✿කිලිනොච්චි බේබද්දෝ පස් දෙනකු පිහිවලින්

CLAYFACE

Well-known member
  • Dec 17, 2010
    2,648
    2,427
    113
    30
    San Quentin State Prison
    ✿කිලිනොච්චි බේබද්දෝ පස් දෙනකු පිහිවලින්

    කිලිනොච්චි බේබද්දෝ පස් දෙනකු පිහිවලින් කපා යුද කඳවුර හරහා පැනගිහින්

    Kili_New_0.jpg



    කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පස් දෙනකු තියුණු ආයුධවලින් කපා දැමූ සැකකරුවන් පිරිසක් අසල පිහිටි යුද හමුදා කඳවුරක් හරහා පැන යෑම
    නිසා පෙරේදා (17දා) රාත්‍රියේ ඇතිවූ දැඩි උණුසුම් තත්ත්වයක් කිලිනොච්චිය පොලිසිය මඟින් පාලනය කොට ඇත. පෙරේදා සවස පරන්තන් ප්‍රදේශයේ

    පිහිටි මත්පැන් අලෙවිසලක් අසල බීමත් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් නිසා එම දෙපිරිසම මත්පැන් හලේ හිමිකරුවන් විසින් ඉවත් කර ඇත. ඉන් පසුව එක් පිරිසක් අසල පිහිටි කුඹුරු යායක බීමතින් සිටි අවස්ථාවේදී මුලින් ගැටුම ඇතිකරගත් අනෙක් පාර්ශ්වය විසින් තියුණු ආයුධ සහිතව පැමිණ බීමතින් සිටි පිරිසට පහරදී ඇති බවට කිලිනොච්චිය පොලිසිය මඟින් කරුණු අනාවරණය කරගෙන ඇත.

    මේ පහරදීමෙන් පුද්ගලයන් 5 දෙනකු කැපුම් තුවාල ලබා කිලිනොච්චිය මහ රෝහලට ඇතුළත් කොට ඇත. පහරදීමට පැමිණි පිරිසේ එක් සැකකරුවෙක් අසල පිහිටි යුද හමුදා සම්බන්ධීකරණ කඳවුරක් හරහා පැන යෑමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් උණුසුම්කාරීව හැසිරුණේ සැකකරුවන් යුද හමුදාව සන්තකයේ තබා ආරක්ෂා කරන බවට චෝදනා කරමිනි.

    පසුව එම ස්ථානයට යුද හමුදා අමතර කණ්ඩායමක්ද පැමිණ ඇත. ඒ සමඟම කිලිනොච්චිය පොලිස් කණ්ඩායමක් පැමිණ තත්ත්වය පාලනය කරමින් ප්‍රදේශවාසීන්ට කරුණු පහදා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

    ඊයේ (18දා) උදෑසන වන විට පහරදීමට පැමිණි ත්‍රිරෝද රථ හිමිකරුවකු වූ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව තවත් තිදෙනකු හඳුනාගෙන ඇත. එම පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන කිලිනොච්චිය පොලිසිය කියා සිටියේය.
     
    Last edited:

    DailyMirror

    Member
    Jun 11, 2014
    22
    22
    3
    poor people do not have brains.When they are drunk, They are lost.Government should rehabilitate these people and give some lessons regarding social orientation