~~ටිකිරි විසින් සියදිවි නසා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිර්භීත ක්‍රියාවක් වන අතර, එය මෙම ම්ලේච්ඡ සම්මුතියට සහ කාන්තාවන් වහලුන් ලෙස සැලකීම ඇතුලු අනෙකුත් වැඩවසම් නීති සංග්‍රහවලට ද කරන අභියෝගයකි. කෙසේ වෙතත්, තරුනියට ඇගේම වංශාධිපති ඇතිදැඩි වීමෙන් සහ එහි දී මුල් බැසගත් කුල අගතීන්ගෙන් නිදහස් විය නොහැක. ඇය විජයගේ සියලු යෝජනා බැහැර කරයි; ඇය දැන් ඔහුගේ බිරිඳ බවට වන ඕනෑම ඇඟවීමකට විරුද්ධ වන අතර අනෙකුත් ගාඩි සමාජ නීති ප්‍රතික්ෂේප කරයි.
වංශවත් අනෙකුත් කොටස්වලින් ගාඩි ජනයාට එල්ලවන මර්දනය වඩාත් ගැඹුරුවන තතු තුල, ටිකිරිගේ ප්‍රතිරෝධය වරිගය තුල ආතතීන් ජනිත කරයි. විජයා රූමත් තරුනිය නිසා මනමෝහනය වී සිටි නමුත්, දෙදෙනා වරිගයෙන් නික්ම යායුතුබව ඔහු තීරනය කරයි; ගාඩි සම්ප්‍රදායන් පිලිගැනීමට ඇයට ඒත්තු ගැන්වීමෙන් පසුව පමනක් ඔහු නැවත එක්වන බවට වරිග නායකයාට පොරොන්දු වේ.
අනතුරුව පැමිනෙන්නේ, අතේ තඹ දොයිතුවක් හෝ නොමැති විජයා සහ ටිකිරි ඔවුන්ගේ කුලවල සිරිත් විරිත්වලට පටහැනිව, වනයේ ජීවත් වීමට සහ ආරක්ෂිත ස්ථානයක් සොයා ගැනීමට යත්න දැරීම වැනි එකිනෙක හා බැඳුනු කථාංග මාලාවකි.
විජයා, තම කාය ශක්තිය හා ජවය තිබියදී ම කාව්‍යමය සංවේදිතාවක් ඇති මෘදුමොලොක් තරුනයෙකි. ආහාර, ඇඳුම් පැලඳුම් සහ නවාතැන් සපයා දෙන අතරම ඔහු වනාන්තරයේ ස්වභාවික උවදුරුවලින් ඇයව ආරක්ෂා කරයි. ගිනිමැලයක් අසල රාත්‍රී දර්ශනයක, ටිකිරිගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිකරන ලද තාවකාලික ඇටවුමක, ඇය සවන් දෙමින් සිටියදී, රත්නවල්ලියේ කවි පෙලේ එන කවියක් ගයමින් නර්තනයේ යෙදෙයි. මෙම ගීතය, ටිකිරි දේවතාවියක් ලෙස හඳුන්වමින්, කුල අගතියේ 'වෘක්ෂයෙන් බිමට බසින ලෙස' ඇයට ආයාචනා කරයි.
කුලු හරකුන් ඇල්ලීම සඳහා විජයාට ගෙවීමට පොරොන්දු වන, දුප්පත් සහ දරුනු ලෙස තුවාල ලැබූ ගොවියෙකු සමඟ මෙම යුවල මුලින් කටයුතු කරන නමුත්, පසුව තවත් සැක කටයුතු ගොවීන් තිදෙනෙකු විසින් පහර දී වධහිංසා පැමිනවීමෙන් පසු මෙම බලාපොරොත්තු සහගත අපේක්ෂාව බිඳවැටේ.
විජයා සහ ටිකිරි, පලා යන වංශාධිපතියෙකුට සහ ඔහුගේ පිරිවරට උදවු උපකාර කරති. ආක්‍රමනයට එරෙහිවන ප්‍රාදේශීය ගම්මාන භීතියට පත් කරමින් සහ විනාශ කරමින් සිටි බ්‍රිතාන්‍ය හමුදා සහ ඔවුන්ගේ ප්‍රාදේශීය කුලීකරුවන් විසින් ඔවුන් අල්ලා ගනු ලැබේ. බ්‍රිතාන්‍යයන් වංශාධිපතියාට වෙඩි තැබීමට සූදානම් වන විට පලා යන විජයා සහ ටිකිරි අවසානයේ විජයාගේ වරිගය සමඟ නැවත එක් වෙති.
බ්‍රිතාන්‍යයන් සහ ඔවුන්ගේ ප්‍රාදේශීය සගයන් රජු පෙරලා දැමූ ආකාරය ගාඩි පෙන්නුම් නොකරයි. එසේ වුවද, රජු පෙරලා දැමූබව, විජිත තානාපති ඩොයිලි විසින් සංවිධානය කරන ලද විජයග්‍රහන සැමරුම් උත්සවයක් මගින් නිරූපනය කෙරේ. මෙම අවස්ථාවට, ඇහැලේපොල අදිකාරම් සහ අනෙකුත් උසස් කුලවල සහායකයින් සමඟ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් දෙදෙනෙක් සහභාගීවෙති.
මෙම උත්සවයට ගාඩි ස්ත්‍රීන්ගේ සාම්ප්‍රදායික ගීත සහ නැටුම් ප්‍රසංගයක් ඇතුලත් වන අතර, විජය, ටිකිරි සහ අනෙකුත් වරිග සාමාජිකයෝ ද සහභාගී වෙති. ටිකිරි, විජයග්‍රහන වේදිකාවේ වාඩි වී සිටින ඇගේ හිටපු සැමියා වන දිසාවේ හඳුනා ගනී. ඇය නැඟිට ඔහු දෙස බලා සිටින්නේ, ඇයව පිලිගෙන තම පවුලේ අය සමඟ නැවත එක් කරගනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් විය හැකිය. ඔහු ප්‍රතිචාර දක්වන්නේ ඇයව ඉවත් කරන ලෙස ඔහුගේ මැරයන්ට අන කිරීමෙනි. විජයා ඇයව ආරක්ෂා කිරීමට උත්සාහ කරන විට දරුනු ලෙස පහර දෙනු ලැබේ.
ශිල්පීන්ගේ නර්තනයෙන් මනමෝහනයට පත් ඩොයිලිට, ප්‍රචන්ඩ සටන ප්‍රහේලිකාවක් වන අතර, එයට හේතුව කුමක්දැයි අදිකාරම්ගෙන් විමසයි. ඔබ කුලහීනයින්ට රඟ දැක්වීමට ආරාධනා කරන විට සිදුවන්නේ මෙයයි, අදිකාරම්ගේ අවඥා සහගත පිලිතුරු එය විය. “කුලහීනයින් දූවිලි හා සමානයි. ඔබ ඔවුන් සමඟ සෙල්ලම් කලහොත් ඔබ කිලිටි වෙනවා,” යැයි ඔහු පවසයි.
මෙම කිලිපොලායන ප්‍රතිචාරය ගාඩි වරිගයට මුහුන දීමට සිදුවන බිහිසුනු සිද්ධි මාලාවක් පෙර ඇඟවුම් කරයි; එය විජයා සහ ටිකිරි පමනක් ඉතිරි වන ඛේදවාචකයකි. මෙම දර්ශනය දෙමල ජනයාට සහ අනෙකුත් පීඩිත ස්ථරයන්ට එරෙහිව රටේ දේශපාලන ප්‍රභූන් විසින් මුදා හල ප්‍රචන්ඩ සංහාරයන් සිහිගන්වයි. මෙම ලේඛකයාට, එය 1983 දී සිංහල මැරයන් විසින් කොලඹ විසූ දෙමල ජනයාට එල්ල කල ම්ලේච්ඡ ප්‍රහාරයන් සිහිගැන්වීය.
චිත්‍රපටයේ අවසන් සිරැසිවල සඳහන් වන්නේ බ්‍රිතාන්‍යය මහනුවර ප්‍රභූවරුන්ට දුන් පොරොන්දු ප්‍රතික්ෂේප කර 1815 පෙබරවාරි 15 වන දින ලංකාව යටත් විජිතයක් බවට පත් කල බවයි. දශක කිහිපයකට පසු බ්‍රිතාන්‍යයන් කුලය මත පදනම් වූ රාජකාරි ක්‍රමය අහෝසි කල බව සහ සමාජයේ අනෙකුත් පහල ස්ථරයන් සමග ගාඩි ඒකාබද්ධ වූ බව අවසන් සිරැසි තුල සඳහන් ය. නමුත් චිත්‍රපටයෙන් පැහැදිලි වන පරිදි, විජයා සහ ටිකිරි යන දෙදෙනාම ඔවුන්ගේ කලින් කුල තරාතිරම් වලින් පිටුවහල් කරනු ලැබූ අතර, අවිනිශ්චිත අනාගතයකට මුහුන දෙති.
චිත්‍රපටිය අවසානයේදී, විජයා, තවත් යාර කිහිපයක් පසුපසින් සිටින ටිකිරි සමඟ, සුවිසල් නිම්නයක් ඈතින් දිස්වන දැවැන්ත ගල්කුලක් මත, එහි අද්දර සිටියි. ඔවුන් තම කුල භේදවලින් ඉහලට නැඟී සිටියද, දෙදෙනාට එක්ව දිවි ගෙවීමට නියමිත පහල ලෝකය, දරුනු සහ සමාව නොදෙන සමාජ බෙදීම්වලින් ඉරිතලා ඇති බව එය සංකේතාත්මකව ඉඟි කරයි.~~
සම්පූර්නයෙන් කියවන්න
https://www.wsws.org/si/articles/2023/09/04/fwyo-s04.html
#SriLanka #SriLankaProtests #SriLankanCrisis #SLK #Gadi #Gaadi