⛵🌊🎬 ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ "Martin Scorsese'ගේ මීළග සිනමා නිර්මාණය - “The Wager” 🎬🌊⛵

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    JizEAl4.jpg


    ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ 'Martin Scorsese' විසින් නිර්මාණය කළ "Killers of the Flower Moon" සිනමාපටය මේ සතියේදී ලොව පුරා තිරගත කිරීම ආරම්භ කිරීම සදහා සූදානම්ව ඇති මොහොතක, 'Martin Scorsese' විසින් මීළගට අධ්‍යක්ෂණය කිරීමට නියමිතව ඇති සිනමාපටය පිළිබදව ද මේ වන විට නිල වශයෙන් ප්‍රකාශ කොට තිබෙනවා. ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම ග්‍රන්ථ රචකයෙකු ද වන "David Grann' විසින් ("Killers of the Flower Moon" ග්‍රන්ථය රචනා කර ඇත්තේ ද මොහුය) රචිත "The Wager: A Tale of Shipwreck, Mutiny and Murder"නම් ග්‍රන්ථය ඇසුරෙන් නිර්මාණය කරන්නට යෙදෙන මෙම සිනමා නිර්මාණයේ ද ප්‍රධාන චරිතය පණ පෙවීම, සුපුරුදු පරිදි සුපිරි හොළිවුඩ් නළු "Leonardo DiCaprio" සිදු කරනු ඇති බවත් ලන්ඩනයේ "The Sunday Times" පුවත්පත සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී 'Martin Scorsese' විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. සත්‍ය සිදුවීම් පාදක කරගනිමින් ලියවී ඇති මෙම "The Wager: A Tale of Shipwreck, Mutiny and Murder"නම් ග්‍රන්ථයේ කතාව, 1741 වසරේදී අනතුරට පත්ව ගිලිගීය බ්‍රිතාන්‍ය නෞකාවකින් දිවි ගලවාගත් නාවිකයන් පිරිසක් වටා ගොඩනැගී තිබෙනවා.

    David Grann
    AVT_David-Grann_6581.jpg


    636c895c3ffe8978c7414bcdd92290a8df97073d-600x912.jpg


    "The Wager Mutiny" පිළිබද වැඩි විස්තර මේ ලිපිය මගින්

    The Wager Mutiny, an 18th-Century Sensation


    "Apple Studio' සිනමා සමාගම මගින් මෙම සිනමාපටය නිෂ්පාදනය කිරීමට නියමිතයි. මේ අතර "Marilynne Robinson" නම් කතුවරිය විසින් රචිත 'Home' නම් නවකතාව ඇසුරින් සිනමාපටයක් නිර්මාණය කිරීමට ද 'Martin Scorsese' සූදානමින් පසුවන බවයි හොලිවුඩයෙන් වාර්තා වන්නේ. එම සිනමාපටය, බොහෝ දුරට "The Wager' සිනමාපටයෙන් පසුව නිර්මාණය කිරීම ආරම්භ කරනු ඇත.




    "Killers of the Flower Moon" සිනමා නිර්මාණය පිළිබදව මා ඉහතදී ලියා පළ කළ ලිපිය

    📽🎬🎥 Martin Scorsese ගේ මීළග දැවැන්ත සිනමා නිර්මාණය ‘Killers of the Flower Moon’ 🎥🎬📽

    🎥 ලොව පුරා තිරගත කිරීම ආරම්භ දිනය: 2023 ඔක්තෝම්බර් 06 🎥







    "Killers of the Flower Moon" සිනමාපටයේ ජවනිකාවන් කීපයක්










    "Killers of the Flower Moon" සිනමාපටයේ තිරය පිටුපස




     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    Best movie director ever for me. 🌝



    Martin Scorsese, Timothée Chalamet එක්ක short film එකකුත් කරලා ඒ අස්සෙ. අපිට නම් අසූව පනිනකොට ඇදෙන් නැගිටගන්නවත් බැරි වේවි. (මං නම් එච්චර කල් ඉන්න එකකුත් නෑ :D) වයසට ගියත් කලාවට මාර විදිහට passionate මිනිස්සු. ඉතින් වයස ගියාට තාමත් තරුණ කාලෙ වගේමයි ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරද්දි තියෙන උනන්දුවයි, කඩිසරකමයි. :love: ලංකාවෙ ඉන්න දේශපාලුවන්ට කඩේ ගිහින් මඩිය තර කරගන්න නළාකාරයො වගේ නෙවේ.

     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබගේ ලිපි කියවනකොට පොඩි කාලේ කියවපු විජය පත්තරේ මතක් වෙනවා බං. Thank you boy...

    මේ පොතේ හාඩ් කොපියක් හොයාගන්න පුළුවන් උනොත් මරු.
    ------ Post added on Oct 16, 2023 at 10:02 PM
     

    Similar threads