කණ්ඩායමට සහයෝගය අවශ්‍යම වෙලාව මේකයි
ආසියානු කුසලාන තරගාවලියේදී බලාපොරොත්තු නොවූ පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර, තිබූ එකම සැනසීම වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ලැබූ ජයග්‍රහණය පමණි.
එසේ නොවන්නට ශ්‍රී ලංකාවට සිදුවන්නේ සම්පූර්ණයෙන්ම හිස් අතින් ගෙදර ඒමටය. කෙසේ නමුත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතපොවන මානයේ සිටින මොහොතක ශ්‍රී ලංකා කණ්ඩාමේ මානසිකත්වය රැකගැනීම මෙන්ම විස්වාසය ඇතිකිරීම අත්‍යවශ්‍ය සාධකයක් වන අතර, ඒ සඳහා සියලූ දෙනාම හැකි පමණින් සහයෝගය ලබාදෙමින් සිටිති.
ඒ අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම, හිටපු තේරීම් කමිටු සාමාජිකයෙකු වූ අරවින්ද සිල්වා මහතාද බංග්ලාදේශයට පැමිණ සිටි අතර, ඔහුගෙන් වන්මන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අපි විමසීමක් කළෙමු.
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ ආකාරය ගැන ක්‍රීඩකයෙකු ලෙසත් පේ්රක්ෂකයෙකු ලෙසත් මොනවගේ හැගීමක්ද තියෙන්නේ?
මම හිතන්නෙ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගිහිල්ලා, කනිෂ්ඨ ක්රීඩයකගෙන් කණ්ඩායම හැදෙන වෙලාවක් මේක. ඒ නිසා ළමයින්ට හැකි තරම් සහයෝගය ලබාදිය යුතුයි.
මම බංග්ලාදේශයට ආවෙත්, මටත් මේ ළමයි දිරිගන්වන්න එන්න කියලා ආරාධනාවක් ආව නිසා. මම හැමවෙලාවෙම කීවා වගේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට උදව් කරන්න නම්, මම ඔනැම වෙලාවක සහයෝගය ලබා දෙනවා. මේ තමයි වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය අවශ්‍යම වෙලාව.
ඔබ තේරීම් කමිටුවේ සභාපතිවෙලා ඉන්න විට කියූ දෙයක්, ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කරනවානම් වැඩි තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ යුතුයි කියලා.
නමුත් වත්මන් තේරීම් කමිටුව ලබාදී තිබෙන කණ්ඩායමේ අත්දැකීම් අඩු ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. ඒ ගැන මොකද හිතන්නේ?
මම කාටවත් වරදක් කියන්න කැමති නැහැ. මේ වෙලාවේ හිතන්න ඕන ඉදිරියට කරන්න ඕන දේ. අපේ අයගේ දක්ෂතාව තියෙනවා. පරාජය වූ තරග දෙකේ වුණත් අපි දැක්කා යොවුන් ක්‍රීඩකයන් සිටියත්, ඒ අය ඉන්දියාව පාකිස්තානය සමග හොදින් ක්‍රීඩාකළා. මම හිතන්නේ එහි හොඳ දේවල් අරගෙන ඉදිරියට යන එකයි හොඳ දේ.
තේරීම් කමිටුව සැලසුම් හදන්න ඕන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමඟ කනිෂ්ඨ ක්‍රීඩකයන් සම්බන්ධ කරලා ඔවුන්ට ආත්ම විස්වාසය ඇතිකර වන්න. නවක ක්‍රීඩකයන් අසාර්ථක වුනත් කණ්ඩායමේ ඔවුන්ගේ ස්ථානයේ තියලා ඒ අය දිගටම තියාගත යුතුයි.
මම හිතන්නේ තිරිමාන්න කණ්ඩායමෙන් ඉවත් කළේ මාධ්‍යයි, හැම කෙනෙකුගෙන්ම තිබෙන බලපෑමට.
නමුත් කණ්ඩායමක සෑම වෙලාවෙම බලන්න ඕන ක්‍රීඩකයන් අතර තිබෙන සම්බන්ධය. කණ්ඩායමේ සිටින එකොළොස් දෙනාම විස්සයි20 කියලා ගහන එන නෙමෙයි කරන්න තියෙන්නේ. කණ්ඩායමට තිබෙනවා සමබරතාවක්. එක් එක් පිතිකරුවන්ගේ එක් එස් ස්ථානයන්ට ක්‍රීඩාකරන්න වෙනස් හැකියාවන් තියෙන්නේ.
මම දැක්ක යොවුන් ක්‍රීඩකයන්ගෙන් තිරිමාන්න තමයි සංගක්කාරගේ අඩුව පුරවන්න හිටිය ක්‍රීඩකයා. සංගාගේ තත්ත්වයට නැති වුණත් තිරිමාන්න ඒ තැනට හිටිය ක්‍රීඩකයෙක්. එමනිසා මම හිතන්නේ දුරදිග බලල කටයුතු කරනවා නම් තිරිමාන්න වගේ ක්‍රීඩකයෙක්ට ආත්ම විස්වාසය ඇති කරලා ඔහුව කණ්ඩායමේ තියාගන්න එක තමයි අපි කරන්න ඕන හොදම දේ.
සමහර විට මාධ්‍යයෙන් විවේචනය කරයි ඔහු දක්ෂතා අඩුවෙනකොට. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වුණාම කොහොමත් අසාර්ථක වෙනවා. කණ්ඩායම ගොඩනගන වෙලාවක බාහිර බලපෑම්වටල බයේ ක්‍රීඩකයන් තෝරන්න ගියොත්, ඉක්මනට ක්රීඩයන්ව මාරු කරන්න ගියොත්, අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්ණ වලට මුහුණදෙන්න සිදුවෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සමාජිකයෙකුවීමට අදහසක් නැද්ද?
මට ආරාධනාවක් ඇවිත් තියෙන්නේ. නමුත් මම කියලා තියෙන්නේ පූර්ණ කාලීනව මට මොනවත් කරන්න බැහැ කියලා. ඒත් ක්‍රීඩකයන් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මම සූදානම්. මම කීවා ඕනැම වෙලාවක ඇවිත් උදව් කරන්නම්, මට තනතුරු මොනවත් එපා කියලා.
මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පළමුවරට ශ්‍රී ලංකාවට පරාජය වෙන්න සිදුවුණා. එම පරාජය හා බංග්ලාදේශයේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ ගැන මොනවද කියන්න තියෙන්නේ?
මම හිතන්නේ පළමුවරට ඕනම රටකට පරිදින්න වෙනවා. අපි ක්‍රිකට් පටන් ගන්නකොටත් අපට පළමුවරට පරජය වූ රටවල් තිබුණා.
ඕනම රටක ක්‍රිකට් දියුණුවෙනකොට තවත් රටකට ඔවුන් හමුවේ පරාජයවෙන්න සිදුවෙනවා. මම හිතන්නේ බංග්ලාදේශ කණ්ඩායම හොදින් දියුණු වෙලා තියෙනවා. හතුරු (හතුරුසිංහ) හොඳ සේවයක් කරලා තියෙනවා. අපි ගොඩක් සංතෝස වෙනවා ආසියාවේ රටක් ඉදිරියට එන එක. මමත් දැක්කා බංග්ලාදේශ කණ්ඩායමේ දියුණුව. මම හිතන්නේ ආසියාවේ රටක් විදියට බංග්ලාදේශයට සහයෝගය ලබාදෙන එක හොද දෙයක්.
ඔබ ක්‍රීඩාකරන කාලයේ විස්සයි20 තරග තිබුණේ නැහැ. විස්සයි20 තරග රටාව ගැන ඔබේ අදහස?
ඇතැම් අයට අදහසක් තියෙයි විස්ස20 තරග රටාව ක්‍රිකට් ක්‍රීඩාවට හානියක් වෙනවා කියලා. නමුත් මම හිතන්නේ ක්‍රිකට් වලට විස්සයි20 තරග රටාව හොදයි.
ඒක ක්‍රිකට් වල උද්යෝගය වැඩි කළා. ක්‍රිකට් ක්‍රීඩාවේ තව කොටසක් දියුණු කළා.
පන්දු යවන්නෝ, පිතිකරුවෝ ඔවුන්ගේ හැකියාවන් ගොඩක් දියුණු කළා මේ තරග රටාව නිසා. ඒ වගේම වාණිජ වශයෙන් ක්‍රිකට් දියුණුවීමට දායක්වය ලැබුණා.

5k gihillath arun dinanne yako 