ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (ජාජබ), ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ රනශූරයන් ලෙස පෙනී සිටිමින්, හදිසි මහ මැතිවරනයක් සඳහා වන සිය උද්ඝෝෂනය තීව්‍ර කරමින් සිටී.
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක 2023 පෙබරවාරි 11 වන දින ජවිපෙ-ජාජබ විසින් කැඳවුම් කරන ලද විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ රැස්වීම අමතමින්. විශ්‍රාමික ඉහල හමුදා නිලධාරීහු සහ තාක්ෂනඥයෝ ජවිපෙ නායකයා පිටුපස අසුන්ගෙන සිටිති. [ඡායාරූපය: ලෝසවෙඅ]
ජාජබ සහ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) යන දෙකම උත්සාහ කරන්නේ, වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව නැගෙන මහජන විරෝධය ගසාකෑමට යි. සති දෙකකට පෙර, ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනතාවගේ අති මූලික ඡන්ද අයිතිය උල්ලංඝනය කරමින්, ආන්ඩුව පලාත් පාලන මැතිවරනය වැලැක්වීය.
ජාජබ සහ සජබ යන දෙකම මහ මැතිවරනයක් ඉල්ලා සිටින්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ඇති ඔවුන්ගේ ආදරය නිසා නොව, මාස අටකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බිඳ හෙලූ, කම්කරු පන්තියේ මහජන අරගල යලි පැනනැගීම වැලැක්වීමට වික්‍රමසිංහ පාලනයට නොහැකි වනු ඇතැයි, ඔවුන් බියපත්ව සිටින බැවිනි. ජාමූඅ විසින් නියම කරන ලද එම පියවරයන්ම ක්‍රියාවට නංවනුවස්, නැගී එන මහජන කෝපය පාර්ලිමේන්තු මැතිවරන දේශපාලනයට හා නව ධනේශ්වර ආන්ඩුවක් දෙසට අපසරනය කිරීමට පක්ෂ දෙකටම අවශ්‍ය වේ.
ජාජබ යනු, 2015 දී ජවිපෙ විසින් දියත් කරන ලද පාර්ලිමේන්තු පෙරමුනක් වන අතර, එය, ශාස්ත්‍රාලිකයන්, වෘත්තිකයන් සහ කුඩා ව්‍යාපාරිකයින් ස්ථරයක් ඇතුලු ඉහල මධ්‍යම පන්තික කොටස් වාත්තු කර සාදා ගත්තකි. 1983 ආරම්භකොට 26 වසරක් පුරා ගෙනගිය දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට සහ විවිධ ධනේශ්වර සභාග ආන්ඩුවලට සහාය දැක්වූ සහ ඒවාට සහභාගී වූ ජවිපෙහි අපකීර්තිමත් අතීතය වසන් කිරීමට මෙම සංවිධානය යොදා ගැනේ. අනුර කුමාර දිසානායක ජවිපෙ සහ ජාජබ යන දෙකේම නායකයා ලෙස ක්‍රියා කරයි.
ජාජබ, ජනවාරි මාසයේදී, ව්‍යාපාරික නියෝජිතයින් හමුවී තම පිලිවෙත් මගින් ඔවුන්ගේ ලාභ ඉහල නංවන ආකාරය පැහැදිලි කලේය. පසුගිය මාසයේ එය විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහ සොල්දාදුවන්ගේ සමුලුවක් පැවැත්වීය. ජාජබ බලයට පැමිනියහොත්, කම්කරුවන් හා දුගීන් මත පටවනු ඇත්තේ කවර ආකාරයේ නිර්දය ධනපති ගැති පාලන තන්ත්‍රයක් ද යන්න, මෙම සිද්ධීන් දෙකෙන් අනාවරනය වේ.
මහා ව්‍යාපාරිකයන් සඳහා පොරොන්දු
“ජාතික ආර්ථික සංසදය” නම් වූ ව්‍යාපාරික හමුවක් ජනවාරි 24 වැනිදා කොලඹ තරු හතරේ ගලධාරි හෝටලයේදී පැවැත්විනි. මහා ව්‍යාපාරික නියෝජිතයින්ගේ සිට කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් දක්වා 500 ක පමන පිරිසක් එයට සහභාගී වූහ.
රැස්වීමේ ප්‍රධාන අරමුන වූයේ තම පක්ෂය සහ එහි ආර්ථික ප්‍රතිපත්ති පි ලිබඳව “ව්‍යාපාරික ප්‍රජාවට ඇති කවර හෝ සැකයක් දුරු කිරීම” බව දිසානායක සහභාගීවූවන්ට පැවසීය.එසේ පැවසුවේ, සමාජවාදය සඳහා සටන් කරන බවට අතීතයේ සිටම ජවිපෙ විසින් කරන ලද ව්‍යාජ ප්‍රකාශ ඔහුගේ මතකයේ තිබූ හෙයිනි.
“ජනතාව අතර ආර්ථික ප්‍රතිලාභ සමානව බෙදා හැරීම” යන සංකල්පය “මනෝරාජික අදහසක්” බව ඔහු ප්‍රකාශ කලේය: “සමහරු කියනවා අපි බලයට ආවොත් ප්‍රධාන සංගත රාජසන්තක කරනවා කියලා. මේවා [කියාපෑම්] අමූලික බොරු.”
කොලඹ කේන්ද්‍ර කර ගත් නිෂ්පාදන ආර්ථිකය දුර බැහැර ප්‍රදේශවලට ව්‍යාප්ත කරන බවටත්, මෙම ප්‍රදේශවල ආයෝජකයින්ට නිසි යටිතල පහසුකම් සලසන බවටත් ඔහු සහභාගිවූවන්ට සහතික විය.
සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර ඇතුලු අනෙකුත් සියලුම ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට පුද්ගලික ආයෝජකයින්ට පූර්න අවස්ථා ලබා දෙමින්, “බලශක්ති සහ මූල්‍ය” අංශවල පමනක්, රජය නිරත වනු ඇතැයි ඔහු තවදුරටත් පැවසීය. වෙනත් වචන වලින් කිවහොත්, නිදහස් මහජන අධ්‍යාපනයේ සහ සෞඛ්‍යයේ ඉතිරිව ඇති දේ ද දංගෙඩිය මත තබනු ඇත.
“අපි කෙටි කාලයක් සඳහා අපගේ ජීවන රටාව වෙනස් කල යුතුයි,” යයි අවධාරනය කරමින් ඔහු මෙසේ පැවසීය, “අපට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය නම්, අපි එය කල යුතුමයි. වේදනාකාරී ක්‍රියාමාර්ග ගැනීමට අපට බල කෙරෙනු ඇති.”
දිසානායක මෙම “වේදනාකාරී ක්‍රියා” විස්තර නොකල නමුත් ඒවා දැන් වික්‍රමසිංහ ආන්ඩුව විසින් පනවනු ලබන ජාමූඅ පියවරයන්ම ය. මිනිසුන් 'වේදනාකාරී' පියවරයන් විඳදරාගත යුතු අතර තම ජීවන රටාව වෙනස් කල යුතුයයි වික්‍රමසිංහ භාවිතා කල වාක්‍ය ඔහු ද භාවිතා කලේය. මන්ද යත්, ධනවාදයට ආර්ථික අර්බුදය සඳහා ඇත්තේ එකම විසඳුමක් පමනි: එනම් වැඩකරන ජනතාව මත බර පැටවීම යි.
ඔක්තෝබර් 17 වන දින ස්වර්නවාහිනී රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවකට සහභාගි වූ දිසානායක, රට විදේශ නය ගෙවීම පැහැර හැර ඇති බැවින් “ජාමූඅ වෙත යාම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති” බව පැවසීය. 2008 දී ග්‍රීසියට බලපෑ ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා, 'දෛනික ආහාර පරිභෝජනය දිනකට බනිස්ගෙඩි දෙකකට' සීමා කිරීම ඇතුලු 'වේදනාකාරී' පියවරයන් අවශ්‍ය කෙරුනු බව ඔහු වෙනත් සාකච්ඡා මන්ඩපයක දී පැවසීය.
දිසානායක, ජාතික ආර්ථික සංසදයට සහභාගිවූවන්ට මෙසේ සහතික විය: “'අපව මේ අර්බුදයෙන් ගලවා ගන්න' යැයි පවසමින් ජනතාව නව ආන්ඩුවක් බලයට පත් කරන්නේ නම්, ජනතාව එවැනි ආන්ඩුවකට යම් කාලයක් ලබා දෙනු ඇති. එවැනි තත්වයක් තුල අපට අපේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කල හැකියි!”
කෙසේ වෙතත්, ජාමූඅ විසින් නියම කරන ලද දරාගත නොහැකි පිලිවෙත් වලට එරෙහිව කම්කරුවන් සහ දුගීන් අනිවාර්යයෙන්ම අරගලයට එනු ඇත. ඕනෑම ධනේශ්වර ආන්ඩුවක් මෙන් ම , ජාජබ පාලන තන්ත්‍රයක් ද, වෘත්තීය සමිති උපකරනයන් ද පොලිසිය සහ මිලිටරිය ද මුදා හරිමින් මෙම අරගල යටපත් කිරීමට උත්සාහ කරනු ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ මූල හේතුව රටේ “දේශපාලන සංස්කෘතිය” බවත්, එය අනුප්‍රාප්තික ආන්ඩු යටතේ, දූෂනය, වංචාව, මිත්‍ර සංග්‍රහය සහ නාස්තියෙන් ඇලලී ඇති බවත් දිසානායක රැස්වීමට පැවසුවේ ය. මෙය තුරන් කරන, දූෂනයෙන් තොර පිරිසිදු මිනිසුන්ගෙන් ජාජබ සමන්විත බවට ඔහු තර්ක කලේය.