණ්ණිකමට හේතුව දේශපාලන නායකත්වයක් නැතිකමය, අපි ඒ නායකත්වය දෙනකොට සියලු ප්රශ්න විසඳෙනවාය කියනවා. මේක පට්ටපල් බොරුවක්. මේ රාජ්ය ක්රමය වෙනස් නොකර මහජන ප්රශ්න කිසිවක් විසඳන්නට බැහැ.

මේක විසඳන්න නම් රජය ආදායම් වැඩිකරගන්න ඕනැ. ඒ කියන්නෙ බදු ක්රමය විධිමත් කරන්න ඕනැ. හැකි හැමෝම රජයට ඍජුව බදු ගෙවන්න ඕනැ. ඍජු බදු ගෙවනකොට අපි දන්නවා රජය අපෙන් අයකරන බදු ගැන. රජය අපට අයිතියි කියන එක එපට තේරෙනවා. එතකොට බැහැ මධ්යම පන්තික රාජ්ය සේවකයන්ට අපේ ඇස් ඉදිරිපිටම අයිස් ගහන්න. අපට වංචා කරන්න. අපට නිරායාසයෙන්ම පෙළඹවීමක් ඇතිවෙනවා අපේ බදුමුදල්වලින් වෙන දේ ගැන ප්රශ්න කරන්න. වක්ර බදු අයකරන කොට අපට තේරෙන්නෙ නැහැ මේක. වක්ර බදුවලින් මහජනතාව රවටා ගසාකන්න ලේසියි. උදාහරණයක් විදියට අපි එස්එම්එස් එකක් යවනකොට ඒකෙන් ඩයලොග් වගේ පෞද්ගලික සමාගමක් ලබන ලාභයට වඩා ශුද්ධ ලාභයක් රජය බදු ලෙස සූරාගන්නවාය කියන එක අපි දන්නෙ නැහැ. ජාජබ එකඟයිද බදු ප්රතිපත්තිය විධිමත් කරන්න.

ඊළඟට, රජය අපේ බදු මුදලින් කරන නාස්ති කිරීම් නවත්තන්න ඕනැ. මේ නාස්ති කිරීම් වැඩියෙන්ම කරන්නෙ දේශපාලකයන්ය කියල තමයි ජවිපෙ සමාජයට අඟවන්නෙ. උනුත් කරනවා තමයි. හැබැයි වැඩියෙන්ම කරන්නෙ රාජ්ය නිලධාරීන්. කිසිදු වැඩක් නොකර, ආයතන පාඩු ලබද්දි, වැටුප්, අතිකාල, වෙනත් දීමනා, යාන වාහන, තීරුබදු රහිත වාහන බලපත්ර, විදේශ පුහුණුවීම්, සංචාර, ශිෂ්යත්ව විතරක් නෙමෙයි බෝනසුත් ලබාගන්නා රාජ්ය නිලධාරීන් ඉන්නවා. මේ රාජ්ය සේවය කාර්යක්ෂම කරන්නට ඕනැ. ඒ වගේම, එහි නිලධාරීන් සංඛ්යාව අත්යවශ්ය සංඛ්යාවට පමණක් සීමාකරන්න ඕනැ. ජාතික ජන බලවේගය ඒවා කරනවාද?

ඊළඟට වැදගත්ම කාරණය තමයි, මේ පාඩු ලබන ආයතනවලින් රජය නිදහස් වෙන එක. රජය මේවායින් නිදහස් වෙනවාය කියන්නෙ බදු ගෙවන මහජනතාවත නිදහස් වෙන එක. ශ්රීලන්කන් විකුණන්නට ජවිපෙ කැමතියිද? අවශ්ය ප්රමාණය වගේ තුන්ගුණයක් විතර ඉන්න විදුලි ඉංජිනේරුවන්ගෙ ආධිපත්යයෙන් ඔවුන්ගේ වාසිය සඳහා පවත්වාගෙන යන ලංකා විදුලිබල මණ්ඩයේ දැනට පවතින ක්රමය වෙනස් කරන්නට බය නැතුව ක්රියාමාර්ග ගන්න ජවිපෙ කැමතිද?ඉන්ධනවලින් අයකරන බදු අවම කරලා, තෙල් සංස්ථාව ආනයනය කරපු භාණ්ඩයක් සාධාරණ ලාභයක් තියාගෙන මෙහෙ විකුණන සරල බිස්නස් එක කරගෙන යන්න පුළුවන් තත්වයට පත්කරන්නට ජාජබ කැමතිද? සාමාන්යයෙන් විනාඩි 35කට වරක් දුම්රියක් ධාවනය වන ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය කාර්යක්ෂම කරන්නට ජාජබ සූදානම්ද? ලංගම හා පෞද්ගලික බස් එකතු කරලා සමාගම් පිහිටුවලා ඒකාබද්ධ ක්රමයකට විධිමත් පොදු බස් ප්රවාහන සේවයක් නිර්මාණය කරන්නට අවශ්ය අභියෝග භාරගන්නට ජාජබ සූදානම්ද?

එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස, විදේශ ණය ගෙවීම කල්දමාගන්නට හා ආර්ථික සහනයක් ලබාගන්නට තිබෙන විධිමත් ක්රමයක් වන ජාත්යන්තර මූල්ය අරමුදල වෙත යන්නට ජාජබ ආණ්ඩුවක් කැමතිද?

ශ්රී ලංකාවේ අසල්වැසි බලවත් රාජ්යය වන ඉන්දියාව සමග එක්ව ගමන්කරන්නට ජාජබ ආණ්ඩුවක් සූදානම්ද? නැතිනම්, සමාජවාදයේ නමින් චීනය, රුසියාව, කියුබාව වැනි මතභේදාත්මක රාජ්යයන් සමග වැඩි ගනුදෙනුවකට යනවාද?

මේ මොහොතේ දරුණු විදේශ විනිමය අර්බුදයක් තිබෙනවා. රටට ඩොලර් එන ක්රම තියෙන්නේ ටිකයි. විදේශ ශ්රමිකයන්ගේ සම්ප්රේෂණ, අපනයන, සංචාරක කර්මාන්තය හා ඍජු විදේශ අයෝජන තමයි ප්රධාන. තව ඕනැ නම්, ණය හා ප්රදාන. තිරසාර ක්රමයක් විදියට රජයට පුළුවන් ඍජු විදේශ ආයෝජන දිරිගන්වන එක විතරයි. ඒකට රාජ්ය දේපල විකුණනවාය කියන වැඩේ කරන්නට වෙනවා. අඩු තරමේ රාජ්ය හා පෞද්ගලික හවුල්කාරීත්වන් හරි අවශ්යයි. ජාජබ ඒකට සූදානම්ද කියන එක ගැටලුවක්.

හරිනි අමරසූරිය මන්ත්රීවරිය ස්වාධීන බුද්ධිමතෙකු ලෙස පෙනීසිටි කාලයේදී නම් ඇයට මේ පිළිබඳ විවෘත අදහස් ප්රකාශ කරන්නට හැකියාව ඇයට තිබුණා. එහෙත්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරියක ලෙස ඇයට එසේ අදහස් පළ කළ හැකිද? කොහොම වුණත්, ජාතික ජන බලවේගය විසඳුම ගැන විධිමත් ලෙස සාකච්ඡා කළ යුතුව තිබෙනවා.

අජිත් පැරකුම් ජයසිංහ විසිනි.

[QUOTE="ewijesekara, post: 27514124, member: 561877"] හරිනි හරිද? අජිත් පැරකුම් ජයසිංහ - Praja.lk =========================== ජාතික ජන බලවේගය බලයට ආවත් රටේ ප්රශ්න එකරැයින් විසඳෙන්නෙ නැති බවටත්, දීර්ඝ කාලයක් තුළ කැප කිරීම් සිදුකළ යුතු බවටත්, මීටත් වඩා දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවටත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිනී හරිනි අමරසූරිය කරන ප්රකාශය හරිනි අමරසූරිය මන්ත්රීවරියගේ මේ ප්රකාශය බොහෝ අය අගය කරනවා. මේ ඇත්ත ජාතික ජන බලවේගය පවා කතාකරන්නේ නැහැ. ඇත්තෙන්ම, එක රැයින් මේ ප්රශ්න විසඳන්න බැරි බව ජනතාව දන්නවා. ප්රශ්න විසඳන්නට අවශ්ය ප්රතිපත්ති ක්රියාත්මක කරන්නට ඕනැ. අනෙක් පැත්තෙන් කොච්චර කැපවුණත් දේශපාලකයන්ට මේ ප්රශ්නය විසඳන්නට බැහැ. ඒ සඳහා ජනතාව කැපවෙන්න ඕනැ. දේශපාලනඥයන්ට පුළුවන් නායකත්වය දෙන්න විතරයි. රට ගොඩගන්නත්, ගොඩනගන්නත් තියෙන්නෙ එක මාර්ගයයි. ඒ තමයි, මහජනතාව වැඩකරන එක. වෘත්තීය පුහුණුව ලබන එක. ඵලදායී රැකියා කරන එක. තමන් කරන රැකියා හරියට කරන එක. අලුතින් හිතන එක. අලුත් ව්යවසායන්ට යොමුවෙන එක. ඒවා දියුණු කරන එක. මෙතනදි රජයට කරන්න පුළුවන් මොකක්ද? රජය වැඩකරන ජනතාවට හා ව්යවසායකයන්ට පහසුකම් සලස්වන්නට ඕනැ. මග පෙන්වන්නට ඕනැ. නායකත්වය දෙන්නට ඕනැ. මෙහෙයවන්නට ඕනැ. ඒ කාර්යයේදී රජය කාර්යක්ෂම වෙන්නට ඕනැ. රජයෙන් සපයන සේවාවන් හා සුබසාධනය කාර්යක්ෂම වෙන්නට ඕනැ. ආණ්ඩුව ප්රතිපත්ති සම්පාදනයෙන් රජයට මගපෙන්වන්නට ඕනැ. ආණ්ඩුව ආදර්ශවත් වෙන්නට ඕනැ. [IMG alt="❇️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t38/1.5/16/2747.png[/IMG] ජාතික ජන බලවේගය අර්බුදයට කඩිනම් විසඳුම ගැන ලියපු පොතේ රාජ්ය සේවය කාර්යක්ෂම කිරීම ගැන එක අකුරක් නැහැ. [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc7/1.5/16/1f534.png[/IMG] රජයේ ආදායමෙන් 80%ක් කෙළින්ම වැයවෙන්නෙ රජයේ නිලධාරීන්ට පඩි ගෙවන්න. තවත් 10%ක් විතර වැයවෙන්නෙ ඔවුන්ට අවශ්ය යටිතල පහසුකම් නඩත්තු කරන්න. එහෙම තියෙද්දිත් රජයේ සේවයෙන් මේ රටේ මහජනතාවට සිදුවන සේවය අල්පයි. උදාහරණයක් විදියට අනුර කුමාර කෘෂිකර්ම ඇමති කාලෙ සල්ලි ඉතුරු කරලා බස් අරන් දුන්න කෘෂිකර්ම අමාත්යාංශයේ නිලධාරීන් දහස් ගණනක් හිටියත් ගොවියෙකුට වගාවක ඇතිවන රෝගයකට ප්රතිකර්මයක් අහගන්න හරිහමන් ක්රමයක් නැහැ. ජවිපෙ කම්කරු ව්යාපාරය කියා හඳුන්වන්නෙ මධ්යම පන්තිකයන්ගෙ වෘත්තීය සමිති. ජාතික ජන බලවේගය තවදුරටත් පෙනී ඉන්නෙ රජය රැකියා දෙන මධ්යස්ථානයක් ලෙසම පවත්වාගෙන යන්නද? [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc7/1.5/16/1f534.png[/IMG] ජවිපෙ හෙටත් උපාධිධාරීන් එක්ක එකතුවෙලා රජයේ රස්සා ඉල්ලලා උද්ඝෝෂණ සංවිධානය කරනවාද? ජවිපෙ ධනේශ්වර සූරාකෑමක් ගැන කතාකරනවා. ඒ වුණාට ලංකාවේ වැඩිම සූරාකෑම කරන්නෙ රජයය කියන සරල සත්යය ඔවුන් මගහරිනවා. එහෙම මගහරින්නෙ රජයේ අයිතිකාරයන් ඔවුන්ගේ පන්ති පදනම නිසායි. රජයේ අයිතිකාරයන් තමයි රජයෙන් යැපෙන මධ්යම පන්තිය. අපි කන බත්පතෙන්, බොන කිරි ටිකෙන්, ගන්න දුරකථන ඇමතුමෙන් ගහන බදුවලින් ලබන ආදායමෙන් වැඩිම ප්රතිලාභ ලබන්නෙ රාජ්ය සේවයේ මධ්යම පන්තිය. [IMG alt="❇️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t38/1.5/16/2747.png[/IMG] ධනේශ්වර සූරාකෑමක් ගැන කතාකළාට අපව සූරාකන්නෙ මොන ධනපති සමාගම්ද? රජය තමයි අපව වැඩියෙන්ම සූරාකන්නෙ. ඊළඟට දවසකට රු. මිලියන 100ක විතර පාඩුවක් අප පිට පටවමින් බෝනසුත් ගන්න ශ්රීලන්කන් ගුවන් සේවය වගේ සුදු අලි. ලංවිම, සිපෙට්කෝ, ජල සම්පාදනේ, ලංගම, දුම්රිය, ලාෆ් වගේ ඒවා අපේ බදුමුදල් සූරාකනවා. රූපවාහිනිය, ගුවන්විදුලිය, ලේක්හවුස් එක අරවා මේවා මේක තේරුම්ගන්නට බැරි විදියට අපේ මනස විකෘති කරනවා. මේ රාජ්ය ව්යවසාය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට ප්රතිපත්තියක් තියෙනවාද? රජය තවදුරටත් මේ අසාර්ථක ව්යාපාරවල දිගටම යෙදිලා ඉන්නවාද? [IMG alt="❇️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t38/1.5/16/2747.png[/IMG] ජවිපෙ ආණ්ඩුවක් පත්වුණ පළියට එක රැයින් තියා එක්දහස්එක් රැයක් ගියත් මේ රාජ්ය සේවය ලේසියෙන් වෙනස් වෙන්නෙ නැහැ. රාජ්ය සේවය වෙනස් කරන්නට නම් ඔවුන් හුරතල් කරලා බැහැ. ඔවුන් විනයගත කරන්නට ඕනැ. හැම දේටම වර්ජනය කරන්නට පෙළඹිලා තියෙන රාජ්ය සේවය මෙතෙක් කාලයක් තිස්සෙ හුරතල් කරපු ජවිපෙට බලය ලබාගත් හැටියේ සිදුවෙනවා රාජ්ය සේවය විනයගත කරන්නට. [IMG alt="🔴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc7/1.5/16/1f534.png[/IMG] එහෙම නැතුව ගෝඨාභය රාජපක්ෂ වගේ බලයට ආ හැටියේ තවත් ලක්ෂ ගණනකින් රජය පුරවනවාද? මේවා ජාතික ජන බලවේගය පැහැදිලිව කිව යුතුයි. ජවිපෙ රාජ්යයේ මධ්යම පන්තික ආධිපත්යයේ පැවැත්ම සඳහා අවශ්ය දෘෂ්ටිවාදය සපයනවා. උදාහරණයක් විදියට රාජ්ය සේවයේ තියෙන කාලකණ්ණිකමට හේතුව දේශපාලන නායකත්වයක් නැතිකමය, අපි ඒ නායකත්වය දෙනකොට සියලු ප්රශ්න විසඳෙනවාය කියනවා. මේක පට්ටපල් බොරුවක්. මේ රාජ්ය ක්රමය වෙනස් නොකර මහජන ප්රශ්න කිසිවක් විසඳන්නට බැහැ. මේක විසඳන්න නම් රජය ආදායම් වැඩිකරගන්න ඕනැ. ඒ කියන්නෙ බදු ක්රමය විධිමත් කරන්න ඕනැ. හැකි හැමෝම රජයට ඍජුව බදු ගෙවන්න ඕනැ. ඍජු බදු ගෙවනකොට අපි දන්නවා රජය අපෙන් අයකරන බදු ගැන. රජය අපට අයිතියි කියන එක එපට තේරෙනවා. එතකොට බැහැ මධ්යම පන්තික රාජ්ය සේවකයන්ට අපේ ඇස් ඉදිරිපිටම අයිස් ගහන්න. අපට වංචා කරන්න. අපට නිරායාසයෙන්ම පෙළඹවීමක් ඇතිවෙනවා අපේ බදුමුදල්වලින් වෙන දේ ගැන ප්රශ්න කරන්න. වක්ර බදු අයකරන කොට අපට තේරෙන්නෙ නැහැ මේක. වක්ර බදුවලින් මහජනතාව රවටා ගසාකන්න ලේසියි. උදාහරණයක් විදියට අපි එස්එම්එස් එකක් යවනකොට ඒකෙන් ඩයලොග් වගේ පෞද්ගලික සමාගමක් ලබන ලාභයට වඩා ශුද්ධ ලාභයක් රජය බදු ලෙස සූරාගන්නවාය කියන එක අපි දන්නෙ නැහැ. ජාජබ එකඟයිද බදු ප්රතිපත්තිය විධිමත් කරන්න. ඊළඟට, රජය අපේ බදු මුදලින් කරන නාස්ති කිරීම් නවත්තන්න ඕනැ. මේ නාස්ති කිරීම් වැඩියෙන්ම කරන්නෙ දේශපාලකයන්ය කියල තමයි ජවිපෙ සමාජයට අඟවන්නෙ. උනුත් කරනවා තමයි. හැබැයි වැඩියෙන්ම කරන්නෙ රාජ්ය නිලධාරීන්. කිසිදු වැඩක් නොකර, ආයතන පාඩු ලබද්දි, වැටුප්, අතිකාල, වෙනත් දීමනා, යාන වාහන, තීරුබදු රහිත වාහන බලපත්ර, විදේශ පුහුණුවීම්, සංචාර, ශිෂ්යත්ව විතරක් නෙමෙයි බෝනසුත් ලබාගන්නා රාජ්ය නිලධාරීන් ඉන්නවා. මේ රාජ්ය සේවය කාර්යක්ෂම කරන්නට ඕනැ. ඒ වගේම, එහි නිලධාරීන් සංඛ්යාව අත්යවශ්ය සංඛ්යාවට පමණක් සීමාකරන්න ඕනැ. ජාතික ජන බලවේගය ඒවා කරනවාද? ඊළඟට වැදගත්ම කාරණය තමයි, මේ පාඩු ලබන ආයතනවලින් රජය නිදහස් වෙන එක. රජය මේවායින් නිදහස් වෙනවාය කියන්නෙ බදු ගෙවන මහජනතාවත නිදහස් වෙන එක. ශ්රීලන්කන් විකුණන්නට ජවිපෙ කැමතියිද? අවශ්ය ප්රමාණය වගේ තුන්ගුණයක් විතර ඉන්න විදුලි ඉංජිනේරුවන්ගෙ ආධිපත්යයෙන් ඔවුන්ගේ වාසිය සඳහා පවත්වාගෙන යන ලංකා විදුලිබල මණ්ඩයේ දැනට පවතින ක්රමය වෙනස් කරන්නට බය නැතුව ක්රියාමාර්ග ගන්න ජවිපෙ කැමතිද?ඉන්ධනවලින් අයකරන බදු අවම කරලා, තෙල් සංස්ථාව ආනයනය කරපු භාණ්ඩයක් සාධාරණ ලාභයක් තියාගෙන මෙහෙ විකුණන සරල බිස්නස් එක කරගෙන යන්න පුළුවන් තත්වයට පත්කරන්නට ජාජබ කැමතිද? සාමාන්යයෙන් විනාඩි 35කට වරක් දුම්රියක් ධාවනය වන ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය කාර්යක්ෂම කරන්නට ජාජබ සූදානම්ද? ලංගම හා පෞද්ගලික බස් එකතු කරලා සමාගම් පිහිටුවලා ඒකාබද්ධ ක්රමයකට විධිමත් පොදු බස් ප්රවාහන සේවයක් නිර්මාණය කරන්නට අවශ්ය අභියෝග භාරගන්නට ජාජබ සූදානම්ද? එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස, විදේශ ණය ගෙවීම කල්දමාගන්නට හා ආර්ථික සහනයක් ලබාගන්නට තිබෙන විධිමත් ක්රමයක් වන ජාත්යන්තර මූල්ය අරමුදල වෙත යන්නට ජාජබ ආණ්ඩුවක් කැමතිද? ශ්රී ලංකාවේ අසල්වැසි බලවත් රාජ්යය වන ඉන්දියාව සමග එක්ව ගමන්කරන්නට ජාජබ ආණ්ඩුවක් සූදානම්ද? නැතිනම්, සමාජවාදයේ නමින් චීනය, රුසියාව, කියුබාව වැනි මතභේදාත්මක රාජ්යයන් සමග වැඩි ගනුදෙනුවකට යනවාද? මේ මොහොතේ දරුණු විදේශ විනිමය අර්බුදයක් තිබෙනවා. රටට ඩොලර් එන ක්රම තියෙන්නේ ටිකයි. විදේශ ශ්රමිකයන්ගේ සම්ප්රේෂණ, අපනයන, සංචාරක කර්මාන්තය හා ඍජු විදේශ අයෝජන තමයි ප්රධාන. තව ඕනැ නම්, ණය හා ප්රදාන. තිරසාර ක්රමයක් විදියට රජයට පුළුවන් ඍජු විදේශ ආයෝජන දිරිගන්වන එක විතරයි. ඒකට රාජ්ය දේපල විකුණනවාය කියන වැඩේ කරන්නට වෙනවා. අඩු තරමේ රාජ්ය හා පෞද්ගලික හවුල්කාරීත්වන් හරි අවශ්යයි. ජාජබ ඒකට සූදානම්ද කියන එක ගැටලුවක්. හරිනි අමරසූරිය මන්ත්රීවරිය ස්වාධීන බුද්ධිමතෙකු ලෙස පෙනීසිටි කාලයේදී නම් ඇයට මේ පිළිබඳ විවෘත අදහස් ප්රකාශ කරන්නට හැකියාව ඇයට තිබුණා. එහෙත්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරියක ලෙස ඇයට එසේ අදහස් පළ කළ හැකිද? කොහොම වුණත්, ජාතික ජන බලවේගය විසඳුම ගැන විධිමත් ලෙස සාකච්ඡා කළ යුතුව තිබෙනවා. [URL='https://www.facebook.com/ajithperakumjayasinghe?__cft__[0]=AZUuKo-v7lk7SSU2zM0VTt6sRuJRdxj_syhjl-PDkSkcyALZJJ4r9G_TAsl7ZwnpG3TCiXfMqGizwhvm7Zh-p41F4K3VBEORLNvTVHKZ4940gaO6x2DfEbU1uUtBJzfiTCMryUF03syu14tsGrWYNUnIGy4Z1RMI0rx1ExaD1cOI0w&__tn__=-]K-R']අජිත් පැරකුම් ජයසිංහ[/URL] විසිනි. [URL='https://www.facebook.com/photo/?fbid=647121606560264&set=a.115214796417617&__cft__[0]=AZUuKo-v7lk7SSU2zM0VTt6sRuJRdxj_syhjl-PDkSkcyALZJJ4r9G_TAsl7ZwnpG3TCiXfMqGizwhvm7Zh-p41F4K3VBEORLNvTVHKZ4940gaO6x2DfEbU1uUtBJzfiTCMryUF03syu14tsGrWYNUnIGy4Z1RMI0rx1ExaD1cOI0w&__tn__=EH-R'][IMG alt="May be an image of 2 people"]https://scontent-ort2-2.xx.fbcdn.net/v/t39.30808-6/275884292_647121599893598_8271437122359367517_n.jpg?_nc_cat=104&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=ibdZW4It_s8AX9Qcc3g&_nc_ht=scontent-ort2-2.xx&oh=00_AT-E8gcf5Y-54Y6kVywOugj6PGll-m31yGKa_2eUQr2NaA&oe=624682E9[/IMG] [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom