⛈⚠️ මෙරට ජනතාවගෙන් සියයට 38ක් නායයෑමේ අවධානම උඩ ⚠️⛈

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,137
    113
    CPA_Koslanda_IMG_5174_%2815716313365%29.jpg



    රටේ ජනගහනයෙන් සියයට 30ත් 38ත් අතර ප්‍රමාණයක් ජීවත් වන්නේ නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඉඩම් ප්‍රමාණය අනුව සළකා බලන විට එය සමස්ත ඉඩම්වලින් සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයක් වන බවයි ප්‍රකාශ කෙරුණේ.

    පවතින අධික වැසි තත්ත්වය හමුවේ මිය ගිය පුද්ගලයින්ගෙන් සැලකිය යුතු පිරිසක් නායයෑම් හේතුවෙන් මිය ගියා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන පැවසුවේ පවතින අධික වැසි තත්ත්වය හමුවේ නායයෑමේ අවධානම් ස්ථාන 115ක් හදුනාගෙන ඇති බවයි.






    අවදානම් ප්‍රදේශ සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබියදීත් ඉන් ඉවත් නොවන පිරිස් බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ අද පැවසුවේ.

    මේ අතර කාලගුණික අපදාවන් පිළීබඳ ගෝලීය අවදානම් දර්ශකයේ ශ්‍රී ලංකාව 31 වන ස්ථානයට පැමිණ තිබෙනවා.



    Source: nethnews.lk



     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අපිට ඕකෙ දරුණු බව හරියට දැනෙන්නෙ නෑ....
    ඔය පැතිවල ඉන්න මිනිස්සු වැහි කාලෙට මාර බයකින් ඉන්නව ඇත්තෙ...