දිනය: 2022 දෙසැම්බර් 18
අපට රාත්‍රී ආකාසයෙදී දැක ගන්නට ලැබෙන දීප්තිමත්ම තාරකාවන් හදුන්වන නාමයන් මොනවාදැයි ඔබ දන්නවා ද? මෙලෙස මෙම දීප්තිමත් ම තාරකාවන්ට නම් යෙදීම සිදු කිරීම ආරම්හ කළ මුල්ම කාලවකවනුවන් ලිඛිත භාෂාව ආරම්භ වූ අවධිය දක්වාම දිව යන අතර ලෝකයේ විවිධ රටවල ජීවත් වන ඒ ඒ ජන සංස්කෘතීන්ට අනුව ද එකම තාරකාව විවිධ නම් වලින් හැදින්වීම සිදු කරනු ලබයි. කෙසේ වෙතත් වර්තමානයේදී මෙම තාරකාවන් නාමකරණය කිරීම සිදු කරනු ලබන්නේ "ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය" (International Astronomical Union | IAU) විසින් වන අතර මෙම සංගමය 1919 වසරේ ජූලි මස 28 වන දින ප්‍රංශයේ පැරිස් නගරය මූලික කොට ගනිමින් අරඹන ලද්දකි. පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය කොට ඇත්තේ රාත්‍රී ආකාසයෙහි දක්නට ලැබෙන දීප්තිමත් ම තාරකාවන් 25 ක් ඒවායේ සත්‍ය වර්ණයන්ගෙන් දිස්වන අයුරු ය. ඉහත සදහන් කළ "ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය" මගින් නාමකරණය කොට ඇති මෙම තාරකාවන්ට යොදා ඇති නාමයන්ගෙන් විවිධ සංස්කෘතීන් හා භාෂාවන්ට අනුරූප වූ විවිධාකාර අර්ථයන් විද්‍යාමාන වේ. එවැනි අර්ථයන්ගෙන් යුක්ත තාරකාවන්ගේ නාමයන් කීපයක් පහත දැක්වා ඇත.
Sirius - ලතින් භාෂාවේ එන වදනක් වන මෙහි අර්ථය ඉංග්‍රීසි භාෂාවට අනුව "the scorcher" නැතහොත් සිංහල භාෂාවෙන් "ඉතා උණුසුම් හා හිරු එළිය අධික වශයෙන් පතිත වන දිනය" යන අර්ථය ගම්‍ය වේ.
Vega - අරාබි භාෂාවෙහි එන වදනක් වන මෙහි අර්ථය ඉංග්‍රීසි භාෂාවට අනුව "falling" නැතහොත් සිංහල භාෂාවෙන් "ඇද හැලීම" යන අර්ථය ගම්‍ය වේ.
Antares - ග්‍රීක පුරාවෘත්තයන්හි එන යුද්ධයට අධිපති දෙවියන් වන "අඟහරුගේ" (Mars) ප්‍රතිවාදියා වන "Antares" සිහිවීම පිණිස මෙසේ නම් කොට ඇත.
මේ අතර මෙහි දැක්වෙන දීප්තිමත්ම තාරකාවන්ගේ ලැයිස්තුව අතරට එක් වීමට අසමත් වූ තවත් දීප්තිමත් තාරකාවක් වන්නේ "උතුරු තරුව' ලෙස අප අතරද ප්රකටව ඇති "Polaris' නම් තාරකාවයි.
Image Credit & Copyright: Tragoolchitr Jittasaiyapan
IAU-recognized names
The International Astronomical Union (IAU)
Last edited:
ඔන්න හැදුවා. 