⛔බංගලාදේශයෙන් ගත් ණය මාර්තුවට පෙර ඉල්ලයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකාව ලබන වසරේ මාර්තු මස බංගලාදේශයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල, ශ්‍රී ලංකාව නියමිත වේලාවට ආපසු ගෙවනු ඇතැයි බංගලාදේශය බලාපරොත්තු වන බව බීඩී නිවුස් 24 පුවත් සේවය වාර්තා කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් මහතා අතර පැවති හමුවකින් අනතුරුව අබ්දුර් රවූෆ් මහතා මේ පිළිබඳ ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දුන් බව බීඩී නිවුස් 24 පුවත් සේවය පෙන්වා දුන්නේය .

    විදේශ මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදල ආපසු ගෙවීම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නියමිත වේලාවට ගෙවා නිම කිරීමට නොහැකි වූ බවත් බංගලාදේශය දෙවරක් ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ණය ගෙවීමේ කාලය දීර්ඝ කළ බවත් බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් මහතා පැවසුවේය.

    ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වාරික තුනකින් ආපසු ලබා දීමට නියමිත බව තලුක්දර් මහතා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග පැවති හමුවේදී ශ්‍රී ලංකාව නියමිත පරිදි ගෙවීමට ඇති දිනයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ආපසු ගෙවන බවට සහතිකයක් ලබා දුන් බව බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් සඳහන් කළේය.

    https://www.lankadeepa.lk/news/බංගලාදේශයෙන්-ගත්-ණය-මාර්තුවට-පෙර-ඉල්ලයි/101-621588
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,419
    113
    මැදමහනුවර
    OGaRxBY.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,292
    113
    34
    Kalutara
    නැත්තන් ඉතින් උනුත් මේ ඩොලර් නැතුව බංකොලොත් වෙන්න යනවා පිනට නෙමෙයිනෙ අපිට දුන්නෙ. නයට දුන්න නම් ගෙවන්න එපැයි. අනික asia cup එකේදිත් බන්ග්ලාදේශේ පරාද කරපු නිසා පොලියත් වැඩි කරලා ඇති.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඊයා උට්ටෝ
    පව් අර කන්න බොන්නවත් නැති උන්ගෙන් ණය අරන්
     

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    දැන් ඉන්න මහ බැංකු අධිපති කියන එකා කරන්නේ ලොකු කථා කිය කිය පොඩි මිනිහාගෙන් තව තව හූර ගන්න එක විතරයි. බදු වංචා කාරයන්ට. ලොකු ලොකු හොරුන්ට මොනවත් කරන්නෙත් නෑ. අරගෙන තියන ණය එවන්නෙත් නෑ. උට විරුද්ධව කථාවක් ගියොත් මම අයින් වෙනවා කියලා අඩන එක විතරයි කරන්නෙ කාලකන්නියා
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    දෙන්න තිබුණා මුන් හොරා කන එක නවත්තලා නම්. මෙදා පාර ගල් අගුරු ටෙන්ඩර් එකෙන් විතරක් ඩොලර් මිලියන 400ට ආසන්න ගානක් ගහලා... :angry:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හොද වැඩේ
    තව බදු ටිකක් ගහමුද සින්හලෝ 😂😂😂😂
    රුපියල් වලින් ගෙවන්නේ නෑ නේ
    ඩොලර් බද්දක් තමයි ගහන්න වෙන්නේ 😅