වාග්නර් ගෲප් නම් වූ හමුදා සමාගමේ හිමිකරු එව්ගෙනි ප්‍රිගොෂින් [ඒපී ඡායාරූප] [AP Photo]
රුසියානු වාග්නර් කුලී හේවා බලකායේ ප්‍රධානියා වූ එව්ගෙනි ප්‍රිගොෂින් නායකත්වය දුන් කුමන්ත්රන ප්රයත්නයක්, එරට වේලාවෙන් සෙනසුරාදා සවස් වරුවේ, බිඳ වැටුනි. බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ගේ මැදිහත්වීමෙන් සිදු කෙරුනු ගිවිසුමකට අනුව ප්‍රිගොෂින් එදිනම රුසියාව හැරපියා ගොස් ඇති අතර, රුසියානු රහස් ඔත්තු සේවය (එෆ්එස්බී) වාග්නර් නායකයාට එරෙහිව ආරම්භ කරන ලද කැරලි විමර්ශනය ද අත්හැර දමා ඇත. ආරක්ෂක අමාත්‍ය ෂොයිගු සහ මාන්ඩලික ප්රධානිත්වයේ සභාපති වැලරි ජෙරසිමොව් ඉවත් කිරීමත්, වාග්නර් ගෲප් මිලිටරි සමාගම අප්‍රිකාව තුල යලි ස්ථානගත කිරීමත් මෙම ගිවිසුමට ඇතුලත් බවට තහවුරු නොකල වාර්තා පවතී.
ප්‍රිගොෂින්, එරට වේලාවෙන් සිකුරාදා සවස, ඔහුගේ කුමන්ත්රනය ආරම්භ කලේ, විනාඩි 30 ක වීඩියෝ පටයකින් රුසියාවේ මිලිටරි නායකත්වයට එරෙහිව තර්ජනය කරමිනි. ඔහු රුසියානු පාලක පන්තිය තුල සිටින නැටෝ ගැති කන්ඩායමට සෘජු ආයාචනයක් කලේය. සති කිහිපයකට පෙර, නැටෝවෙන් එල්ල වන තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා මහජන බලමුලු ගැන්වීමක් සහ යුද ආර්ථිකයකට පූර්න හැරීමක් ඉල්ලා සිටි ප්‍රිගොෂින්, “යුක්රේනයේ සන්නද්ධ හමුදා නැටෝව සමඟ එක්ව රුසියාවට පහර දීමට සූදානම් වෙමින් සිටියේ නැතැ” යි මෙහිද පැවසීය.
සෙනසුරාදා උදෑසන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රූපවාහිනියේ පෙනී සිටිමින්, නැටෝව වෙනුවෙන් ක්‍රියා කරන බවට ප්‍රිගොෂින්ට චෝදනා කල මුත් එහිදී ඔහුගේ නම සඳහන් නොකලේය. “අද රුසියාව, නව නාසිවාදීන්ගේ සහ ඔවුන්ගේ අනුග්රාහකයන්ගේ ආක්රමනයන් වලක්වමින් එහි අනාගතය වෙනුවෙන් දැඩි අරගලයක නිරතව සිටියි. බටහිරෙහි සමස්ත යුදමය, ආර්ථිකමය සහ තොරතුරුමය යාන්ත්‍රනය අපට එරෙහිව යොමු කර ඇතැ” යි පුටින් ප්‍රකාශ කලේය.
පසුව සෙනසුරාදා සවස, වාග්නර් භටයන් රොස්තොව්-ඔන්-දොන් සහ මොස්කව්හි තදාසන්න ප්‍රදේශ අත්පත් කර ගැනීමත් සමඟ, ප්‍රිගොෂින් ඔවුන් පසු බසින බව නිවේදනය කලේය. ඔහුගේ හදිසි පසුබැසීම පැහැදිලිවම පෙන්නුම් කරන්නේ, සාර්ථක කුමන්ත්රනයක් සඳහා බලාපොරොත්තු වූ මට්ටමේ සහයෝගයක් ලබා ගැනීමට ඔහු අසමත් වූ බවයි.
ප්‍රිගොෂින් ට තම කුමන්ත්රනය දියත් කිරීමට තුඩුදුන් හේතුව කුමක්ද? පලමුව, රුසියානු රාජ්‍යය හා මිලිටරි යන්ත්‍රය සමග ඔහුගේ වර්ධනය වන ගැටුම් උච්ඡයකට පැමිනි බව පැහැදිලිය. කුමන්ත්රන ප්රයත්නයට පෙරාතුව ප්‍රිගොෂින්, ආරක්ෂක අමාත්‍ය ෂොයිගු දැඩි ලෙස හෙලා දකිමින්, යුද්ධය ප්‍රමානවත් තරම් ආක්රමනශීලී ලෙස ගෙන නොගිය බවට ඔහුට චෝදනා කලේය. වාග්නර් සඳහා අරමුදල් සැලකිය යුතු ලෙස කපා හැරීමට නියමිත බව වාර්තා වී ඇත. වාග්නර්, හමුදා නායකත්වයේ පාලනයට යටත් කල යුතු බවට මේ මස මුලදී පුටින් කල ඉල්ලීම ප්‍රිගොෂින් ප්‍රතික්ෂේප කලේය.
(හමුදාවට) ගරු නොකරන මෙම උද්ධච්ඡ මැරයාට පුටින් ලබාදුන් දිගුකාලීන අනුග්රහයන් සම්බන්ධයෙන් හමුදාව කලකිරී සිටි බවට සාක්ෂි පවතී. යුක්රේනය තුල ඔහුගේ මෙහෙයුම්, සීමිත ප්‍රමානයකට ප්‍රයෝජනවත් වුවද, යුද්ධය තුලදී, පුහුනුව ලත් නිලධාරීන්ගේ වෘත්තීය හැසිරවීම් වලට ද බාධාකාරී වී තිබේ. ප්‍රිගොෂින්, තමාට එරෙහි ක්‍රියාමාර්ගයන් පූර්වභංග කිරීම සඳහා කුමන්ත්රනයට උත්සාහ කල බව, කෙනෙකුට හේතු සහිතව අනුමාන කල හැක.
දෙවනුව, පසුගිය පැය 24 සිට 36 දක්වා සිදුවීම් වලදී නැටෝව නිෂ්ක්‍රීය නරඹන්නෙකු වූ බව විශ්වාස කිරීම, දේශපාලන අමනකමේ උච්ඡය වනු ඇත. එය නිසැකව ම ප්‍රිගොෂින් සහ රුසියානු හමුදාව අතර උග්‍ර වන වාග් සංග්‍රාමය ගැන දැඩි සැලකිල්ලෙන් සිට ඇති බවත්, ඔහු සමඟ සම්බන්ධතා ඇති කර ගත් බවත් උපකල්පනය කල හැකිය. කුමන්ත්රනය දියත් කිරීමේදී, ප්‍රිගොෂින් විසින් ප්‍රකාශයට පත් කරන ලද නැටෝ-ගැති බව යුක්තියුක්ත කිරීම සඳහා වෙනත් විශ්වසනීය පැහැදිලි කිරීමක් නොමැත.
දැන් ක්‍රියාත්මකවන ලෙස ප්‍රිගොෂින්ගෙන් ඉල්ලා සිටිනුවස්, ඔහුගේ නැටෝ සම්බන්ධතා හොඳ හේතුවක් විය හැකිව තිබුනි. නැටෝ පිටුබලයෙන් යුක්රේනය එල්ල කල ප්‍රති-ප්‍රහාරයෙන් සති තුනකටත් අඩු කාලයකදී කුමන්ත්රනය දියත් විය. ඩොලර් බිලියන ගනනක් වැය කරමින් සූදානම් කල මෙම ප්‍රතිප්‍රහාරය, මේතාක් දුරට පරාජයක් බව ඔප්පු වී ඇත. සෑම දිනකම දහස් ගනන් යුක්රේන සොල්දාදුවන් මිය යන අතර අත්පත් කර ගෙන ඇත්තේ ගම් කිහිපයක් පමනි. යන්තම් තවත් සති දෙකකින්, නැටෝව විල්නියස් හි ප්‍රධාන සමුලුවක් පවත්වනු ඇත. කුමන්ත්රන ප්රයත්නය තෙක්ම, යුක්රේනයේ මිලිටරි පරාජයන් එම සමුලුව තුල ආධිපත්‍යය දැරීමට තර්ජනය කරමින් තිබුනි.
බයිඩන් පරිපාලනය සහ එහි නැටෝ සහචරයින් ගනන් බැලුවේ, කුමන්ත්රන ප්රයත්නයක්, සාර්ථක නොවූවත්, පාලන තන්ත්රය අස්ථාවර කර එහි මිලිටරි මෙහෙයුම් වලට වල කපනු ඇති බවටයි. කෙසේ වෙතත්, කුමන්ත්රන ප්රයත්නය විසින් මාධ්‍ය ප්‍රබන්ධය, අසාර්ථක යුක්රේන ප්‍රති-ප්‍රහාරයෙන් ඉවතට හරවා අසාර්ථක වෙමින් පවත්නා පුටින් තන්ත්රය වෙත ගෙන ගොස් ඇත.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉහල මට්ටමේ නියෝජිතයින්ගේ, සෙලෙන්ස්කි තන්ත්රයේ සහ රුසියානු කතිපයාධිකාරය තුල නැටෝ-ගැති කොටස්වල ක්ෂනික ප්රතිචාරයන්, කුමන්ත්රනය ඔවුන් පුදුමයට පත්කල කරුනක් නොවූ බව පැහැදිලි කරයි.
දශකයකට වැඩි කාලයක් තිස්සේ රුසියාවට එරෙහි යුද්ධය සඳහා එක්සත් ජනපද සූදානමේ ප්‍රධාන චරිතයක් වූ, එක්සත් ජනපද හමුදාවේ ලුතිනන් කර්නල් ඇලෙක්සැන්ඩර් වින්ඩ්මන් සිකුරාදා සවස ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් මෙසේ පැවසීය: “යුක්රේනයේ යුද්ධය සිදු වන්නේ කෙසේදැයි කුතුහලයෙන් සිටි සියල්ලන්ටම කිව යුත්තේ, රුසියාව තුල කැරැල්ලක් යසට සිදු වෙමින් පවතින බව යි.” නැටෝව සිය ගුවන් ආරක්ෂක කලාපය “යුක්රේනය තුලට සැතපුම් 100ක්” දිගු කිරීමට මෙම අවස්ථාව භාවිතා කලයුතු බව, කුමන්ත්රනය සිදුවීමත් සමගම ඔහු යෝජනා කලේය.
එක්සත් ජනපදයේ ප්‍රමුඛතම සීඅයිඒ ඩිමොක්රටිකයෙකු වන කොංග්රස් සභික එලිසා ස්ලොට්කින් මෙසේ ට්වීට් කලාය: “මෙම අදියරේ දී එක්සත් ජනපදයේ ස්ථාවරය විය යුත්තේ, සිදුවීම් සමීපව නිරීක්ෂනය කිරීම, යුධ පිටියේ සියලු අවස්ථාවන් ප්‍රයෝජනයට ගැනීමට අපගේ යුක්රේන සහචරයින්ට සහාය වීම සහ ඉතිහාසයේ මෙවන් අනපේක්ෂිත මොහොතක නම්‍යශීලීව සහ අවදියෙන් සිටීමයි.' යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි ද ප්‍රිගොෂින් ගේ කුමන්ත්රන උත්සාහයට සහය පල කලේය.
.
