✨🌌 "Large Magellanic Cloud" හා "Small Magellanic Cloud" යන කුඩා වාමන මන්දාකිණි වටා පවතින "Magellanic Corona' නම් වූ ආරක්ෂිත ආවරණය 🌌✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    jhGPh6y.jpg


    "Large Magellanic Cloud" හා "Small Magellanic Cloud" යනුවෙන් හදුන්වන්නේ ක්ෂීරපථය මන්දාකිණිය වටා භ්‍රමණය වෙමින් පවතින අක්‍රමවත් වාමන මන්දාකිණි (irregular dwarf galaxies) ගනයට අයත් වන කුඩා ප්‍රමාණයේ මන්දාකිණි (satellite galaxies) ද්විත්වයකි. මෙම "Large Magellanic Cloud" නම් වාමන මන්දාකිණිය, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 158 200 ඈතින්, 'Dorado' හා 'Mensa' යන තාරකා රාශීන් ද්විත්වයට අයත්ව පිහිටා ඇති අතර ආලෝක වර්ෂ 200 000 ඈතින්, 'Tucana' තාරකා රාශියට අයත්ව "Small Magellanic Cloud" නම් වාමන මන්දාකිණිය පිහිටා තිබේ. නාසා'හි හබල් දුරේක්ෂයෙහි වූ "Cosmic Origins Spectrograph' (COS) උපකරණය මගින් හා මේ වන විට විශ්‍රාම යවා තිබෙන "Far Ultraviolet Spectroscopic Explorer" (FUSE) නම් චන්ද්‍රිකාවෙන් ලබාගත් දත්තයන් ද උපයෝගී කරගනිමින් මෙම වාමන මන්දාකිණි ද්විත්වය (Magellanic system), අධිආරෝපිත වායූන්ගෙන් නිර්මාණය වූ බාහිර ආරක්ෂිත ආවරණයකින් යුක්තව පවතින බව සොයාගැනීමට මේ පිළිබදව විශේෂ ගවේෂණයක් සිදුකළ, ඇමරිකාවේ කොලරාඩෝ විද්‍යාලයෙහි සහය මහාචාර්වරයකු වන "Dhanesh Krishnarao' ප්‍රමුඛ නිරීක්ශන කණ්ඩායමට හැකි වී තිබේ.


    Illustration Credits: STScI (Space Telescope Science Institute), Leah Hustak

    hubble_lmccorona_stsci-01gdxbae4ync1yr6m1z5xh1bth.png



    මෙම ආරක්ෂිත ආවරණය "Magellanic Corona' යනුවෙන් හදුන්වන අතර මෙම මන්දාකිණී ද්විත්වයට යාබදව ඇති වඩා විශාල වූ ක්ෂීරපථය මන්දාකිණිය (Milky Way galaxy) මගින් එම කුඩා වාමන මන්දාකිණි වෙත එල්ල වන ගුරුත්වාකර්ෂණ බලපෑම්ව්ලට එරෙහිව ආරක්ෂාව සැපයීම මෙම ආවරණය විසින් සිදු කරනු ලබයි. ආලෝක වර්ෂ 100 000 ක කලාපයක් පුරා විහිදී පවතින මෙම ආරක්ෂිත ආවරණය මීට වසර බිලියන ගණනකට පෙර ක්ෂීරපථය මන්දාකිණියෙන් අවශේෂ වී ගිය ප්‍රාථමික වායු වළාවන් (primordial gas clouds) මගින් නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කරයි. අනෙකුත් දුරස්තර වාමන මන්දාකිණි වටා ද මෙවැනි ආරක්ෂිත ආවරණයන් පවතින බව විද්‍යාඥයන් විසින් මීට පෙර දැන සිටිය ද මෙවර "Large Magellanic Cloud" හා "Small Magellanic Cloud" යන වාමන මන්දාකිණියන් පිළිබදව සිදුකළ නිරීක්ශනයන්හීදී මෙන්, මෙවැනි ආකාරයේ ආවරණයක් පිළිබදව පැහැදිලි දත්තයන් අනාවරණය වූයේ ප්‍රථමවරටය.





    මෙම සොයාගැනීම් සිදුකර කර ගැනීම සදහා හබල් දුරේක්ෂයෙහි හා "FUSE' චන්ද්‍රිකාවෙහි වූ උපකරණවල පවතින විභේදන හැකියාව බොහෝ සෙයින් උපකාරී වී ඇති අතර මෙම ආවරණය සමන්විත වූ වායූන්ගේ පවතින විසරණය වූ ස්වභාවයත්, එම වායූන් වෙනත් වායූන් සමග සං‍යෝග වීමට දක්වන වැඩි නැඹුරුවත් හේතුවෙන් මෙම ආවරණය හසු කර ගැනීමට ඇති අපහසුව මගහරවා ගැනීමට හබල් දුරේක්ෂයෙහි හා "FUSE' චන්ද්‍රිකාවෙහි වූ උපකරණවල පවතින මෙම හැකියාව උපයෝගී වී ඇත. මෙම මන්දාකිණි ද්විත්වය හරහා යම් වස්තුවක් ගමන් කිරීමට පෙර මෙම "Magellanic Corona' නම් වූ ආරක්ෂිත ආවරණය තුළින් ගමන් කළ යුතු වන අතර එහිදී ඇතිවන ඝට්ටනය මගින් එම වස්තුවෙහි පවතින චාලක ශක්තියෙන් යම් ප්‍රමාණයක් ආවරණය මගින් අවශෝෂණය කර ගැනීම සිදු කරනු ලබයි.



    The Magellanic Clouds, our galactic neighbors

    Our galaxy’s brightest satellites







     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    🌌 දවසේ නාසා ඡායාරූපය 🌌

    දිනය: 2023 පෙබරවාරි 11

    "Large Magellanic Cloud" හා "Small Magellanic Cloud" යන මෙම වාමන මන්දාකිණි ද්විත්වය මෙලෙස පුළුල් හා ගැඹුරු නිරාවරණයන්ට (Wide and deep exposures) ලක් කරමින් කැමරා කාචයට හසුකරගනු ලැබ ඇත්තේ පසුගිය ජනවාරි 21 වන දින ය. ඒ චිලී රාජ්‍යයයේ පිහිටි ඇටකාමා කාන්තාරයේ සිටයි.


    Image Credit & Copyright: Felipe Mac Auliffe López

    magellanic.jpg
     

    Similar threads