මගෙ ජීවිතේ මට ලැබුනු වටිනාම තෑග්ග..
මීට අවුරුදු 07 කට කලින් එයාගෙ එකම crush එක ,
මට මෙයාව මුනගැහෙන්නෙ හරි අහම්බෙන් , ඒකත් රගර් match එක බලන්න අපේ ground එකට ආපුවම , දැකපු පලවෙනි දවසෙ පොඩ්ඩක් හිනා උනාට කතා කරන්න ගියෙ නැහැ . දෙවෙනි දවසෙත් මුනගැහෙන්නෙත් රගර් match එක දවසේ , එදා මෙයා චොකලට් , ටිපිටිප් ගෙනත් තිබුනා , ඉතිං මටත් ඒවා දුන්නා. මං මෙයා එක්ක කතා නොකලට ඒවා කෑවා

ටික ටික කාලෙත් එක්ක එයයි මායි ගොඩක් ලං උනා, අදහස් වලින් සහ මගෙ විකාර වැඩ වලින්ම, මං යන්නෙ කොහෙද මේ මැට්ටා මගෙ පස්සෙන්මයි , හරියට මාව කවුරු හරි උස්සන් යයි කියලා, පුදුම ආරක්ෂාවක් දැනුනෙ මට.... මං දන්නවා මං ගොඩාක් වාසනාවන්ත කෙනෙක් ඔයාව මට ලැබෙන්න..
...............
වෙලාවකට මට තනි කමක් පාලුවක් දැනුනාම , ප්‍රශ්නයක් ආපුවාම, ප්‍රැක්ටිස් එක හරියට කරගන්න බැරි උන දවස් තිබුනාම, කවුරුම හරි කෙනෙක් මගෙ හිත රිද්දුවාම call කරලා අඩලා ඇති අනන්ත අප්‍රමානව. ඒ හැම මොහොතෙම කියපු එකම වචනෙ මැණික අඩන්න එපා හිත හයියකරගනින් කිව්වා.
මට ආමාරුම තැන්වලදි ඔයා හැමදාම මාව අල්ලන් හිටියා.. කොතනකදිවත් මාව වැටෙන්න දුන්නෙ නැහැ ...
සමහර දවස් වලට මං ඔහේ තනියම කියව කියව පාරේ නට නට යන කොට ඔහේ මගෙ පිටිපස්සට වෙලා බලන් ඉදලා තියෙනවා. මං දන්නවා මගේ සතුට ඔයා හැම මොහොතෙම බලාපොරොත්තු වෙනවා කියලා

මං ඔයා ගැන අද හැමෝටම කිව්වෙ ඔයාගේ ලස්සනම දවසේ..
මට වගේම හැම ගැහැනු ලමයෙකුටම ඔයා වගේ කෙනෙක් හමුවෙනවානම් ඒ අය හරිම වාසනාවන්තයි ..
ඉතිං මට ඔයාලට මේක කියන්න බැරි උනානේ

අවුරුදු 07 කට කලින් එයාගෙ crush එක මංලු , හැබැයි මේ දැන් එයා මගේ මේ ලෝකෙ ඉන්න එකම හොදම යාළුවා..
ඉතිං තවත් මොකටද මට ප්‍රේමවන්තයෙක් මේ ඉන්නේ හොදම කෙනා. ( දැන්වත් මට කොල්ලෙක් හොයන එක නවත්තන්න

කවදාහරි දවසක මං විවාහ වෙලා යයි. ඒත් කවමදාකවත් මේ යාලුකම නවතින්නෙ නැහැ ,
ජීවිතේ හරි ලස්සනයි තමන්ට හොදම යලුවෙක් ඉන්නවනම්,
ඉතිං
Hasaruwan ඔයාට සුබ උපන්දිනයක් වේවා.. හැමදාම අර ඇද දත් ටික එලියට දාලා හිනාවෙලා සතුටින් ඉන්න.. ඉක්මනින් රට ගිහින් මට චොකලට් ගොඩක් එවන්න..

ආදරෙයි

( crush එක අද හොදම යාළුවා )
දැන් හොඳම ටික
National Friendzoned Icon - හසරුවන්
Sorry guys! This is a repost. I just saw it.
Sorry for the inconveniences!
Last edited: